ඔබ දකින්න ඇති අපි පළකරපු ආදරය කල ඉංග්‍රීසි වැඩසටහන් ගැන ලිපිය. හැබැයි අපි ඒ කාලේ බැලුවෙ නාට්‍ය විතරක් නෙමයි නේ. නැගල ගිය ඉංග්‍රීසි කාටුන් ගොඩකුත් තිබුණනේ. මෙන්න ඒවායින් කිහිපයක්. බලන්න මතකද කියල. ලේසියෙන් මතක් වෙන්නත් එක්ක ඔන්න අපි තේමා ගීත ටිකත් එකතු කලා.
Saber Rider & The Star Sheriffs
ඇමරිකන් කව්බෝයි කෙනෙකුයි, බ්‍රිතාන්‍ය නයිට් වරයෙකුයි, ජපන් ධාවන ශුරයෙකුයි එකතු කරල යෝධ රොබෝ කෙනෙකුත් එක්ක අභ්‍යවකාශයට දැම්මම මෙන්න මේ සුපිරි කාටුන් එක තමයි ලැබෙන්නෙ. මේක හුඟක් දෙනෙකුගේ ප්‍රියතම කාටුනයක් බවට පත්වුණා. රටවල් කිහිපයකින්ම චරිත, මවිත වෙන අභ්‍යවකාශ ගැටුම් විතරක් නෙමයි ට්රාන්ස්ෆෝමර්ස්ලගේ ඔප්ටිමස් ප්‍රයිම් ගේ කටහඬ වුණ පීටර් කලන් තමයි මේකේ යෝධ රොබෝ රැම්රොඩ්ට පණ දෙන්නෙ.
X-Men
කොහොමද ඒ තේමා ගීතය? දැන් ආපු X-Men චිත්‍රපට නරකම නෑ තමයි, ඒත් ඒවා එකක් වත් මේ කාටුන් එක තරං හොඳ නෑ. X-Men ලෝකෙ චරිත ඔක්කොම වගේ කාටුන් එක හරහා පුංචි තිරයට ගෙන්න මේකට හැකිවුනා. ඒ වගේම මෙච්චර හොඳ තිර රචනයක් සාමාන්‍ය නාට්‍යයකින් වුනත් අදටත් හොයන්න අමාරුයි.
SilverHawks
රිදී උකුස්සෝ කිව්වම ටිකක් අවුල් වුනාට සිල්වර්හෝක්ස් කිව්වොත් නං ඔයගොල්ලොන්ට මතක් වෙන්න ඕනේ. අර තේමා ගීතයත් පට්ට නේද? රිදී පාට, අභ්‍යවකාශයේ අත්තටු වලින් පියාඹන, මනුස්ස පොලිස් කණ්ඩායමක් ගැන කියවුන මේ කතාවත් හුඟක් ප්‍රසිද්ධ වුණා. මේ ගොල්ලෝ යෝධ දැල්ලෙක්ගෙ පිට උඩ නැගල යන යකෙක්ගෙ මැර කල්ලියට විරුද්ධ වෙනහැටි බලන්න ආසයි.
Thundercats
ඒ කාලේ ගිය ඉංග්‍රීසි කාටුන් වලින් ප්‍රසිද්ධම වෙන්න ඇත්තේ තන්ඩර්කැට්ස් වෙන්න ඕනේ. තමන් උපන් ග්‍රහලෝකෙ විනාස වුනාට පස්සෙ වෙනත් ග්‍රහලෝකෙක අතරමං වුණ මේ පූස් මිනිසුන්ගේ කතාව කාගෙත් සිත්ගත්තා. මේකෙ නැවත උපුටාගැනීමක් ලඟදි කරන්න හැදුවට ඒක මගදී නැවතුණා. සමහර විට පරණ එක තරම් ගතියක් තිබ්බෙ නැති හින්ද වෙන්නැති.
G.I.Joe
ජී.අයි.ජෝ. සෙල්ලම් බඩු මෙහෙත් තිබුණා. අර පුංචි ප්ලාස්ටික් සොල්දාදුවෝ? මේකේ නං ඇමරිකන් ගතිය අරින්නම බැහැ. එන්නෙම නියම ඇමරිකන් වීරයා කියල කියාගෙනම නේ. හැබැයි කෝබ්රා ත්රස්තවදියොන්ට එරෙහිව ඒ අය සටන් කරන හැටි අපිත් ආසාවෙන් බැලුවා.
King Arthur & The Knights of Justice
ආතර් රජ්ජුරුවන්ගේ කතාවට අලුත් අර්ථකතනයක් දීල පෙන්නුවෙ මේකේ තමයි. ආදී එංගලන්තෙ වුණාට මරු ගැජමැටික් කෑලි තියෙන කඩු කිනිසි වලින් ගහගන්න මේ නයිට්වරු ටික බලන්න බලන්න ආස හිතෙනවා.
Batman / Superman Animated Series
1995දී ආපු බැට්මෑන් කාටුනය කාටුන් කලාවේ අග්‍රගන්‍ය සන්ධිස්ථානයක් ලෙස හඳුන්වනවා. එළිය වෙනුවට අඳුරෙන් සහ හෙවනැල්ලෙන් බැට්මෑන්ගෙ චරිතය වගේම, ලොකු පොඩි කාටත් රසවිඳින්න පුළුවන් වෙන විදියට කථා හදල තිබුණා. ඒක අදටත් ඩී.සී. සමාගමෙන් ආපු හොඳම කාටුනය කියල හඳුන්වනවා. ඊට අනුරූප සුපර්මෑන් ගේ කාටුන් මාලාවත් හොඳින් පිළිගැනීමකට ලක් වුණා.
Biker Mice From Mars
බයික් පිස්සුවක් තිබුන ළමයින්ට නං මේක කියාපු කාටුන් එක. ඇත්ත, බයික් පදින්නේ මීයෝ. එ්ත් ඒ සුපිරි මීයෝ. අනික මීයෝ වගේද බයික් වල දාපු වැඩ.
Street Sharks
බාගෙට මනුස්ස, බාගෙට මෝරු වෙච්ච සහෝදරයෝ හතර දෙනෙක්ගේ කතාවක් තමයි මේක. මේක ඉවර වෙනකං පෙන්නුවෙ නැහැ මගේ හිතේ. ඒ වුණාට හුඟක් අයට අමතක වෙන්නෙත් නැහැ.
JEM
වැඩිය ගෑණු ළමයි ගැන හිතල හදපු කාටුනයක් වුණාට කොල්ලෝ හුඟක් දෙනෙකුත් ජෙම් බැලුව කියල අපි දන්නවා. කතාව තියෙන්නෙ පොඩි සංගීත සමාගමක් දුවන ජෙරිකා බෙන්ටන් ඒ සමාගමත්, ස්ටාර්ලයිට් අනාථ දරු නිවාසයත් බලාගන්න අතරම ජෙම් කියන අනුවර්ත නාමයෙන් සංගීත තරුවක් වෙන හැටි. ඔය ලඟදි ආපු මෙගා නාට්‍ය වල වගේ නෙමෙයි, මේකේ මහන්සි වෙලා හරි දේ වෙනුවෙන් වැඩ කරන හැටි ගැන ආදර්ශ හුඟක් ගන්න තිබුණා. මේකෙ නම විකුණලා ලඟදි හදපු චිත්‍රපටිය නං බලන්න එපා. එ්ක අන්තිමයි.
Dinosaucers
පියාඹන පීරිසි වලින් ආපු අධිතාක්ෂණික ඩයිනසෝර්වරු. මේකේ අකමැති වෙන්න දෙයක් තිබුනෙම නැති තරම්. මේ වගේම තවත් කාටුන් එකක් ආවා මේ කාලේ Dinoriders කියල. හැබැයි එකේ මිනිස්සු තමයි අධිතාක්ෂණික.
Teenage Mutant Ninja Turtles
රජ ඉබ්බෝ කියල කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැතුව ඇති. හැබැයි රජ ඉබ්බෝ කියල ආවේ නින්ජා ටර්ට්ල්ස් ල. (ඒ කියන්නේ ඒගොල්ලෝ ඉබ්බොත් නෙමෙයි, කැස්බෑවෝ) දැන් මේකේ අලුත් එකක් යනවා අන්තර්ජාලයේ.
Captain Planet
90 දශකයේ ළමයින්ට පරිසරය ආරක්ෂා කරන්න උනන්දු කරවන්න ගත්ත උත්සහයක් තමයි මේ කාටුන් එක. සොබාදහමේ බලයන් පහක් ලෝකෙ වටෙන් ආපු ළමයි පස්දෙනෙකුට දෙනවා. ඒ ගොල්ලෝ ඒවායින් පරිසර දූෂකයින් නවත්තන්න හදනවා. ඒගොල්ලොන්ට බැරිවුණාම බල පහම එකතු කරලා කැප්ටන් ප්ලැනට්ට එන්න කියනවා.
M.A.S.K
MASK හැදුවේ ජී.අයි.ජෝ. වලට කැමති කට්ටියයි ට්රාන්ස්ෆොර්මර්ස්ලට කැමති අයයි දෙගොල්ලොම අල්ලගන්න. ජී.අයි.ජෝ. වගේ හමුදාවක් වෙනස් වෙන වාහන වලින් සතුරන් පරදන කතාවක් තමයි මේකේ ගියේ.
Denver The Last Dinosaur
20 වෙනි ශතවර්ෂයේ ළමයි වගයක් ඩයිනසෝර් බිත්තරයක් හොයාගන්නවා විතරක් නෙමයි ඒක රැකලා ඩයිනසෝර් කෙනෙක්ව එළියට ගන්නවා. ඒ ඩයිනසෝර්ට ඩෙන්වර් කියන නම දීලා තවත් ළමයෙක්ට වගේ සලකනවා.
මේ කාටුන් දෙකම එක වගේ විතරක් නෙමයි එකම කාලේ ගියේ. එකක ගල් වලින් කොටපු භූත රුප වලට පණ එනවා. අනිත් එකේ ඊජිප්තු මමී වරුන්ට පණ එනවා.
තව කාටුන් ගොඩක් තියෙනවා. වොල්ට්රෝන්, ස්වොට් කැට්ස් වගේ. ඔක්කොම ඉතින් දාන්න අමාරුයි. එත් ඔයගොල්ල ආස කරපු එකක් අපි මෙතන දැම්මේ නැත්තං පල්ලෙහා කමෙන්ට් කරලා අපිට කියන්න.