'සිනහවෙන් තරුණ බව රැකෙනව' කියල කියමනක් අහල ඇතිනේ. අන්න ඒ කියමන සනාථ කරන්න මෑත යුගයෙන් උදාහරණයක් දෙනව නම් දෙපාරක් හිතන්නෙ නැතුව ' විජය නන්දසිරි' නම කියන්න පුළුවන්. එදා නරිබෑනා නාට්‍යයෙත් අද සිකුරු හතේ චිත්‍රපටයෙත් අපි දැක්කෙ එකම හැඩහුරුවකින් එන මූණක්. ඒ මූණත් එක්ක ආපු දෙබස්, රඟපෑම් අපේ නෙත් සිත් පිනවපු අපූරුව!
හ්ම්ම්… හොඳ හුස්මක් පහත හෙලන ගමන්ම කතාවට මුල පුරන්නම්කො. වෙන දෙයක් නිසා නෙවෙයි ඒ අසම සම නළුවා අපි අතරින් වෙන් වෙලා යන ගමන් ලාංකීය රංගන වේදිකාවෙ ඇති කරපු හිඩස ගැන මතක් වෙද්දි ඇති වෙන දුක නිසා.
විජය නන්දසිරි මහත්තය ඉපදුණේ 1944 මැයි 6 වෙනිදා. ඉස්කෝලෙ ගියේ මහරගම විද්‍යාකර විද්‍යාලයට. හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ කියන්න වගේ ඉස්කෝලෙ කාලෙදිම වේදිකා නාට්‍ය රංගනයට යොමුවෙන විජය නන්දසිරි තරුණයා, අවුරුදු 22 වෙද්දි ඒ කියන්නෙ 1966දි අමරදාස ගුණවර්ධන ශූරීන්ගෙ 'විදුර දිව' වේදිකා නාට්‍යයෙන් තමයි තමන්ගෙ ප්‍රසිද්ධ වේදිකා රංගන ජීවිතය පටන් ගන්නෙ. එතනින් පස්සෙ 'නරි බෑනා' වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙන මේ තරුණයට 'ජසයා සහ ලෙංචිනා' නාට්‍යයේ රඟපාන්න එද්දි 'සුදු අයියා' කියන ආදර නමක් පට බැඳෙන්නෙ ක්ෂේත්‍රෙය් ගොඩ දෙනෙක් එක්ක තිබුණු ලෙන්ගතු කම නිසාවෙන්මයි.
ඔය කාලෙදිම තමයි, තමන්ගෙ ගත මනාව හොයා ගැනීමේ උවමනාවට විජය නන්දසිරි මහත්තය කටුනායක ගුවන් තොටුපලේ කේටරින් ඔෆිසර් කෙනෙක් විදියට වැඩට යන්නෙ. හැබැයි 1976 නෑදෑයෝ චිත්‍රපටයෙ දක්වපු දක්ෂ රංගනයෙන් පස්සෙ නම් මෙතුමාට තවදුරටත් රස්සාව කරන්න උවමනාවක් වුනේ නෑ. මතක ඇතිනේ 'සැනසුම් සුසුමන් පාවීලා' සිංදුවත් එක්ක ආපු අන්ධයකුගේ රංගනය. එතනින් පස්සෙ එතුමා රඟපාපු මගේ අම්මා, බංගලි වළලු, යස ඉසුරු, රේල්පාර, බහු බූතයෝ, සසර, සඳකඩ පහන, පිස්සු ඩබල්, පිස්සු ත්‍රිබල්, ලෙෆ්ට් රයිට් සර්, සිකුරු හතේ, සර් ලාස්ට් චාන්ස්, මගෝ ඩිගෝ ඩයි, කිං හන්තර්, සක්විති දඩයම, කෝ මාර්ක් නෝ මාර්ක් වගේ චිත්‍රපට අතරින් ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ සිකුරු හතේ චිත්‍රපටය. ඒ, විජය මහත්තය රඟපාපු මගුල් කපුවකුගේ විකට චරිතය නිසා.
කොහොම වුනත් විජය මහත්තයගෙ වේදිකා නාට්‍ය ගැන තමයි වැඩි හරියක්ම කතා කරන්න ඕන. මොකද එතුමා වේදිකා නාට්‍ය නළුවවෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක්නෙ. විදුර දිවෙන් පස්සෙ නරි බෑනා, ජසයා සහ ලෙන්චිනා, සිංහබාහු වගේ වේදිකා නාට්‍ය වල අසම සම අයුරින් රංගනයෙන් දායක වුනු මෙතුමා 1971 අවුරුද්දෙදි රන් කන්ද වේදිකා නාට්‍යය හරහා ජනාදරයට පත්වෙන්නෙ 'විජේ අයියා' ආදර නමත් පට බැඳගෙනමයි. ඒ අපූරු රංගනය දැකපු සරත්චන්ද්‍ර මහත්තය, එතුමාගෙ මනමේ නාට්‍යයේ රඟපාන්න එන්න කියල විජේ අයියට ආරාධනා කරන්නෙ අවුරුද්දක් ගත වෙන්නත් කලින්.
1972දි මනමේ නාට්‍යයේ මනමේ කුමරුගෙ චරිතයට පණ පොවමින් තමන්ගෙ තමන්ගෙ වේදිකා නාට්‍ය රංගන ජීවිතයෙත් ස්වර්ණමය යුගයට ගෙනියපු විජය මහත්තය මාහාසාර, රත්නාවලී, සුබ සහ යස, නරියා සහ කේජු කෑල්ල, ඒකාධිපති, තාරාවෝ ඉගිලෙති, කුවේණි, හුණු වටයේ කතාව, වෘෂභ රාජ, කුස පබාවතී, බල්ලොත් එක්ක බෑ, දෙවියොත් දන්නෙ නෑ වගේ වේදිකා නාට්‍ය වල දක්වන රංගනයන් සදා අමරණීයයි කියන එකත් නිසැකවම කියන්න ඕන.
ඒ හැරුණාම බක්මහ අකුණු, තහංචි, බක තපස්, කෝන්තරය, වහලක් නැති ගෙයක්, සැරදේ සිනා, බැද්දේ ගෝරනාඩුව කියන්නෙ නන්දසිරි මහත්තය රංගනයෙන් දායක වුනු තවත් සම්භාව්‍යගනයේ වේදිකා නාට්‍ය කීපයක්.
විජය මහත්තයගෙ ටෙලිනාට්‍ය රංගන දිවිය ඇරඹෙන්නෙ 1986දි විකාශය වුනු ගමන ටෙලිනාට්‍යයෙන්. ඒ වුනාට එතුමගෙ ප්‍රසිද්ධියට පාදක වුනේ නෝනාවරුනි මහත්වරුනි ටෙලිනාට්‍යයේ ප්‍රේම් චරිතය. එතනින් පස්සෙ තමයි යර්ස් බොස්, එතුමා, මෙතුමා, යර්ස් මැඩම්, එෆ්. එම්. වාසුළි, සට කපට, සිංහල ක්ලාස් වගේ ටෙලි නාට්‍ය වලට විජය මහත්තය විකට චරිත රංගනයෙන් දායක වුනේ.
ලංකාවෙ පළමු ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය විදියට රඟපාපු දේවිකා මිහිරානි මහත්මියව විජය මහත්තයට මුණ ගැහෙන්නෙ සුදර්ශී දෘෂ්‍ය කලා ආයතනයෙදි. ඒ හමුවීම සුන්දර යුග දිවියකට එළඹීමක් විදියට සනිටුහන් කරපු මේ නළු නිළි යුවල එක්ව කල රංගනයක් විදියට තමයි සුභ සහ යස වේදිකා නාට්‍යය කල එළි බහින්නෙ.
කොහොම වුනත් මේ විදියේ අපූරු රංගන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ විජය නන්දසිරි රංගධරයා අප අතරින් වෙන්ව යන්නෙ අදට දවසකට කලින් වුනත්, අදත් හෙටත් අනාගතයටත් අපිට ඔහු ගැන කතා බහ කරන්න නම් ඕන තරම් දේවල් තියෙනව. ඒත් පොඩ්ඩක් නවතින්න, ඊට කලින් අපි විජය නන්දසිරි මහත්තයගෙ රංගන මතකයන් ආවර්ජනයක යෙදෙමුද?