ලංකා කොමික් කොන් එක දැන් ළඟ ළඟම එනවා. කට්ටිය දැන් හනි හනිකට යාළුවො සෙට් කරගෙන, කොමික් ඇඳුම් හදාගෙන, කොමික් පොත්, කාටුන් හෙම ආයෙත් බලල මේකට එන්න දැන් මහන්සි වෙනවා ඇති නේ? ගිහිල්ල හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙයි කියල අපිත් හිතනවා.
කොමික් කොන් කියන්නේ මොකද්ද කියල දන්නේ නැද්ද? හයියෝ, කොහෙද මෙච්චර කල් හිටියෙ? එහෙනං පොඩ්ඩක් ඉන්නකෝ අපි දැන් විස්තර කරල දෙන්නං. ලංකා කොමික් කොන් එක කියන්නේ ලාංකීය ”ගීක්” සංස්කෘතියේ උත්සවයක්. සාමාන්‍යයෙන් ගීක් සංස්කෘතිය කිව්වම අපිට මතක් වෙන්නෙ බටහිර ගීක් සංස්කෘතියයි. ඒ කියන්නේ ඔය විද්‍යා ප්‍රබන්ධ, මායා කථා, ඩීසී මාවල් කථා වගේ ඒවා. නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. ඒ සංස්කෘතියේ ලාංකික ලෝලීන් පමණක් නෙමෙයි, ඒ ආරෙට ලංකාවෙන් ආපු ලාංකික නිර්මාණ පවා ඔබට මෙහෙ බලාගන්න පුළුවන්. www.lankacomiccon.lk වෙත ගිහිල්ල ටිකක් විස්තර බලන්නකෝ.
හැබැයි මෙතන අපි කියන්නේ කොමික් කොන් එක ගැන නෙමෙයි. කොමික් කොන් එක තියෙන්නෙ කලාගාරයකනේ. කලාගාරේ බඩගිනි වුණාම කලා කෘති කන්නද? ඉතින් මෙන්න කොමික් කොන් එක තියෙන ජේ.ඩි.ඒ. කලාගාරය අවට කන්න බොන්න හොඳ තැන්.
ජේ.ඩි.ඒ. කලාගාරයට අල්ලපු වැටේම වගේ තියෙන කැෆේ කුඹුක් එක අපිට සැහෙන්න අල්ලලා ගියා. දේශීය අමුද්‍රව්‍යවලින් රස ගුණ ආහාර මේගොල්ලෝ හදනවා. දේශීය අමුද්‍රව්‍ය වුනාට ඔබ නොහිතපු විදියට වෙන්න පුළුවන් ඒවා පාවිච්චි කරල තියෙන්නෙ. කොහොම වුනත් කෑම රසයි. කාලම බලන්න. ටිකක් කලබලෙන් මිදිලා සැහැල්ලුවෙන් සනීපෙන් ඉන්න නියම තැනක්. හැබැයි හවස පහට මෙතන වහනවා.
තැන ළඟදි හදල ගත්තට පස්සෙ ලස්සනයි. විශේෂයෙන් උඩ තට්ටුවේ එළිමහන් කෑල්ල මරු. හැබැයි බාධාවක් වෙන්න තියා උන්නද මළාද කියල බලන්න වත් කඩේ සේවකයෝ එන්නෙ නැහැ. ගානත් ටිකක් සැරයි.
ඩෝනට්ස්වලට විශේෂිත තැනකට තාම තියෙන්නෙ ගෝනට්ස් එක විතරයි. දැන් මෙතන පැණිරස ඩෝනට් විතරක් නෙමෙයි මිරිසට හදපු ඩෝනට් ආරේ කෑමත් තියෙනවා. කාලෙකට ඉස්සර හැමෝම ඒ ගොල්ලෝ ගැන කතාවෙච්ච හැටි මතකනේ? ඒ කාලේ තරම් හොඳ නැතිවුනත්, ගණන් අඩු නැතිවුණත්, තාම මෙතනට ගියාට පාඩුවක් නැහැ.
බාන්ස්බරි එක සැප පහසුව, නිස්කලංකව කල් ගත කරන්න පුළුවන් තැනක්. පිටිපස්සේ තියෙන එළිමහන් ගෙවත්තට තමයි අපේ වැඩි කැමැත්ත. හොඳ චැටක් දාගෙන අත පය දිගෑරල ඉන්න පුළුවන්. අවාසනාවකට කෑමවල විශේෂ හොඳක් නං කියන්න බැහැ.
ටී ඇවනිව් ලස්සනට සකස් කරලා තියෙන කැෆේ එකක්. කෑම නං සාමාන්‍යයෙන් කැෆේවල හම්බවෙන කෑම තමයි. ඒත් මෙතන වැදගත් වෙන්නේ ගෘහ නිර්මාණයයි. ටී ඇවනිව් සැලසුම් කරලා තියෙන විදියට යාළුවො ඔක්කොම එක්ක චැටක් දාන්න හරි, තනියෙන් කොමික් පොතක් කියවන්න හරි, අවශ්‍යතාවයට සරිලන විදියට හදල තියෙන තැනක් කඩේ කොහේ හරි තියෙනවා.
කොකෝ වැරැන්ඩා කියන්නේ දැන් සෑහෙන කාලයක් තිස්සේ කොළඹ කෝපි කැෆේ අතර ජනප්‍රියතාව රැකගෙන ඉන්න තැනක්. ඉස්සරම තරං මෙතන දැන් හොඳ නැහැ අපි දැකපු විදියට. ඒ වුනාට කෑමේ බිමේ වැඩි නරකක් නැහැ. හැබැයි ටිකක් විතර සාක්කුවට වදින්න පුළුවන්. මෙතන විඩාව නිවාගන්න ටිකක් වෙලා ගතකරන්න හොඳ තැනක්.
චොකෝනාට් ලවුන්ජ් එකත් නිස්කලංක වාතාවරණයක් තියෙන තැනක්. පාට පාට පුටු දාල අමුතු ලස්සනක් අරගෙන තියෙනවා. එළියේ ඉන්න පුළුවන් ලස්සන වත්තක් වුනත් තියෙනවා. කෑම හොඳයි කියලා කියන්න අමාරුයි, ඒත් වරදක් නැහැ. රස පැත්තෙන් ගත්තොත්, ගෙවන මිලට හොඳම වටිනාකම ලැබෙනවද කියන ප්‍රශ්නයත් මෙතැනදී මතු වෙනවා.
පොත්, කෝපි සහ පූසොන්ට ඔබ කැමති නං මෙතන ඔබට කියාපු තැන. සැන්ඩ්විච්, කෝපි සහ ජූස් නියමෙට හදනවා. හොඳට ඉඩකඩත් තියෙනවා. තනියට ලස්සන පූස් පැටව් ටිකකුත් ඉන්නවා.
වෝඩ් පෙදෙසේ තියෙන ස්ට්‍රීට් 360 ලොකු ගෙවත්තක්, ලස්සන ගඩොල් බිත්ති තියෙන සැප පහසු තැනක්. බර්ගර් එකක් කාල, තේ එකකුයි කේක් කෑල්ලකටයි වග කියල ටිකක් රිලැක්ස් එකේ ඉන්න නියමයි.
ලංකාවේ විදියට දවල්ට හොඳ බත් එකක් කන්න ඕනේ නං යන්න ඕනේ උපාලි ගාවට. මෙතන කෑම කොච්චර හොඳද කියන්නේ හැමතිස්සෙම සෙනග. ඒක හින්ද අපේ යමු වෙබ් අඩවිය හරහා තැනක් බුක් කරලම ගියානං ඇඟට ගුණයි.
සුල්තාන් පැලස් එක තියෙන්නෙ උපාලි එක ළඟමයි. සාක්කුවට සැර නැතිව ඉන්දියන් කෑම කන්න මෙතන මරු. ඉන්දියන් විතරක් නෙමෙයි අරාබි, චීන කෑමත් තියෙනවා. කැමති විදියකට කාල බලන්න.
සෙනසුරාද නං කොමික් කොන් යන්නෙ ඔයාලට කුරුඳුවත්තේ රේස් කොර්ස් එකේ ගුඩ් මාර්කට් එකට යන්නත් පුළුවන්. කෑම කඩ රාශියක් තියෙන හින්ද ඔයාලට කැමති විදියට බඩ කට පුරෝගෙන යන්න පුළුවන්.
ඔන්න අපි හොඳ තැන් සෙට් එකක්ම කිව්වා. දැන් බඩගිනි වෙයි කියල බය වෙන්න ඕනේ නැහැ. කොමික් කොන් ගිහිල්ල හිතේ හැටියට හොඳ ෆන් එකක් ගන්න.