'නාසි' විතරක් කිව්වොත් නම් මතක් වෙන්නෙ හිට්ලර්ගෙ හමුදාව. ඒත් 'නාසිගුරාන්' කිව්වොත්? කටට කෙලත් උනනව නේ. ඔය කිව්වට නාසිගුරාන් වලට නාසි හමුදාවෙ වත් ජර්මනියෙවත් සම්බන්ධයක් නෑ. මේක ඉන්දුනීසියානු කෑමක්.
නාසිගුරාන් බත් වලට අපේ අයත් හරිම ආසයිනෙ. ඒ, ඒවයෙ තියෙන හොඳ කුළු බඩු රසයි, සැර ගතියයි නිසා. ඇත්තටම නාසි වල තියෙන්නෙ දිව පිස්සු වට්ටන රසක් තමයි. හැබැයි ඉතින් හරි නාසි එකක් සෙට් වුනේ නැත්නම් කපෝතියි. මොකද කඩෙන් කඩේට නාසි වල රස සෑහෙන්න දුරට වෙනස් වෙනව. ඔන්න ඔය දේ නිසා නොදන්න කඩයකින් නාසිගුරාන් රස බලන්න වෙන්නෙත් හිතේ දෙගිඩියාවෙන්.
කොහොම වුනත් අදින් පස්සෙ නම් කෙලින්ම හරි තැනකට ගිහින් නාසි රස බලන්න පුළුවන්. ඔන්න පහලින් තියෙනව ලිස්ට් එක. කියවල බලල යනන්කෝ. ගිහින් කාලා බලල අපිටත් කියන්න.
3. Saraswathie Lodge
මස් මාළු කන අයට නම් ඕන තරම් කඩ තියෙනවනෙ. ඒත් නිර්මාංශ අයට? අවුලක් ගන්න දෙයක් නෑ, බම්බ ගාලු පාරෙ සරස්වතී ලොජ් එකේ තියෙනව පට්ට රස එළවළු නාසි එකක්. රු. 250ක් 300ක් වෙන්නෙ. ළූණු කොළ, කැරට්, ගෝවා හැරුණාම මාළු මිරිස්, වට්ටක්කා වගේ එළවළු ජාතිත් දෙක තුනක් එකතු කරල හදන මේ නාසි එකෙත් නියම රසක් තමයි තියෙන්නෙ. හැබැයි ඔරිජිනල්ම රස නෙවෙයි.
4. Royal Bakery
රු. 200ට 250ට රස නාසිගුරාන් බත් එකක් රස බලන්න හොඳම තැන තමයි වැල්ලවත්තෙ රෝයල් බේකරිය. කටට සැරට හැදෙන මෙයාලගෙ නාසි එක උණු උණුවෙන්ම රස බලද්දි තමයි ගතිය තියෙන්නෙ. බුල්සායි එකයි, රෝස්ට් චිකන් කෑල්ලයි නම් සාමාන්‍යයයි. ඒත් බත් එකට නම් රස පදම එන්න කුළු බඩු, සෝස් ටිකයි, කැරට්, ළූණු කොළ ටිකයි එකතු කරල තියෙනව. කොහොම වුනත් මොකක්දෝ අවුලක් නිසා මෙයාලගෙ නාසිගුරාන් එකෙත් ඔරිජිනල් නාසි රස නම් ටිකක් අඩුයි.
5. Spice Restaurant
රෝයල් බේකරිය හැරුණාම වැල්ලවත්ත පැත්තෙන් නාසි රස බලන්න තවත් කියාපු කඩයක් තමයි ස්පයිස් රෙස්ට් එක. ලොකු ගාණකුත් නෑ. රු. 300ක් වගේ වෙන්නෙ. බුල්සායි එක නෝමල් වුනාට චිකන් කෑල්ල නම් හොඳයි. බත් එකෙත් සාමාන්‍යෙයන් හොඳ රසක් එනව. ඔරිජිනල්ම නාසි රස ලඟින් යන රසක් තියෙන නිසා ගෙවන ගාණට පාඩුවක් නෑ. හැරත් බඩ පැලෙන්න කන්න පුළුවන් සයිස් එකට තියෙනවනෙ.
6. Spice & Ice
නාසිගුරාන් කඩ වැඩියෙන්ම තියෙන්නෙ වැල්ලවත්ත පැත්තෙද මන්දා. සුපිරි නාසි එකක් කන්න වැල්ලවත්තෙ ඔමේගා හෝටලයට අයිති ස්පයිස් ඇන්ඩ් අයිස් අවන්හලත් මරු තැන. භෝජනාගාරයත් හරි ලස්සනයි. නියම රසට හැදෙන මෙයාලගෙ නාසි බත් එකක් රු. 200ක්, 250ක් වෙන්නෙ චිකන් කෑල්ල පොඩියට දෙන නිසා වෙන්න ඇති. ඒ වුනාට බත් එකට නම් මදි නොකියන්න කැරට්, ගෝවා, ළූණු කොළ දාලා තියෙනව. පාඩුයිම කියන්න බෑ.
7. Chinese Dragon Cafe
නාසි නම් අන්න නාසි, කියන්න තරම් රස නාසිගුරාන් එකක් තමයි බම්බ මිලාගිරිය ඇවනියු එකේ තියෙන චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ තියෙන්නෙ. ගාණ නම් රු. 400ක් විතර වෙනව. ඒ වුනාට, ඒ ගාණට ඔරිජිනල්ම නාසි එකක් කන්න අමාරුයිනෙ. කුළු බඩු, සෝස් ටික නියම පදමට වැටිලා හැදෙන බත් එක තමයි මරු. කැරට්, ගෝවා, ළූණු කොළත් අඩු නැතුව තියෙනව. බුල්සායි එකත් ලුණු චුට්ටක් එහෙම දාලා රස කරල තියෙන්නෙ. ලොකු බාබකියු චිකන් කෑල්ලකුත් තියෙන නිසා හිතේ සතුටින් කන්න පුළුවන්.
8. Sen Saal
ඉස්සර හොඳට තිබිලා එන්න එන්න මෙලෝ රහක් නැති වේගෙන එන අවන්හලක්. ඇත්තටම සෙන් සාල් එක පටන් ගත්තු කාලෙ මෙතනින් කාපු නාසි එකේ රස අදටත් මතකයි. ඒත් මේ ලඟදි දවසක නාසිගුරාන් එකකුයි මොන්ගෝලියන් එකකුයි ගත්තා, දෙකම අවුල් වගේ. විශේෂයෙන්ම බත් එක තමයි හරි නැත්තෙ. චිකන් කෑල්ලත් ටිකක් පොඩියි. ගාණත් රු. 300ක් 350ක් වගේ වෙන නිසා ඕනම නම් විතරක් යන්න.
කියන්න බැරි වෙච්ච තවත් නියම තැනක් තියෙනව ලයිට් හවුස් ගැලේ කියල, කොටුව චේතිය පාරෙ. එතන නාසිගුරාන් එකක් නම් රු. 500ක් වෙනව. හැබැයි බය නැතුව යන්න පුළුවන් මොකද ඔරිජිනල්ම නාසි බත් එකක් තමයි මේසෙට එන්නෙ.
කොහොම වුනත් නාසිගුරාන් කියන්නෙ කන්න පටන් ගත්තාම අත අරින්න පුළුවන් කෑම ජාතියක් නෙවෙයි. චිකන් නාසි වලටත් වඩා සී ෆුඩ් නාසි තමයි රස. ඒ නිසා කට්ටිය සී ෆුඩ් හරි, දැල්ලො හරි නාසිගුරානුත් කාලා බලන්න. ඒ විතරක් නෙවෙයි ඔයාල දන්න කියන මේ ලිස්ට් එකේ නැති කඩත්, අපිට කමෙන්ට් කරන්න.