වැඩි විස්තර ඕන නෑනෙ. තද චොක්ලට් පාටට, දුම් දදා මේසෙට එන දියාරු චොක්ලට් වල රස හොඳටම දන්නෙ බීපු අය තමයි. ඔරිජිනල්ම හොට් චොක්ලට් එකක් නම් තනියෙන් බී ගන්නත් බැරි තරම්, ලොකුයි නෙවෙයි උකු ගතිය නිසා බඩ පිරෙනව. චොක්ලට් රසයෙන් අනූන මේ හොට් චොක්ලට් වල තියෙන එකම අවුල තමයි කඩෙන් කඩේට රස වෙනස් වෙන එක. ඒක වෙන්නෙ එයාලා පාවිච්චි කරන කුකින් චොක්ලට් ජාතියෙන්.
අන්න ඒ නිසයි අපි හිතුවෙ වෙනස් වෙන රසවල් අතරෙන් හොඳම හොට් චොක්ලට් රස 9ක් තෝරල ඔයාලට කියන්න. ආසම හිතෙනව නම් දැන් වුනත් යන්න පුළුවන් ඔන්න.
2. The Sizzle
කොල්ලුපිටිය වාලුකාරාම පාරෙ තියෙන ද සිස්ල් එක ටිකක් පොෂ් තැනක්. ඒත් මෙයාලගෙ හොට් චොක්ලට් එකක් රු. 250යි වෙන්නෙ. රසත් හොඳට තියෙනව. තව ටිකක් චොක්ලට් රස වැඩි වුනානම් මරේ මරු. එතකොට දියාරු ගතියත් අඩු වෙලා නියම ගාණට එනවනෙ.
3. Hansa Coffee
කඩේ නම කෝපි වලට සම්බන්ධ වුනාට මෙයාල ලඟත් තියෙනව චොක්ලට් රස පිරුණු නියම හොට් චොක්ලට් එකක්. රු. 400ක් වගේ වුනාට පාඩු නෑ. නියම පදමට පැණි රසත් එකතු වෙලා තියෙන නිසා රස කර කර බොන්නත් පුළුවන්. ඒක නෙවෙයි මෙයාල ලඟ රස වර්ග දෙක තුනකින්ම හොට් චොක්ලට් ගන්න තියෙනව. අද හෙටම ගියා නම් තමයි හොඳ. දන්නවනෙ තැන, තිඹිරිගස්යාය ෆයිෆ් පාරෙ තියෙන්නෙ.
4. The Cakery
රු. 350කට මේසෙට එන 'ද කේකරි' හොට් චොකලට් එකේ නම් තියෙන්නෙ ඔරිජිනල්ම චොක්ලට් රස. හොඳ ඝන කමට තියෙන නිසා හීන් සීරුවෙ බොන්නත් පුළුවන්. එතකොටනෙ හොඳ හැටි රස දැනෙන්නෙ. පැණි රසත් නියම පදමට. කොහොම වුනත් ද කේකරි එකේ හොට් චොක්ලට් රස බලන්න තිඹිරිගස්යාය සුලෙයිමාන් ටෙරස් පැත්තට යන්නම වෙනව.
6. Dolce Italia
මම බීපු හොඳම හොට් චොක්ලට් එක. ගාණ රු. 300යි. කියන්න කිසිම අඩු පාඩුවක් නෑ. ඔරිජිනල්ම චොක්ලට් රසයෙන් පිරිලා. පැණි රසත් නියම පදමට. උණු උණුවෙ මේසෙට එන ඩොල්ෂෙ ඉටාලියා එකේ හොට් චොක්ලට්, බොන්න ඕන තේ හැන්දෙන්. එතකොට තමයි තොල කට ලෙව කකා හිතේ හැටියට රස බලන්න පුළුවන් වෙන්නෙ. ඔන්න පරක්කු වෙන්න එපා අදම යන්න පොලිස් පාර්ක් ඉස්සරහ තියෙන ඩොල්ෂෙ එකට.
8. Choco Luv
ටවුන්හෝල් පැත්තෙ තියෙන චොකෝ ලව් එක, නමට චොක්ලට් වුනාට මෙයාල ලඟ ඒ හැටි චොක්ලට් ප්රඩක්ට්ස් නෑ. හොට් චොක්ලට් එකත් සුපිරිම එකක් නෙවෙයි. රු. 350කට 400කට ටිකක් පාඩු ගතියක් තමයි තියෙන්නෙ. චොක්ලට් රසත් මදි . දියාරු ගතිය ටිකක් වැඩියි. ඒ වුනාට ඔයාලට කොහොම වෙයිද දන්නෙ නෑනෙ. ඒ නිසා ගිහින් බැලුව නම් තමයි හොඳ.
9. Caffe Vita
අවුලක් ගන්න එපා. බම්බ එම්. සී. ෆුඩ් කෝට් එකේ කැෆේ විටා නම් සුපිරි හොට් චොක්ලට් එකක් පිළිගන්වනව. ලොකු මග් එකක මේසෙට එන මෙයාලගෙ හොට් චොක්ලට් එකක් රු. 300ක් 350ක් වගේ වුනාට රස නම් පංකාදු පහයි. මිල්ක් චොක්ලට් රසයෙන් අනූන නිසා හැමෝටම වුනත් බොන්න පුළුවන්. මොකද සමහරු ඩාක් චොක්ලට් වලට කැමති නෑනෙ. දුඹුරු සීනි ටිකකුත් දාලා පැණි රස හදාගත්තාම බීගෙන බීගෙන යන්න පුළුවන්. ඒත් මතක තියා ගන්න. මේව හොට් චොක්ලට්, කට පිච්චෙයි.
අපි ඔය කිව්වෙ රු. 500ට අඩුවෙන් හොට් චොක්ලට් බොන්න පුළුවන් කඩ ටිකක් විතරයි. රු. 500ට වැඩියෙන් හොට් චොක්ලට් බොන්න කඩ තියෙනව. ඒව පස්සෙ දවසක කියන්නම්. එතකම් පොකට් එකට රිද්දන් නැතුව හොට් චොක්ලට් රස බලන්නකො.