ආහාර ඡායාරූප ගනිද්දී ‘යමු’ උත්සාහ කර තිබෙනවා කලාත්මක වෙන්න. අපි වතාවක් නිල් මහ සයුර පසුබිමේ වර්ණවත් කොක්ටේල් සහ මාටිනි වීදුරුවක සියුම් ලෙස සමබර කරන ලද ප්‍රංශ මැකරෝන් ඡායාරූප ගත්තා. තවත් වතාවක අපි ක්‍රීඩා කරමින් තිබුණු ස්ක්‍රැබල් පුවරුවක් මත කේක් පොප් හා කප් කේක් තබා ඡායාරූපගත කළා. ඒත් මේ සැලසුම් කර ගත් ඡායාරූපවලට එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ලයික් කිරීම් කීපයක් හා කලාතුරකින් ෂෙයා කිරීමක්.
අපට ඒ ගැන දුකයි. ඒත් අපි කලකිරිලා නැහැ. නගරය පුරා ගිය අපේ ගමන් ඕස්සේ අපි ඉගෙන ගත් පාඩමක් තිබෙනවා. පිළිවෙලට සකසා නිසි ආලෝකය තුළ ගනු ලබන විදේශීය ආහාර පිංතූරවලට වඩා බත්වල පිංතූරවලට මිනිස්සු කැමතියි. ඒවා නගරයේ හෝටල්වල අජිනොමොටෝ දමා පිසින ලද බත්වල එතරම් පිළිවෙලක් නැතිව හදිසියේ ගත් ඡායාරූප. මේවා හදිසියේ ගත් ඡායාරූප යයි කියන්නේ මේ නිසයි. දුම් දමන, සුවඳ හමන බත් පිඟානක් ඉදිරියේ කාටද පිංතූර ගන්න පමාවෙන්න පුළුවන්.
බත්, ෆ්‍රයිඩ් රයිස්, කහබත්, බුරියානි, ලම්ප්රයිස්. මේ හැම වර්ගයකම බත් දිවයින පුරා ඕනෑම තැනකින් පහසුවෙන් සොයාගන්න පුළුවන්. බත් කන්න මිනිසුන් තුළතිබෙන කැමැත්ත කෙතරම්ද යත් බත් බංඩිය වගේ බංඩියක් තවත් කොහිද කියලානේ කියන්නේ.
බත්වලට ගහන්න තවත් කෑමක් නැතිවුණාට බත් ඡායාරූපවලදී හොඳට පෙනෙන ෆොටෝජෙනික් ගතියෙන් අඩුයි. ඒත් ඉතින් අපි අන් හැම දේටම වඩා කැමති බත්වලටනේ. ඒ නිසා මෙන්න බත්වල සිත් ඇදගන්නාසුළු පිංතූර එකක් දෙකක් නොවෙයි 20ක්ම.
ලන්දේසි බර්ගර් සංගමයේ වීඕසී කැෆේ
බුබා
මීල් සෙන්ටර්
මිළ: බුරියානිi (රු. 230), බත් හා ව්‍යංජන (රු 130)
ඩච් ග්රෝසර්
බාස් කැෆේ
අර්බන් කිචන්
කප් කැෆේ
මිතීස්
මිලෙනියම් අවන්හල
සුකීස් වොක්
R&R වෙරළ අවන්හල
ඇම්රෝ නිර්මාංශ අවන්හල
ස්පයිස් අවන්හල
ගල්කිස්සේ ස්ටීම්බෝට්
උදුම්බරා JU කේටරර්ස්
නව බනානා ලීෆ්
කොපර් චිම්නි (හුණුපිටිය)
කරිමච්
වයිට් හෝස්
ඒත්, සියල්ල අතරින් වඩාත්ම ජනප්‍රිය අපේ ඡායාරූපය
හයිලන්ඩ් කිරි බෝතලයක්