මේ තිබෙන්නේ කොළඹ හා අවට තිබෙන අපේ ප්‍රියතම නිර්මාංශ අවන්හල්වල ලැයිස්තුවක්. අපට මගහැරුණු තැන් තිබෙනවානම් කියන්න.
මූලිකවම බෞද්ධ රටක් වුණත්, ශ්‍රී ලංකාවේ තනිකරම නිර්මාංශ ආහාර පිරිනමන තැන් හරි විරලයි. ලංකාවේ ඇතැම්විට කරවල සැලකෙන්නේ එළවළුවක් ලෙසයි. නිර්මාංශ ආහාර ඉල්ලා සිටියාම සමහරවිට ඔබට මාළු හොදි එහෙමත් පිරිනමන තැන් තිබෙනවා. නිර්මාංශ භෝජන කලාව ගැන ලංකාවේ මිනිසුන්ට අත්දැකීම් අඩුයි.
කොහොමවුණත් හොඳ තැන් කීපයක් තිබෙනවා.
1. දුන්හිඳ
දුන්හිඳ තිබෙන්නේ දෙහිවලත්, අත්තිඩියත් අතර කොළඹට ටිකක් දුරින්. එය බොහොම පරිස්සමෙන් වවන ලද කැළෑවක සැඟවිලායි තිබෙන්නේ. එතැන බලන්න යන්න වටින තැනක්. ගැඹුරු සංස්කෘතික හේතු මත නිර්මාංශ වුණත්, දුන්හිඳ කොළඹ හොඳම බත්, ව්‍යංජන පිරනමන තැනක්.
එහි පිරිනමනවා පැරණි තාලේ බත්හා ව්‍යංජන, කොළකැඳ, හොඳ කැවුම් ආදිය. කොළකැඳ කෝප්පයක් බොන්නනම් හොඳම තැන දුන්හිඳහි වීදිය අද්දර කැඳ කඩය.
වැඩිදුර කියවන්න
2. මිල්ක් ඇන්ඩ් හනි – Milk & Honey
නවීන පන්නයේ නිර්මාංශාහාර වේලක් සඳහා බාන්ස් පෙදෙසේ Milk & Honey Cafe තමයි හොඳම තැන. පැරණි යටත් විජිත සමයේ ගොඩනැඟිල්ලක පිහිටි එහි ශ්‍රේෂ්ඨ නිර්මාංශ කටගැස්ම හා කේක් ආදිය පිරිනමනවා. එළවළු හා පලතුරු යුෂ පාන වර්ග රැසක්ද එහි තිබෙනවා.
පොත් හා සෙල්ලම් බඩු ආදිය තිබෙන ළමයින්ගේ කඩයකුත් එයට යාබදයි.
වැඩිදුර විස්තර කියවන්න
3. ෂන්මුගාස්
හොඳම නිර්මාංශාහාර දකුණු ඉන්දියාවේ ඒවායි. වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ පාරේ පහළ පිහිටි ෂන්මුගාස් ලංකාවේ දකුණු ඉන්දීය අවන්හල් අතරින් ප්රමුඛයි. හොඳ දිවා ආහාර තාලි හා සවස 6න් පසු චාට් ද එහි තිබෙනවා. උතුරු ඉන්දීය ආහාරත් තිබුණත් එහි වඩාත් හොඳ දකුණු ඉන්දීය ආහාරයි. කළු පරිප්පු ව්‍යංජනය කාලා බලන්න.
වැඩිදුර විස්තර කියවන්න
4. මථුරා
හැව්ලොක් පාරේ මථුරාහි ඉතා හොඳ තක්කාලි සුප් හා පනීර් තිබෙනවා. ඔවුහු ඉතා හොඳ දකුණු ඉන්දියන් ආහාර පිරිනමනවා.
වැඩිදුර විස්තර කියවන්න
5. ඇම්රෝ නිර්මාංශ කැෆේ – Amro Vegetarian Cafe
නැන්දලා කීපදෙනෙක් එක්ව රසට ගුණට කෑම පිස පිරිනමන මේ ආකර්ශනීය නිර්මාංශාහාරහල පිහිටා තිබෙන්නේනම් එතරම් ආකර්ශනීය නැති නුගේගොඩයි. (ලැයිස්තුවේ පහළට යනවිට සාරාංශ කෙටි වෙනවා වගේ.)
වැඩිදුර විස්තර කියවන්න
මේ අපේ ප්‍රියතම තැන් පහක්. අපට යමක් මගහැරුණාද? ඇත්තෙන්ම ඔව්. සම්භාව්‍ය ග්‍රීන්ලන්ඩ්ස් හා වැල්ලවත්තේ සරස්වතී තිබෙනවා. වැල්ලවත්ත එවැනි තව කඩ බොහොමයක් පිහිටා තිබෙන තැනක්. තුන්මුල්ලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති ගොඩනැඟිල්ලේ අලුත් පැරඩයිස් ගැනත් කිව යුතුයි. තවත් තැන් දන්නවානම් අපට කියන්න.