බ්‍රෙඩ්ටෝක් ගැන අපේ කලින් ලිපිය හේතුවෙන් විවාදයක් ඇති වෙලා. කවුරුද හිතුවේ බේකරි කෑම ගැන මෙතරම් උන්මාදයක් ඇති වෙයි කියලා. ලිප්ටන් වටරවුමේ බ්‍රෙඩ්ටෝක් අලෙවිහලට ආදරය කරන අය එහි මනා ලෙස ඉදිරිපත් කරන ලද පේස්ට්‍රි, අති පිරිසිදු ඇතුළත, විවෘත කුස්සිය ආදිය ගැන අගය කරද්දී විවේචකයන් කතා කරන්නේ අධික මිළ, කෘත්‍රිම රස හා රසෙන් අඩුකම ආදිය ගැනයි. විවාදයේ වැඩිවෙමින් ඇති තිත්තකම නිසා අපි තීරණය කළා, සිංගප්පූරුවේ බ්‍රෙඩ්ටෝක් බේකරිය නරඹා ඇවිත් ඒ ගැන අපේ අවසන් නිගමනය දෙන්න.
අලෙවිහල් 400ක් ඇති මේ බේකරි ජාලයේ මුල්බිම වන සිංහ පුරයේදී එහි සැබෑම අරුත මතු කරන අලෙවි හලක් අපි දුටුවා. Bugis හන්දියේ සාමාන්‍ය East Asian මාල් එකේ බිම්මහලේ ඇති කඩ දුසිම් ගණනකින් එකක් පමණයි බ්‍රෙඩ්ටෝක්. කොළඹ තිබෙන මාළිගාවක් වැනි බ්‍රෙඩ්ටෝක් අලෙවිහල වගේ නොවෙයි, මේ කඩය. එය සාමාන්‍ය එකක්.
ළංවෙලා බැලුවාම අපි දුටුවා, එහි ආකර්ශනීය බේකරි නිෂ්පාදන එකතුවක් ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය හා ඒ සීමිත ඉඩකඩ තුළත් එහි විවෘත කුස්සියකුත් ඇති බව. එහි තිබුණු රන්වන් පේස්ට්‍රි එකතුව තුළ කොළඹ වැසියන්ට නුහුරු ikan biliss triangles, Bul gogi rolls, pork floss buns ආදියත් තිබුණා. ඉතින් අපි පරිස්සමෙන් අපේ තේරීම් ටික කරගෙන පටන් ගත්තා අපේ විවරණය.
මෙන්න තීන්දුව:
ස්ථානය
බ්‍රෙඩ්ටොක් වනාහි කියන්න තරම් විශේෂ වූ ඉහළපෙළේ තැනක් නොවෙයි. එය සිංගප්පූරුවේ පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ. සාර්ථක ව්‍යාපාරයක්. එවැනි සාමාන්‍ය තැනක් ලංකාවේදී මෙතරම් සුවිශේෂී වීම ගැන අප සමග කතා කළ සිංගප්පූරු වැසියන් පුදුම වුණා.
රස
පොදු ජනතාව අතර මෙවැනි බේතරියක් ජනප්‍රිය වන්න හේතුව තමයි, එහි නිෂ්පාදනවල තත්වය. අපි කාලා බැලුවා, pork floss බනිසක්, a clay pot chicken බනිසක් හා custard Fuji එකක්.
Pork Floss බනිස් (සිංගප්පූරු ඩොලර් 1.70, රු. 170): Pork floss කියන්නේ සම්ප්‍රදායික සිංගප්පූරු කෑමක්. වියලූ මස් සැකසීමක්. පැණිරස මයෝනිස් දැවටූ ලොකු පෝක් ෆ්ලොස් කුට්ටියක් අඩංගු මේ බනිස තමයි, බ්‍රෙඩ්ටෝක්හි සිංගප්පූරු සලකුණ. ෆ්ලොස් එකේ සිත් ඇදගන්නාසුළු රටාවක් තිබුණා. එය සැර ලුණු රසයි. මයෝනිස්වලින්ද සැර රසක් එකතු වුණා. එය දවටා තිබුණේ බ්‍රෙඩ්ටෝක්හි ප්‍රධාන නිෂ්පාදනය වන මෘදු, පැණිරස බනිසක් තුළ. ප්‍රමාණවත් ආහාරයක්. ඒත්, මම හිතන්නේ ලාංකිකයෝ හා නැගෙනහිර ආසියාතිකයෝ නොවන අය මේ පුළුන් වැනි සුදෝ සුදු පැණිරස බනිස් තුළ ඇති පැණිරස ඌරුමස් හා පැණිරස මායෝවලට කැමති නැහැ.
Clay Pot Chicken බනිස් (සිංගප්පූරු ඩොලර් 2, රු. 200): මම මෙය මිළදීගත්තේ වෙළඳ දැන්වීම්වලින් ඇති කරන ලද පෙළඹවීම නිසා. මැටි මුට්ටියක පෙනුම එන පරිදි ලස්සනට වර්ණ ගන්වන ලද එය පුරවා තිබුණේ සැහැල්ලු ව්‍යංජනයක් බවට පත් කරන ලද චිකන්වලින්. මම එයින් බලාපොරොත්තු වූ තරම් රසක් ලැබුණේ නැහැ. එය මස් පාන් වගේ. ඒත් ව්‍යංජනය හොඳ වුණත්, සැර මදි. නැවතත් පුළුන් බනිස්.
Custard Fuji (සිංගප්පූරු ඩොලර් 1.70, රු. 170): හොඳ පැණිරස පේස්ට්‍රියක්. පලා පුරවන ලද එහි හොඳ crème patissiere/whipped cream ගුලියක් තිබුණා. අපේ රටේ පාන් පුරවන බටර් ක්‍රීම් වගේ අමිහිරි නැහැ. සැහැල්ලු පේස්ට්‍රියක් වන මෙය ලොකුයි. රසයන් අධික නැහැ. කොළඹ අලෙවියට තිබෙනවානම් මම නැවතත් එයින් එකක් කන්න පෙළඹේවි.
වටිනාකම
ඉතින් එහි වටිනාකම කෙබඳුද?
සිංගප්පූරු බ්‍රෙඩ්ටෝක් පේස්ට්‍රිවල සාමාන්‍ය මිළ සිංගප්පූරු ඩොලර් 1.70ක්. කොළඹ , සාමාන්‍ය මිළ රු. 150ක්නේ. ඒ අනුව කොළඹ මිළ අඩුයි. එහෙත්, කොළඹ පේස්ට්‍රිවල ගුණය අනුව බැලුවාම ඔබ මිළ දී ගන්නේ සාමාන්‍ය මහා පරිමාණෙන් නිපදවන ලද පේස්ට්‍රි. ඒ අනුව මිළ වැඩියි. ලංකාවට වඩා වැඩි වැටුප් ගෙවන රටක් වන සිංගප්පූරුවේ පවා බ්‍රෙඩ්ටෝක් නිෂ්පාදන මිළෙන් වැඩි බවට මිනිස්සු පැමිණිලි කරනවා.
සිංගප්පූරුවේත් සාමාන්‍ය බේකරිවලින්, කඩවලින් මීට වඩා රසවත්බේකරි නිෂ්පාදන මිළ දී ගන්න පුළුවන්. ඒත්, එය හැම තැනම ඇති නිසා ඔබ එහි යන්න තිබෙන ඉඩ වැඩියි. ඒවායේ මිළ ගැන අපට වඩා වැටුප් ගන්න සිංගප්පූරු වැසියනුත් පැමිණිලි කරනවානම්, ලංකාවේත් මිළ එවැනිම වීම ගැටලුවක්. සිංගප්පූරුවේ බ්‍රෙඩ්ටෝක් නිෂ්පාදන රසවත්. ඒත්, ඒවා ඉතා ඉහළ තත්වයේ ඒවා ලෙස සැලකෙන්නේ නැහැ. කුස්සි විවෘත වෙන්න පුළුවන්. ඒත්, ඒවායේ මූලික වශයෙන් කෙරෙන්නේ හෙළිදරව් නොකරන අමතර දේත් සමග බනිස් පුරවා සැකසීම වැනි දේයි.
අවසානයේදී බැලුවාම මේ පෞද්ගලික රස බැලීම වෙනුවෙන් මම ගෙව්වා ඩොලර් 5.40ක්. ඒ මුදලින් සිංගප්පූරුවේදී oyster omlette, black carrot cake හෝ sea food laksa එකක් හෝ කන්න තිබුණා. ඒ නිසා මම හිතන්නේ නැහැ, අනාගතයේදී සිංගප්පූරු යන ගමන්වලදී මම බ්‍රෙඩ්ටෝක් යයි කියලා. එහෙම තියෙද්දී, මට හිතාගන්න බැහැ කොළඹ බ්‍රෙඩ්ටෝක් ගැන කොළඹ මිනිස්සු මෙතරම් කතා කරන්නේ ඇයි කියලා.