ක්ෂණික නුඩ්ල්ස් නොදන්න කවුරුත් නැහැනේ. සමහර විට ආස නැති කෙනෙකුත් නැතුව ඇති. මතක ඇති කාලෙක ඉඳල, ලොකු, පොඩි, බාල, මහලු (හැබැයි වැඩිය පොඩි, බාල කට්ටිය අතර) කවුරුත් අතරේ පටස් ගාල කෑමකට නුඩ්ල්ස් පැකට් එකක් ජනප්‍රිය තේරීමක්. සමහර වෙලාවට ඕක උණු වතුරේ දාන්නෙත් නැතුව බිස්කට් එක වගේ කෙළින්ම පැකට් එකෙන් අරගෙන කටේ දාගන්නත් අපේ කට්ටිය හරි දස්සයි. එහෙම අපේ ජිවිත එක්ක බැඳිලා තියෙන නුඩ්ල්ස් එක ගැන අපි නොදන්න දේවල් ගොඩයි. ඒවායින් කිහිපයක් බලමු.
1. ජපන් රටේ උපත ලබා…
ක්ෂණික නුඩ්ල්ස් අපි හුඟක් වෙලාවට යුරෝපිය බහුජාතික සමාගම් එක්ක සම්බන්ධ කළාට ඇත්තටම මේකේ උත්පත්තිය තියෙන්නෙ ජපන් රටේ. නිසින් ආහාර සමාගමේ මොමොෆුකු අන්දෝ මහත්මය තමයි මේක “චිකෙන් රාමෙන්”” කියන නම යටතේ නිෂ්පාදනය කළේ. ඒ නම තමයි ඊට පස්සෙ ලෝකෙ පුරා ගියේ. ලංකාවේ, ඉන්දියාවේ වගේ රටවල “මැගී”” කියල කියනවා වගේ, ඒ රටවල “රාමෙන්”” කියල තමයි ප්‍රචලිත.
2. කාටද ආඩම්බර
2000 වසරේදී ජපානේ කරපු සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව, ජපන්නු තමන්ගේ නව නිපැයුම් වලින් වැඩියෙන්ම ආඩම්බර ක්ෂණික නුඩ්ල්ස්වලට. ඒගොල්ලෝ කියන්නේ ජපන්කමේ හොඳ උදාහරණයක් වගේම මේක ලෝකෙටම ගිය එක ගැනත් සතුටුයි කියල.
3. ඒවුනාට චීනෙන් තමයි නම ආවේ
ලෝ මේන් කියල චීන නුඩ්ල්ස් කෑමක් තියෙනවා. ඒක ලියන අකුරු ජපන් භාෂාවෙන් කියන විදියෙන් තමයි “රාමෙන්”” කියන වචනේ ආවේ කියල අදහසක් තියෙනවා.
4. චීන්නු තමයි වැඩිපුරම කන්නෙත්
ඇස්තමේන්තුවලට අනුව වසරකට ක්ෂණික නුඩ්ල්ස් පැකට් බිලියන 40කට වැඩිය අනුභව කරන්න චීන ජනතාව සමත්.
5. ඉස්සර මාර ගණන්
දැන් සාක්කුවේ තියෙන ගානට ගන්න පුළුවන් වුණාට 1950 ගණන්වල ජපානෙට ආවම රෙස්ටොරන්ට් එකක එවෙලේ හදපු නුඩ්ල්ස් කෑමක් වගේ හය ගුණයක් ගණන්.
6. ලුණු මදි වෙන්නේ නැහැ
රස කර කර කෑවත් අගුණ නැතුවම නෙමෙයි. MSG ගැන ඉතින් කතා ගොඩක් තියෙනවානේ. සමහරු කියනව අගුණත් නැහැ කියල. ඒ වුණාට අනිවාර්යයෙන් දන්නා දෙයක් තමයි නුඩ්ල්ස් පැකට් එකේ හොඳට ලුණු තියෙනවා. දවසකට වැඩුණු මනුස්සයෙකුට අවශ්‍ය ලුණු ප්‍රමාණයෙන් බාගයක්ම එක පැකට් එකක තියෙනවා. ඒක හින්ද දෙකක් කෑවොත් දවසේ කන අනිත්වට ලුණු නොදා තමයි කන්න වෙන්නේ.
7. ඉක්මන් කොටයි
ක්ෂණික නුඩ්ල්ස් කල් පවත්වාගන්න ඉටිවල බස්සනවා කියන කතාව නං බොරු. හැබැයි මේවා අසාමාන්‍ය ලෙස කල් පවතින එක නං බොරු නෙමෙයි. ඒ කතාව බඩ ඇතුළටත් අදාළයි. කාල පැය 2කට පසුවත් මේවා ජීරණය වෙන්නැති බව පොඩි කැමරාවක් භාවිත කරලා කරපු පරීක්ෂණයකින් හෙලිවුණා.
දැන් ඉතින් නුඩ්ල්ස් ගැන තව ටිකක් දැනගත්තානේ. හැමදාම කන විදියට කාල එපාවෙලා නං, අපි ගාව ඕවට රෙසපි තියෙනවා. හැබැයි හැටි දැනගෙන හරියට කන්න හොඳේ?