අපි ටික කාලෙකට කලින් ඔෆිස් එකේ කන්දොස්කිරියාවෙන් බේරිලා වැඩ කරන්න උදව් වෙන සයිට් ටිකක් ගැන කිව්වා. ඒකට හොඳ ප්රතිචාර ලැබුන හින්ද අපි බැලුව තවත් එහෙම වෙබ් අඩවි තියෙනවද කියල.
When2Leave
සුළු, නමුත් වැදගත්, කාර්යයක් තමයි මේකෙන් කරන්නෙ. අපි හුඟක් දෙනාට වැඩට එන එකේ ලොකුම ප්රශ්නේ එන යන ගමනයි. මේ කාලේ පාරවල ට්රැෆික් එකේ ගාටන කොට මාර සැප නේ. තමන්ගේ වාහනයක යන්න වාසනාව තියෙන මිනිස්සුත් මෙහෙම කටු කන එකේ, බස්වල වවුල්ලු වගේ එල්ලිලා යන්න වෙන මිනිස්සු ගැන කවර කතාද? එහෙව් එකේ ඉක්මනටම ගමන යන්න පුළුවන් වෙලාව දැනගන්න එක වැදගත්. දැන් නං ගුගල් මැප්ස් එකේ පින්වතුන් හින්ද පාරේ ට්රැෆික් තත්වේ දැනගන්න පුළුවන්. ඒත් එතකොට කොම්පීටරේ, ෆෝන් එක දිහා බලාගෙනම ඉන්න වෙනවා තත්වේ හොඳ වෙනකං. When2Leave ඒ වැඩේ පහසු කරනවා.
ඔබට කරන්න තියෙන්නෙ ගමනාරම්භක ස්ථානයේ ලිපිනයයි, ගමනාන්තයේ ලිපිනයයි ඇතුළු කරන එකයි. සයිට් එකෙන් ගුගල් මැප්ස් විශ්ලේෂණය කරලා ගතවෙන කාලය දැනුම්දෙනවා. ඒ කාලේ දිග වැඩියි කියල හිතුනොත්, ඔබට කැමති කාලයක් සයිට් එකට ඇතුළුකරන්න. ඔබ ඒ කියපු කාලයට අනුරූපව ටරැෆික් එක අඩුවෙච්ච ගමන්, සයිට් එකෙන් ඔයාට දන්වනවා.
Take a Five
එක දිගට පැය ගණන් තිස්සේ වැඩක් කර කර ඉන්නකොට එපා වෙන්නෙ නැද්ද. අනික එහෙම වැඩ කරන කොට කරන වැඩෙත් හරියට කෙරෙන්නෙත් නෑ නේ. කිට් කැට් එකක් එහෙම කාල පොඩි බ්රේක් එකක් ගන්න එක වටිනවා. අනික ඔය බ්රේක් එකක මුණුපොත වගේ තැනකට වැටුනොත් ගොඩ එනවා අමාරුයි. ඔය දෙකටම හරියන්න තමයි මේ වගේ සයිට් තියෙන්නෙ.
මෙතෙනදී මේ අඩවියට ගිහිල්ල ඔබට ඕනේ කාල රාමුව තෝරාගන්න. ඊට පස්සෙ ඒක හරහාම තමන්ට යන්න ඔනේ වෙන අඩවියකට යන්න. ඒ කාලය ඉවර වෙච්ච ගමන් ඒ පිටුව වැහිලා යනවා. ඉතින් තමන් කරගෙන යන වැඩේට බාධාවක් වෙන්නෙ නැහැ.
Take It Apart
අර 3 Idiots චිත්රපටියේ රංචෝට වගේ අහුවෙන අහුවෙන දේ කෑලිකරලන මිනිස්සු අපි කවුරුත් අඳුරනවා ඇති. ඒවා ආපහු හදල තියන්නේ නැති කොට තරහ ගියත් හදිස්සියකට ඔය ලැප්ටොප් එකක් වගේ දෙයක් හදාගන්න වුනොත් එහෙම මනුස්සයෙක් නැතුව බැහැ. මේක එහෙම කෙනෙක් හදපු සයිට් එකක් වෙන්න ඇති, මොකද මේකේ තියෙන්නෙ එක එක දේවල් කෑලි කරන හැටි. මොකක්හරි හේතුවක් හින්ද උපකරණයක්, ෆෝන් එකක්, කොම්පියුටරයක් ආදී දේවල් ගලවල බලන්න උවමනා වුනොත්, ඒක කරන විදිහ මේකෙන් හොයාගන්න පුළුවන් වෙයි.
WillMyPhoneWork
මේක නං වැඩිය වැදගත් වෙන්නෙ ඔය හුඟක් විදේශගත වෙන කට්ටියට. මේ අඩවියෙන් ඔබේ ජංගම දුරකතනය ඔබ ඊළඟට යන්න ඉන්න රටේ දුරකථන ජාල එක්ක වැඩකරනවද කියල බලාගන්න පුළුවන්.
Mailinator
ඔය එක එක වෙබ්සයිට් වලට ඇතුළු වෙන්න හැමතිස්සෙම ඇකවුන්ට් එකක් හදල එන්න කියනවනේ. ඉතින් ඔය හැම එකකටම තමන්ගේ ඊමේල් ඇඩ්රස් එක දෙන්න ගියාම ඕන්නැති මේල් හෝ ගාල එන්න වැඩි කාලයක් යන්නෙ නැහැ. අනික ආරක්ෂාව ගැන ප්රශ්නෙකුත් තියෙනවනේ. ඕකට හොඳ විසඳුමක් තමයි මේ වෙබ් අඩවිය. මේ අය තාවකාලිකව භාවිතා කරන්න බොරු ඊමේල් ලිපිනයක් හදල දෙනවා. ඒක පාවිච්චි කරලා වැඩේ කරගන්න, ඊට පස්සෙ අමතක කරලා දාන්න. වැඩේ ගොඩ.