ලංකාවේ සිනමාව අභාවයට යනවා කියල කොච්චර කිව්වත් ඔය ෆිල්ම් හෝල් පහුකරං යනකොට පෝලිං පේන වෙලාවට හිතෙනවා මොන අභාවයක්ද කියල. හැබැයි ඉතින් හොඳ ෆිල්ම් එකක් වෙන්නත් එපැයි. මෙන්න අපේ ඇස ගැටුණු එන අවුරුද්දෙ එන අපේම චිත්‍රපටි ටිකක්. (එන අවුරුද්දෙ කිව්වට මේ සමහර ඒවාට දින කියල නෑ. හිතං ඉන්නේ ඉතින් 2017 පෙන්නයි කියල)
ආලෝකෝ උදපාදී
මේක හුඟක් කල් තිස්සේ එනකං බලං හිටපු චිත්‍රපටියක්. පළවැනි පුර්ව ප්රචාරක පටය ආවේ 2015 දී. මේකේ වළගම්බා රජතුමාගේ කතාවස්තුව වගේම, බැමිණිතියා සායෙන් බුදු දහම රැකගන්න ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩ කරපු ආකාරය ගෙන හැර පානවා. පුර්ව ප්රචාරක පටයේ තිබුණ ලස්සන, කලාත්මක ගතියට කාගෙත් හිත ඇදිලා ගියා. කොහොමහරි අන්තිමේ දැන් පෙන්වන දිනයකුත් දැනගන්න ලැබුණා: 2017 ජනවාරි 20.
මදුර චාරිකා
සීයයි මුණුබුරයි එකතු වෙලා අතීතය සොයා යන ලස්සන ගමනක්. උදයකාන්ත වර්ණසුරියගේ අලුත්ම නිර්මාණය තමයි මේ. හේමසිරි ලියනගේ, නලීන් ප්‍රදීප් උඩවෙල, මාදනී මල්වත්ත රංගනයෙන් දායක වෙනවා.
බන්ධනය
පවුල් දෙකක ආරවුලකින් ඇරඹෙන මේ කතාව, අත්භූත බිහිසුණු තැනකින් ඉවර වෙනවා වගේ පෙන්නේ. ලංකාවට හොඳ “horror” චිත්‍රපටියක් බලාගන්න පුළුවන් වෙන අවස්ථාවක් වගේ පේනවා. මේකත් උදයකාන්ත වර්ණසුරියගේ අධ්‍යක්ෂණයක්. සිරිල් වික්‍රමගේ, ස්විනිතා වීරසිංහ, නිල්මිණි තෙන්නකෝන් රඟපානවා.
පුංචි අන්දරේ
මේ ලංකාවේ අන්දරේ ගැන නොදන්නේ කවුද? අපිත් අන්දරේට පණ දෙන්න පොඩි උත්සහයක් ගත්තේ අන්දරේට අපි හැමෝම ආදරේ හින්ද. ඒත් අපි අහල තියෙන්නෙ අන්දරේ ලොකු වුනාට පස්සෙ කර්පු පෙරලි නේ. මෙන්න අන්දරේගේ ළමා කාලේ හපන්කම් බලාගන්න අවස්ථාවක්. ප්‍රවීන් කටුකිතුලේ, මහේන්ද්‍ර පෙරේරා, සුනීතා විමලවීර, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ රංගනයෙන් දායක වෙන අතර මේ චිත්‍රපටිය සුමිත් රෝහණ තිත්තවැල්ගම අධ්‍යක්ෂණයක්.
ප්‍රේමය නම්
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන සොහොයුරන් දෙදෙනාගේ පළවැනි නිර්මාණය තමයි මේ චිත්‍රපටිය. විදේශීය සිනමා උළෙල කිහිපයකම පෙන්නලා තියෙන මේ චිත්‍රපටිය, මානසික ප්‍රශ්ණ අතරේ යන ආදර කතාවක් වගේ පෙන්නේ. ලංකාව මානසික ආබාධ ගැන තාමත් නුසුදුසු මත පවතින එකේ, මේ වගේ කෘතියකින් ඒ මාතෘකාවට එළියක් ව් වැටෙයි කියල බලාපොරොත්තු වෙනවා.
කළු හිම
මේක අමුතුම තේමාවක් තියෙන චිත්‍රපටියක්. හිමාලය නගින්න යන ලංකාවේ කට්ටියකට හිම කන්දක් කඩං වැටෙනවා. ඊට පස්සෙ ඒගොල්ලෝ ගෝත්‍රිකයෝ පිරිසකට අහුවෙනවා. මේක නේපාලෙම රුගත කරලා තියෙන හින්ද පසුබිම්වල නියම ලස්සනක් පේනවා. අධ්‍යක්ෂණය උපාලි ගමගේ ගේ. රංගනයෙන් නිරෝෂන් විජේසිංහ, සුබෝධිනී ලක්මාලී, කාවිංග පෙරේරා, ටිරාන් වික්‍රමසූරිය, ගයනි ගිසන්තිකාගේ.
අපිට අහුවෙච්ච කිහිපයක් විතරයි මේ. ඔයාල තව දන්නවනං කොමෙන්ට් එකක් දාල යන්න අපි හැමෝටම දැනගන්නත් එක්ක.