“ඒ මචං, අර උඹේ තද නිල්පාට ඩෙනිම දියන්කො. හවසට කෑල්ල හම්බෙන්න යන්න තියෙනව බන්. හෙට ගෙනත් දෙන්නම්” මගේ හොඳම යාළුවා කියාගෙන, මාවම කන්න බලාගෙන ඉන්න අල්ලපු ගෙදර අජියා, කාමරේට රිංගද්දි රෑ 9ත් පහුවෙලා ඇති. අම්බානක නිදිමතේ හිටිය මම ඇස් දෙකවත් අරින්න උත්සාහ කලේ නෑ. මොකද බෑ කියන්නයැ.
“ඔය රැක් එකේ යට කෑල්ලෙ ඇති ගනින්” කියල නිකං හිටියා.
“අඩෝ!, ඒ, මේකෙ නූල් ඇදිලනෙ බන්. වාටිත් ලිහිලා බන්. අයියෝ මේ බලපන්කො දණිස්ස පිටිපස්සෙ ඉරිලත් එක්ක, තෝ මේක කුළී වැඩකටවත් ඇන්දද? අපරාදෙ යකෝ සුප්ප ඩෙනිම” අජියගෙන් එක මර ලතෝනියයි. නිදා ගන්නත් නෑ.
“අනේ මේ @##*%@#, ගන්න රෙද්දක් අරන් පළකො. ඉරිල නම් මොනව හරි අයිටම් එකක් දාලා හදා ගනින්. උඹ දන්නවනෙ ඔය එක එක ආර්ට් පාරවල්”
කොහොම හරි සිද්ධිය එතනින් ඉවර වුනා. අජියත් ඩෙනිම අරන් යන්න ගියා. ඩෙනිම ආපහු මට හම්බවුනෙත් සති දෙකකට විතර පස්සෙ. හැබැයි මාර වැඩේ කියන්නෙ, අජියා මාර වැඩ්ඩෙක්නෙ. මගේ ඩෙනිම මටම අඳුර ගන්න බැරි වෙන්න හදල කියන්නකො. අවුල් ගිහින් තිබ්බ තැන් සේරම ටොප් එකට ඩිවලොප් කරල. කොටින්ම කියනව නම් අළුත් ඩෙනිමක් ගන්න තිබ්බ අදහසත් එහෙම් පිටින්ම යට ගියා.
“ඒ අජියා, උඹ පට්ට වැඩ්ඩෙක්නෙ. කොහොමද බන් මෙහෙම හැදුවෙ” මම පුල් හොල්මන්.
“දන්නැද්ද, එහෙනම් අහගනින්කො” අජියා ක්රම ටික කියන්න පටන් ගත්තා.
1. Distressing, Style 1
කටු ගානව කියන්නෙ මේකට තමයි. මොකද මේ වැඩේ කරන්න තියෙන්නෙ කටු, බ්ලේඩ් වගේ දරුණු ආයුධ උපයෝගී කරගෙන. ටෙක්ස්යිල් වැඩේ වුනාට නූල් ඉඳිකටු ඕන වෙන්නෙ අන්තිම මොහොතෙ. ඒක නෙවෙයි, උඹට ඕක විස්තර කරල දෙනවට වැඩිය පින්තූරයක් පෙන්නල තේරුම් කරන එක ලේසියි කියල මම දන්නවනෙ. ඒ නිසාම නෙට් එකෙන් හොයල මෙන්න මේක අරන් ආව. ආ.. බලල ප්රැක්ටිස් වෙන්න.
2. Distressing, Style 2
ඔය උඩ විදිය සැර වැඩියි වගේ නම්. මෙන්න මේ විදියටත් කරන්න පුලුවන්, හරිය. හැබැයි මේකෙදි අර තරම් රස්තා ලුක් එකක් එන්නෙ නෑ. ජෙනුඉන්, ඩීසන්ට් ලුක් එකක් තමයි එන්නෙ. එකක් මතක තියා ගන්න, වැලි කඩදාසියෙන් හෙමිහිට කරන සියුම් වැඩේ නිසා හොඳ මීටරෙන් කරන්න ඕන. ආ මෙන්න ඒකෙ පොටෝ එක.
3. Ripping
ඩෙනිම අන්තිම ආබාධිත තත්වයකට පත් වුනාම තමයි මේ වැඩේ කරන්න හොඳ. නැත්නම් නිකං අපරාදෙ කියල හිතෙයි. මොක මේක ස්ටයිල් 1 එකට වඩා ටිකක් දරුණුයි. තනි කරම කැපෙන කෙටෙන ආයුධ භාවිතයක්. උදාහරණයක් විදියට උඹට පුලුවන් ගෙදර කැරට්, චීස් ග්රේටරේ පාවිච්චි කරන්න. නැත්නම් රේසරයක් වගේ එකකිනුත් පුලුවන්. හැබැයි ප්රැක්ටිස් එක තියෙන්න ඕන. අනික ආයුධෙන් ආයුධේට ස්ටයිල් එක වෙනස් වෙන නිසා වෙන මොකක් හරි එකකට කරල හිටිය නම් තමයි හොඳ.
4. Waist Fitting
“ඉන ඇදිලා තිබ්බ බන්. බෙල්ට් එකක් දාලාවත් ගොඩ ගන්න බෑ, අම්බානක ගුලි ගැහෙනව. ඒ නිසා මං, නෝන්ඩි නැති වෙන්න පොඩි වැඩ කෑල්ලක් දැම්ම. ඔට්ටුයි හොයන්න බෑ, මොකද කියන්නෙ”
අර කිව්වත් වගේ යාළු, මම හෙව්ව හෙව්ව, එහෙම අවුලක් හොයන්න නෑනෙ. තද බයිටකුත් දීලා තමයි අජියා වැඩේ පැහැදිලි කලේ. ඔන්න බලා ගන්න ඒකෙ පොටෝ එක.
5. Softening
මේක ඇවිල්ල පට්ට ජෙනුඉන් විදියට ස්ටයිල් පාරක් දාන්න කියාපු ක්රමේ බන්. ගන්න තියෙන්නෙ තිරිවාන හරි මැදුනු කළු ගලක් හරි. ඊට පස්සෙ හිතේ තියෙන හැඩේ එනකම් අතුල්ලන්න. හරියට චිත්ර අඳිනව වගේ. හැබැයි ඊට වඩා ටිකක් මහන්සි වෙන්න වෙනව.
6. Waxing
මේක උඹට නම් සෙට් වෙන එකක් නෑ. කෙල්ලන්ට හරියන ස්ටයිල් එකක්. දැකල ඇතිනෙ නිකං ඉටි ගතියක්, පොඩි ෂයිනි ගතියක් කලවම් වුනු ‘මැට්’ ඩෙනිම්. මේකෙනුත් වෙන්නෙ අන්න ඒ වගේ වැඩක්. කරන්න තියෙන්නෙ ෆැබ්රික් වැක්ස් කෑලි තුන හතරක් ගෙනැල්ල හීන් සිරුවෙ එක තැනක් වත් මග ඇරෙන්නෙ නැති වෙන්න අතුල්ලන එක.
7. Dazzling
මේකත් මචං කෙල්ලන්ට තමයි හරියන්නෙ. ඕන නම් උඹේ කෑල්ලගෙ ඩෙනිමකට කරල බලපන්, හැබැයි මම නෑ හොඳද. ඔය පොඩි පොඩි තොරොම්බල් කඩවල්, නූල් කඩවල් වගේ ඒව තියෙන්නෙ. ඕවයෙ තියෙනව ස්ටඩ්ස්, බීඩ්ස් වගේ එක එක නම් වලින් පොඩි යකඩ කෑලි, පින් වගේ ඒව. ගෙනැල්ල පොඩි රටාවක්, ගතියක් තියෙන විදියට වැඩේ කරන්න. සමහර ඒව නම් ස්ටේප්ලින් සිස්ටම් එකට තියෙන්නෙ. සමහර ඒව තියෙන අලවන්න පුලුවන්.
8. Cutoff
දැන් ඔය, මම අමාරුවෙන් හදපු ඩෙනිම උඹ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ ඇඳල කෙල වෙලාම යන දවස තියෙනව නේ. අන්න එදාට ඕක ෂෝටක් කරන්න පුලුවන්. හැබැයි ඉතින් දඟ දාලා දණිස්සට උඩින් පදාසයක් යවා ගත්තොත් නම් හිත හදාගෙන අළුත් එකක් ගන්න වෙනව.
“මේ ඒක නෙවෙයි බං, මට අන්න අර අළුපාට ෂර්ට් එක දියන්කො අද ඔපිස් අඳින්න. ඊයෙ වැස්ස නිසා හෝදපුවා එකක්වත් වේලිලා නෑ බන්” ක්රම 8ම කියල අන්තිමට මට ආයෙ මරිසියක් දැම්ම කියන්නකො.