ලංකාවනේ, වැඩ්ඩෝනේ; නියමෙට වැඩ ගන්න පුළුවන් ලංකාවේ සුපිරි යූටියුබ් චැනල් 8ක්.

දැන්දැන් ලංකාවේ බිහිවෙන යූටියුබ් චැනල් ගාණ සෑහෙන්න වැඩියි. මේ චැනල් ගොඩක් ඒවායේ තියෙන්නේ කොමඩි වීඩියෝ. සමහර ඒවාට නම් හිනාවෙලා ම පණ යනවා. ඔය අතරේ කට්ටියක් ඉන්නවා මේ ලෝකේ රහක් නෑ. කිචි කවාගත්තත් උන්ගේ වීඩියෝවලට හිනායන්නේ නැහැ.

කොහොම වුණත්, අද අපි කියන්නේ ඒ වගේ කොමඩි චැනල් ගැන නෙවෙයි. ලංකාවේ අපේ අය කරන, සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් විදියේ යූටියුබ් චැනල් 8ක් ගැන.

1. Sinhala Geek Show

Sinhala Geek Show කරන්නේ Chanux Bro. එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන ටෙක්නොලොජි දැනුම තමයි මේකෙන් සැපයෙන්නේ. කොටින් ම කිව්වොත්, කම්පියුටරේට වින්ඩෝස් දාගන්නේ කොහොමද, ඔන්ලයින් ෂොපින් කරන්නේ කොහොමද, වගේ සරල දේවල් පවා චනුක්ස් බ්‍රෝ කියලා දෙන්නේ හරි ම පැහැදිලි  විදියට.  

ඒ විතරක් නෙවෙයි, ඉස්සරහට එන්න තියෙන නව තාක්ෂණ වැඩකිඩ, අලුතෙන් එන ඩිවයිස් ගැන මේ චැනල් එකෙන් කතා වෙනවා. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් මේ චැනල් එකේ වීඩියෝ ටිකක් බලන්නකෝ. සමහරවිට ෆෝන් එකක් එහෙම දිනාගන්න බැරිවෙන එකක් නැහැ. මොකද චනුක්ස් බ්‍රෝ හිටපු ගමන් ලයිව් ගිව්-අවේ කරනවනේ.  

2. Vishwa Karma

විශ්ව කර්ම චැනල් එක කරන්නේ දිනේෂ් සුරංග කියලා කෙනෙක්. එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන සෞඛ්‍යමය කරුණු, නක්ෂත්‍රය, විද්‍යාව ගැන තොරතුරු මේ චැනල් එකෙන් කතා කෙරෙනවා. මේකෙන් ලැබෙන දැනුම ලංකාවට විතරක් සීමා වෙන්නේ නැහැ. ලෝකයේ වෙලා තියෙන අත්භූත සිදුවීම් මේ චැනල් එකේ පෙන්වන්නේ ඒ අදාළ ඔරිජිනල් වීඩියෝත් එක්කමයි. හැමදාම වගේ අලුතෙන් වීඩියෝ එකක් නිකුත් කරන්න මේ කට්ටිය සමත්.

3. TechTrack Show

සයන්ස් ඇන්ඩ් ටෙක්නොලජිවලට ආසාවක් දක්වන උදවියට කියාපු චැනල් එකක් විදියට TechTrack යූටියුබ් චැනල් එක හඳුන්වන්න පුළුවන්. මේක කරන්නේ මලින්ද අලහකෝන් මහත්මයා. ඔහු වෘත්තියෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගී වෙන ඔහු, තරුණ පරම්පරාව විද්‍යාවට නැඹුරු කරවන උපදේශකයෙක් විදියටත් ප්‍රසිද්ධයි.

දැනට නිකුත් වෙලා තියෙන වගේ ම, ඉස්සරහට එන්න තියෙන අලුත් තාක්ෂණයන් ගැන කාරණා TechTrackවලින් කතා කෙරෙනවා. පරිගණක විද්‍යාවට විතරක් කොටු නොවීම තමයි මේ චැනල් එකේ වීඩියෝවල තියෙන වෙනස. බොහොම සරල විදියට සිංහල බසින් කරගෙන යන නිසා, හැදෙන වැඩෙන දරුවෙක්ට පවා කිසි ම අවුලක් නැතුව මේක බලන්න දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට අලුත් වීඩියෝ දෙකක් මේ චැනල් එකට එකතු වෙනවා.

4. Wishma Lokaya

මේකත් ටිකක් විශ්ව කර්ම චැනල් එකට හුරුයි. ගොඩක් වෙලාවට කතා කරන්නේ සෞඛ්‍යමය කාරණා ගැන. හිසකෙස් ගැලවී යාම අඩු කරන ක්‍රම, තරබාරුව මට්ටු කරන හැටි, විටමින් වැඩි ම ආහාර වර්ග; ඔය ඒ වගේ වීඩියෝ කීපයක්. මීට අමතර ව සාමාන්‍ය ජීවිතේදී වැදගත් වෙන දේවල් ගැනත් විශ්ම ලෝකයෙන් බලාගන්න පුළුවන්. ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුම්, රාත්‍රියේ ස්මාට් ෆෝන් පාවිච්චියේ භයානක බව වගේ කරුණු ඇති වීඩියෝ ඒවාට උදාහරණයි.

Nodutu Lokaya කියන්නෙත් මේකට ම සමාන තවත් යූටියුබ් චැනල් එකක්. මේක කරන්නේ කවුද කියලනම් අපට හොයාගන්න බැරි වුණා. කොහොම වුණත්, මෙයාලා මේ වැඩේ කරන්නේ 2014 අවුරුද්දේ ඉඳලයි.

5. Anoma's Kitchen

අනෝමා විජේතුංග මහත්මිය කරන යූටියුබ් කුකින් ක්ලාස් එක තමයි මේ. ලංකාවේ රසට කෑම ජාති හදන හැටි පියවරෙන් පියවර කියලා දෙන්න මේ චැනල් එකට පුළුවන් වෙලා තියෙනවා. මේ වෙද්දී Anoma's Kitchen චැනල් එකෙන් නිකුත් වෙලා තියෙන රෙසිපි ගාණ 150ක්. කුස්සියට යන්න කම්මැලිකමට, කඩවල්වලින් කන්න පුරුදු වෙලා ඉන්න අපේ තරුණ පරම්පරාවට, මේකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්.

මීට සමාන තවත් චැනල් එකක් තමයි Aasai Rasai ආසයි රසයි. ලංකාවේ කෑම වගේ ම, පිටරට කෑම අපේ හුරුවට හදාගන්න විදිය මේ චැනල් එකේ වීඩියෝවලින් බලාගන්න පුළුවන්. දැන් සති දෙකකට වගේ උඩදී නිකුත් වෙච්ච ඊස්ටර් එග් සැලඩ් වීඩියෝ එක මේකට හොඳ ම නිදසුනක්.

6. SL Geek

SL Geek එකෙන් වෙන්නෙත් අලුත් තාක්ෂණයට අදාළ විස්තර කියලා දෙන එකයි. මේක කරන්නේ පසිඳු ජයසිංහ කියලා කෙනෙක්. පරිගණක විද්‍යාව පැත්තෙන් ඉගෙන නොගත්තත්, ඊට සම්බන්ධ රැකියාවක් නොකළත්, එදිනෙදා වැඩවලට අපට පරිගණකයේ උදව් ගන්න වෙනවමයි. අන්න ඒ වගේ කාරණා ගැන පසිඳු මේ චැනල් එකෙන් කතා කරනවා.

ඒ විතරක් නෙවෙයි පරිගණක ක්‍රීඩා, අලුතෙන් එන ගැජට්වල අන්බෝක්සින්, සහ රිවීව් සම්බන්ධ වීඩියෝත් මේ චැනල් එකේ තියෙනවා. මේ වගේ තවත් චැනල් දෙකක් තමයි RuwanTech සහ නාමල් බාලසූරිය කරගෙන යන මෙන්න මේ චැනල් එක. මේ දෙකෙනුත් වෙන්නේ තාක්ෂණයට සම්බන්ධ විස්තර ඔයාලා හමුවට ගේන එකයි.

7. Video Katha

මේක ලංකාවේ නොහිටියත් අපේ රට අමතක කරන්න බැරි කොල්ලෙක් කරන නියම චැනල් එකක්. අපට දැනගන්න ලැබුණු විදියට, මේ Video Katha චැනල් එක කරන සම්පත් ඉන්නේ ඇමෙරිකාවේ. සම්පත් මුලින් ම මේ වැඩේ පටන්ගත්තේ තමන් දිනපතා කරන කියන වැඩ (උදාහරණයක් විදියට පීසා එකක් හැදීම) එකතු කරලා හදපු වීඩියෝවලින්. හැබැයි පහු වෙද්දී විද්‍යාව, තාක්ෂණය, ලෝකයේ අභිරහස් සිද්ධි ගැන තොරතුරු සහිත වීඩියෝ හදන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා.

8. YAMU TV

මේක යමු එකේ අපේ වැඩක් වග කට්ටිය දන්නවා ඇතිනේ. ගොඩක් වෙලාවට YAMU TV වීඩියෝ ජනප්‍රිය වෙන්නේ ෆේස්බුක් එකෙන්. ඒත් ඒ හැම වීඩියෝ එකක් ම අපේ යූටියුබ් චැනල් එකෙන් බලාගන්නත් පුළුවන්. එදිනෙදා ගෙදරදොරේ හදාගන්න පුළුවන් සිම්පල් අඹ අච්චාරුවෙන්, පරිප්පු හොද්දෙන් පටන්ගත්ත ම, තරු පහේ හෝටල්වල කෑම හැදෙන විදිය දක්වා රෙසිපි වර්ග මේ චැනල් එකේ පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ටේස්ට් – ඕෆ් අත්දැකීම් එහෙමත් මේ අතරේ තියෙනවා. අපි කරපු චොකලට් කිරි, චොකලට් පුඩින්, KFC බර්ගර් ටේස්ට් – ඕෆ් වීඩියෝ ඒ අතරින් කීපයක් විතරයි.

කෑම බීම ගැන දැනගන්න විතරක් නෙවෙයි තවත් වටිනා කියන තොරතුරු ගොඩක් YAMU TV චැනල් එකෙන් බලාගන්න ඇහැකි. එයින් එකක් තමයි ඉන්දි කරන Colombo Walks. මේකෙදී වෙන්නේ කොළඹ තියෙන නගරයක් තෝරාගෙන එකේ ඉතිහාසය, අද තියෙන තත්ත්වය ගැන විස්තර ලබාදෙන එක. The Whenever Show (ඉස්සර The Weekly Show) එකෙන් කාලීන මාතෘකා ගැන කතා කෙරෙනවා. ඒ හැරුණා ම, ලංකාවේ ලයිෆ්ස්ටයිල් එක ගැන, සංචාරෙකට එනවනම් යන්න ඕනේ තැන් ගැන කියවෙන වීඩියෝත් අපේ YAMU TV එකෙන් දැකගන්න පුළුවන්.

අපට මඟ අරුණු තවත් යූටියුබ් චැනල් ඕනේ තරම් ඇති. ඒවා මෙතැන කමෙන්ට් කරනවානම් සෑහෙන්න වටිනවා. අපේ යාළුවන්ට දැනගන්න පුලුවන් වගේ ම, ආයේ දවසක ඒ කට්ටිය ගැනත් කතා කරන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide