ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු පෙරහැර එන්නේ ඉස්සර, මේ දවස්වල එන්නේ ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංගු මදුරුවෝ. අපි වැඩි දෙනෙක් අවධානයක් නොදැක්වුවාට මේ වෙද්දී ලංකාව තියෙන්නේ මේ වෙනකම් ඇතිවෙච්ච ලොකුම ඩෙංගු අවුට් බ්රේක් එකේ කියලා කියන්න පුළුවන්. ජනවාරිවල ඉඳලා මේ වෙනකම් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,000කට කිට්ටුයි. මියගියපු ගාන 200කට වැඩියි. පහු ගිය අවුරුද්දටම වාර්තා වෙච්ච ඩෙංගු රෝගීන් ප්‍රමාණය 55,000ක් විතරයි. ඔව්, මේ වෙද්දී ඩෙංගු මදුරුවා උගේ මේ අවුරුද්දේ ටාගට් අවුරුද්දෙන් භාගයක් යනකොටම කවර් කරලා. ගිය අවුරුද්දේ ජනවාරි ඉඳන් ජූනි වෙනකම් වාර්තා වෙච්ච ඩෙංගු රෝගීන් ප්‍රමාණය 21,838 එහෙ බැළුවම මේ අවුරුද්දේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රතිශතය 316.15%ක්. ලෝකේ ප්‍රධාන වශයෙන් ඩෙංගු වෛරස් විශේෂ 4ක් (DNEV-1-4) හඳුනගෙන තිබුණා ඒ හතරම මේ වෙද්දී ලංකාවේ තියෙන බව හඳුනගෙන තියෙනවා. මෑතකදී මැලේසියාවෙදී තවත් ඩෙංගු වෛරස් විශේෂයක් හඳුනගත්ත බව ප්‍රකාශ වුණත් ඒක ගැන වැඩි සඳහනක් ඇත්තේ නෑ. මේ වෙද්දී ලංකාවේ යන ඩෙංගු වසංගතේ Type -2 වෛරස් එක නිසා ඇතිවෙච්ච එකක් කියලා තමයි කියන්නේ. මේවා කාලෙන් කාලෙට මතුවෙනවා; වැඩියත්ම වැස්සත් එක්ක.
ඩෙංගු කියන්නේ
ඩෙංගු කියන්නේ මදුරුවන්ගෙන් බොවෙන වෛරස් රෝගයක්. ඔව්, වෛරස් රෝගයක් නිසා බේත් ඇත්තේ නෑ. කරන්න පුළුවන් රෝගය අපේ ශරීරයේ ප්‍රතිශක්තිය මඟින් පරාජය කරනකම් ලෙඩා අනිත් කම්ප්ලිකේෂන්වලින් මැරෙන්නේ නැති වෙන්න තියාගන්න එක තමයි. ඒ වගේම මේ වෙද්දී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්ථාවෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. ගාණ කිව්වොත් 27,000කට වැඩියි. ඩෙංගු වළක්වන්න කරන්න තියෙන හොඳම දේ තමයි ඩෙංගු මදුරුවන්ගේ බෝවීම සීමා කරන එකයි. ඒක කරන්නේ කොහොමද කියන එක මේ වෙද්දී නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න බෑ. ඒ තරමටම ඒ ගැන දැනුවත් කරලා ඉවරයි. හැබැයි එහෙම වුණාට ඩෙංගු හැදුණොක් මොනවද කරන්න ඕන ඇයි එහෙම කරන්නේ කියන එක ගැන මිනිස්සුන්ට ලොකු අදහසක් තියෙන බවක් පේන්න නෑ.
බේත් හේත්
අනිත් දේ තමයි දැන් ඉස්සර වගේ උණ හැදිලා දවස් 3ක් යනකම් ඉන්න ඕන නැහැ ඩෙංගු චෙක්කරගන්න. ඉස්සර ඩෙංගු අඳුනගත්තේ ප්රේට්ලට් අඩුවෙන එක පරීක්ෂා කරලා වුනාට දැන් ඩෙංගු අඳුනගන්නේ ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාකරලා බලලා. දැන් ඉතින් උණ හැදුනානම් පළවෙනි දවසෙම ගිහින් ඩෙංගු වලට පරික්ෂා කරගත්තොත් තමයි හොඳ.
ඩෙංගු හැදිච්ච ලෙඩ්ඩු වගේම අනිත් බොහොමයක් දෙනා කියන කතාවක් තමයි ඉංග්‍රීසි වෙදකමේ ඩෙංගුවලට බේත් නෑ; කරන එකම දේ උණට පැරසිටමෝල් දෙන එකයි, සේලයින් දෙන එකයි මැනලා වතුර දෙන එකයි විතරයි; ඕක ඉතින් මටත් කරන්න පුළුවන්නේ ගෙදර ඉඳන් කියන එක. ඇත්තටම කිව්වොත් ඒක ඒ තරම් සිම්පල් නැහැ. ඩෙංගුවලදී අපේ ලේවල තියෙන තරල කාන්දු වෙනවා. ගොඩක් දෙනෙක් මෙහෙම වෙන්නේ රුධිරයේ පට්ටිකා අඩුවීම නිසා කියලා හිතාගෙන හිටියත් ඇත්තටම මේක වෙන්නේ ඩෙංගු වෛරස අපේ රුධිර වාහිනීවලට කරන බලපෑම නිසා රුධිරවාහිනී බිත්තිවල සෛල අතරේ තියෙන හිඩැස් විශාල වීමෙන්. (රුධිරය කාන්දු වෙන්න ගන්නේ මේ බලපෑම තවත් දරුණු වුණොත් විතරයි.) මේ විදියට රුධිරයේ ප්ලාස්මාව අයින් වීමත් එක්ක රුධිරයේ ඝනත්වය වැඩි වෙනවා. රෝහලේදී වතුර හරි සේලයින් හරි දෙන්නේ මේ විදියට ඉවත්වෙන ජල පරිමාවට සමාන වෙන්න. යම් කිසි විදියකින් මේ අවශ්‍ය ප්‍රමාණයට වතුර නොලැබුණොත් රුධිරය ඝනත්වයෙන් වැඩි වීම නිසා හෘදයවස්තුව මඟින් ශරීරය පුරා පොම්ප කරන්න අමාරු වෙනවා වගේම වකුගඩුවලින් බහිෂ්ස්රාවීය ද්‍රව්‍ය පෙරන එක නැවතිලා එහෙම නැත්නම් ස්ට්‍රොක් එකක් හැදිලා ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිපුර වතුර දුන්නොත් කාන්දු වෙන තරල ප්‍රමාණය වැඩිවෙලා අක්මාවේ, පෙනහළුවල, මොළයේ වතුර එකතු වෙලා ලෙඩා මැරෙන්නත් පුළුවන්. මේ සැරේ ඩෙංගු අවුට්බ්රේක් එකේ ඩෙංගු රක්තපාත අවස්ථාවට ගියපු ප්‍රමාණය කලින් අවස්ථාවලට ගොඩක් වැඩියි. ඩෙංගු වෛරස මියුටේට් වෙලාද කියලත් සැකයක් ඇති වෙලා තියෙනවා. කොහොම වුනත් බොටම් ලයින් එක මෙච්චරයි. මේ සැරේ ඩෙංගු එක්ක සෙල්ලම් දාන එක එච්චර ඇඟට ගුණ නෑ.
ගොඩ වෙදකම්
අනිත් වැදගත් දේ තමයි අපේ අයියලා කියන ගොඩ වෙදකම්. ඔය ගස්ලබු කොළ, බිලිං යුෂ, පේටන්ට් තියෙනවා කියන පෙති, කරල්, අරිෂ්ට, වූර්ණ, බලි තොවිල්, ශාන්තිකර්ම මේ කිසිම දෙයක් ඩෙංගු සුවකරන්න පුළුවන් ක්‍රම විදියට ක්ලිනිකල් ට්‍රයල් කරලා ඔප්පු කරපුවා නෙමෙයි. ලංකාවේ ඉන්න ගොඩ වෙද්දු, කට්ටඩි, කපුවෝ ගැන ඉතින් ආපහු අමුතුවෙන් කියලාදෙන්න ඕන නැහැනේ. මේ කියන ගොඩ වෙදකම් කරලා ලෙඩාට අන්තිම අමාරු වුණායින් පස්සේ ඉස්පිරිතාලේ උස්සන් යන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මේ අවුරුද්දේ වාර්තාගත ඩෙංගු රෝගීන් ගණන 69,000ක් වුණාට මැරිලා තියෙන්නේ 200යි. ඒ කියන්නේ 68,800 ක් මැරිලා නෑ. ඒ ඔක්කොම බේරිලා තියෙන්නේ ඔය බලි තොවිල්, ගොඩ වෙදකම් කරලා නෙමෙයි. කොටින්ම කිව්වොත් ඩෙංගු රෝගියෙක් බටහිර වෙදකමෙන් බේරගන්න පුළුවන් කියලා පැහැදිලිව පේන්න තියෙද්දී ඇයි අපි අනවශ්‍ය රිස්ක් එකක් ගන්නනේ කියන එක ආපහු හිතලා බැලුවොත් තමයි හොඳ.