වැස්ස ඇතත්, නැතත්, මේ දවස්වල හැම ලොකු කුඩා හැම පොඩ්ඩෙක් අතේම සරුංගලයක් කියන්නෙ බොහොම සුලබ දසුනක්. හැම වීදියක්ම පාට පාට සරුංගල් අතින් ගත්ත දරුවන්ගෙන් පිරිලා ගිහින්. අගෝස්තු මාසයෙ ඉසේකෝලෙ නිවාඩුව ලැබෙන්නෙ ඒතරම් මුදලක් වියදම් නොවෙන හුඟ දෙනෙක් කැමති මේ විනෝදාංශය වෙනුවෙන්ම කියලයි හුඟක් පුංචි දරුවො හිතාගෙන ඉන්නෙ. ඔබ ගාලු මුවදොර පිටියට ගියොත්, ඉහළ කරදිය සුළඟ හමන නිල් අහස සරුංගල් ලුහුබඳින්නන්ගේ පාරාදීසයක් වී ඇති ආකාරය සැකයක් නැතිව ඔබට දකින්නට පුළුවන් වේවි. දහවල ගෙවිලා ගිහින් රාස්සිගේ අව්ව වැටෙන වෙරළ තීරය සහ අහස සරුංගල් අරින්න හුඟක් යෝග්‍යයයි.
ගොඩනැගිලි වල වහල වල සිට, පටු මාවත් ඇති වීදි වල හිඳ, ඕනෙම වෙරළක වගේම සුළඟ තියෙන ඕනෙම තැනක ඉඳගෙන සරුංගලයකින් පැහැදිළි නිල් අහස සරසන්න අපිට පුළුවන්.
බොහොම වෙලාවට සමහරු තමන්ම තමන්ගෙ සරුංගලය හදා ගන්නවා. එය අමාරු වෙන අවස්ථා වගේම ලේසි වෙන අවස්ථාද තියෙනවා. අද සරුංගල් හදන අයගෙන් කෙනෙක්ට සරුංගලයක් මිලට ගන්නත් පුළුවන්. සරුංගලයක් හදන්න, පොල් ඉරටු, සවු කොළ, නූල් සහ පාප්ප උවමනා වෙනවා. නයා, වවුලා, කොම්බුවා, තව තව කුරුල්ලන්ගෙ හැඩ ආශ්‍රයට අරන් සරුංගල් නිර්මාණය වෙනවා. ඒ වගේම ඔබ කැමති මෝස්තරයක් භාවිතා කරන්න ඔබට පුළුවන්. හැබැයි සරුංගලයට කූරියා ගහන්න ඉඩ දෙන්න එපා. ඔබේ සරුංගලය නිර්මාණශීලි වන තරමට සහ ලස්සන වන තරමට අනෙක් සුරුංගල් අතරින් නිල් අහසෙදිත් ඔබේ සරුංගලය වෙන් කර ගන්න ඔබට පුළුවන්.
ජාතික මහ සරුංගල් සැණකෙළිය ඔක්තොම්බර් 13 සහ 14 යන දෙදින, ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වෙන බවටත් පණිවිඩ නිකුත් වී තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඔබේ සුන්දර සරුංගලයෙන් අහස පාට කරන්නයි.
පරිවර්තනය කළේ නෙරංජි