පාර්ට් ටයිම් ජොබ් එකක් ඕනද?.

තමන් නොදන්න දෙයක් ගැන දන්න කෙනෙක්ගෙන් අහල දැනගහන්න පුළුවන් තැනක් තමයි අපේ “අහමු” සෙක්ෂන් එක.  දැන් ටික කාලෙකට කලින් කවුරුහරි කෙනෙක් ඒකේ පාර්ට් ටයිම් ජොබ්ගැන අහල ප්‍රශ්නයක් දාල තිබුණා.

සාමාන්‍යයෙන් ඔය “අහමු” එකේ අහන ප්‍රශ්නවලට ගොඩක් වෙලාවට උත්තර තුනහතරක් තමයි වැටෙන්නෙ. ඉඳල හිටල උත්තර දහයක් පහළොවක් වැටෙන වෙලාවල් වගේ ම කවුරුත් උත්තර නොදී ම ඉන්න වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ පාර්ට් ටයිම් ජොබ් ගැන අහපු පෝස්ට් එකට මේ වෙනකොට ඇවිත් තියෙන උත්තර ගාන 147ක්. මේ ගාන දිනපතා ඉහළ යනවා. හැබැයි මේ “උත්තරවල” තියෙන විශේෂත්වය තමයි මෙයින් ගොඩක් ඒවා ඇත්තට ම උත්තර නොවන එක. ඒ රිප්ලයි කරපු ගොඩක් අයත් පාර්ට් ටයිම් ජොබ් හොයන අය!

ජොබ් හොයන අය අතර ගොඩක් ප්‍රසිද්ධ වෙබ්සයිට් කීපයක් ම ලංකාවේ තියෙනවා. ඒ වගේ ම ෆ්‍රීලාන්ස් වැඩකරන්න පුළුවන් Freelancer, Fiverr, Guru වගේ සයිට් ගැනත් ගොඩක් අය දැනුවත්. ඒ් තිබිලත් ඇයි  මෙච්චර පිරිසක් “අහමු” එකේ පාර්ට් ටයිම් ජොබ් ඉල්ලන්නෙ?

“Parttime Jobs" කියල ගූගල් කළාම මුලින් ම එන රිසල්ට් අතර අපේ  “අහමු” ප්‍රශ්නයත් තියෙන එක මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඒක ක්ලික් කරල එන අය, අනිත් අයත් දාලා තියෙන නිසා, වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව එයාලගෙ සීවී එකත් මේකේ දානවා ඇති. ඒත් ලංකාවේ “පාර්ට් ටයිම් විරැකියාව” මෙච්චරට ම දරුණුද?

ෆුල්ටයිම් ජොබ් අතින් ගත්තාම ලංකාව කියන්නේ ලෝකේ විරැකියාව අඩු ම රටවල් අතරින් එකක්. මේක කැනඩාව, ස්වීඩනය, ඇමරිකාව වගේ දියුණු රවලටත් වඩා අඩුයි. ඇත්තට ම ලංකාවේ ගොඩක් ක්ෂේත්‍රවල තියෙන්නෙ ඒ රැකියාවලට අවශ්‍ය මිනිස්සු නැති ප්‍රශ්නය.

පාර්ට් ටයිම් ජොබ්

පාර්ට් ටයිම් ජොබ් ගැන “අහමු” එකේ අහන අයගෙනුත් ගොඩක් අය දාලා තියෙන විස්තරවල හැටියට එයාලත් එහෙම විශේෂයෙන් කැමති කේෂ්ත්‍රයක් කියල එකක් නෑ. එයාලාට ඕන එයාලට ෆ්‍රී වෙලාවල්වල කරන්න පුළුවන් මොකක් හෝ පාර්ට්ටයිම් ජොබ් එකක්. ගොඩක් දෙනෙක් පාර්ට්ටයිම් ජොබ් කරන්නෙ ඉගෙනගන්න හෝ වෙන දෙයක් කරන අතරතුර අමතර ආදායමක් හොයන්න නිසා මේක පුදුම වෙන්න දේකුත් නෙවෙයි.

"කම්කරුද සිකුරිටිද?"

ලංකාවේ රැකියා වෙළඳපල ගැන ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව 2017 දි කරපු සංගණනකට අනුව ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ මහන මැෂින් ක්‍රියාකරවන අයට.  මේක සමස්ථ ඉල්ලුමෙන් 20%කටත් වඩා වැඩියි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ ජොබ් ඔක්කොම වගේ ෆුල්ටයිම් එවා.

15%ක ඊළගට වැඩිම ඉල්ලුම තියෙන්නෙ සෙකියුරිටි ගාඩ්ලට. මේවත් ගොඩක් දුරට ෆුල්ටයිම් ජොබ් වුණාට, ඉගෙනගන්න ගමන් එහෙම නයිට් ශිෆ්ට් සෙකියුරිටි ජොබ් කරන කට්ටිය ඉන්නවා.

අනිත් නිෂ්පාදන කෂේත්‍රවල කම්කරුවන්ට තමයි ඊළඟට වැඩිම ඉල්ලුම තියෙන්නෙ. හෙල්පර් සහ වෙනත් කම්කරුවන් තමයි මේ 14%ට ඇතුලත්වෙන්නෙ. මේවත් ඉතිං ෆුල්ටයමි ජොබ් තමයි.ඉතිං රැකියා වෙළඳපොලේ තියෙන ඉල්ලුමෙන් 50%ක් විතර ම තියෙන්න ඔය කියන රස්සාවලට. මේවයින් බහුතරය පාර්ට් ටයිම් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. අනිත් එක ලංකාවේ මිනිස්සු  “උසස්,” “පහත්” කියල රස්සා වර්ගීකරණය කරන නිසා “කම්කරු, සිකුරිටි” ජොබ්වලට වැඩි දෙනෙක් කැමති නෑ. ඇත්තට ම මේ රස්සාවලට මෙච්චර ඉල්ලුමක් තියෙන්නෙත් මේව කරන අය හොයාගන්න අමාරු නිසා. මේක ලංකාවේ ජොබ් මාර්කට් එකේ විතරක් නෙවෙයි, සංස්කෘතියෙ ම තියෙන ලොකු අවුලක්.

ඔය 50% ගියාට පස්සෙ ඉතුරුවෙන ටිකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ෂොප් සේල්ස් ඇසිස්ටන්ට්ලට (7.4%). මේකට නම් ෆුල්ටයිම් වගේ ම පාර්ට් ටයිම් වේකන්සිත් සෑහෙන්න තියෙනවා. ගොඩක් වෙලාවට ඇඳුම් කඩවල ඉස්සරහ එහෙම නිතරම එයාලගේ තියෙන වේකන්සි ගැන දැන්වීම් අලවලා තියෙනවා.

මීට අමතර ව ඇඩ්වර්ටයිසින් සහ මාර්කටින් ෆීල්ඩ්වල වගේ ම සේල්ස් රෙප්ලටත් 5%ක විතර ඉල්ලුමක් තියෙනවා. මේවයෙත් පාර්ට් ටයිම් ජොබ් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හොඳ ක්‍රියේටිවිටි එකක් හෝ ඒ ඒ ක්ෂේත්‍ර ගැන උනන්දුවක් තියෙන අයට තමයි මේ ජොබ් හරියන්නෙ. අර ලංකාවේ අය “උසස්” කියන කාණ්ඩයට අයිති වෙලත් මේ ජොබ්වලට මිනිස්සු නැති වෙන්න හේතුව, කිසිම විෂයක් ගැන විශේෂ උනන්දුවක් නැති “මොකක් හරි ජොබ් එකක්” හොයන අයට මේව කරන්න බැරිවීම වෙන්න පුළුවන්.

ලිස්ට් එකේ ඊළගට ක්ලීනින් සහ ඔෆිස් හෙල්පර් වගේ ජොබ් තිබුණත් ඒවත් පාර්ට් ටයිම් කට්ටියට වැඩිය හරියට ඒවා නෙවෙයි නෙ.

පොඩි පොඩි ස්ටෝල්, සුපර්මාර්කට්වල මාකටින් ප්‍රමෝෂන් එහෙම කරන කට්ටියටත් සැලකිය යුතු ඉල්ලුමක් තියෙනවා. ඒව නම් ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් කට්ටියට ම හරියන ඒවනේ.

මීට අමතර ව පාර්ට් ටයිම් කරන්න පුළුවන් ජොබ්වලින් 1%-25 ක වගේ ඉල්ලුම තියෙන ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. ඒවා තමයි වේටර්, හෙයාර් සහ බියුටි, ක්‍රියේටිව් පර්ෆෝමන්ස් ආර්ට් වගේ දේවල්. හැබැයි මේ හැම එකකට ම වගේ විශේෂ පුහුණුවක් සහ දක්ෂතාවයක් තියෙන්න ඕන.

හැබැයි මේ  කියපුවයින් වෙළඳ සහ සේවා අංශවල ජොබ් නම් වැඩිපුර තියෙන්නෙ බස්නාහිර පළාතේ තමයි. අනිත් පළාත් වැඩි හරියක වැඩි ඉල්ලුමක් තියෙන්නෙ ඉන්ඩස්ට්‍රියල් ජොබ්වලට.

කොහෙන්ද හොයන්නෙ?

අනිත් ඕනම ජොබ් එකක් වගේ තමයි, TopJobs, Ikman වගේ  වෙබ් සයිට්වලින්, එහෙම නැත්නම් ඉරිදා පත්තරවලින් තමයි ගොඩක් වෙලාවට මේ වගේ පාර්ට් ටයිම් ජොබ් හොයන්න වෙන්නෙ. දැන් නම් මේ හැම සයිට් එකකම වගේ තියෙන ජොබ් කෙලින්ම ගූගල් එකෙන් සර්ච්කරන්නත් පුළුවන්.

ඊට අමතර ව ෂොප් ඇසිස්ටන්ට් වගේ ඒවට නම් ඒ ඒ කඩ ඉස්සරහ ම දැන්වීම් දාලා තියෙනවා. පොඩි පොඩි කොෆි ෂොප්වල වගේ නම් සමහර වෙලාවට එයාලගේ ෆේස්බුක් පේජ්වලමත් දානවා. මීට අමතර ව දන්න කියන යාළුවන්ගෙ මාර්ගෙනුත් මේ වගේ ජොබ් එකක් සෙට්කරගන්න පුළුවන්.

ඒ වගේ ම මේ සමහර ජොබ්වලට විශේෂ පුහුණුවක් සහ ඒ ගැන කැමැත්තක් තියෙන එක වැදගත් නිසා ඔයා කැමති පැත්තක් ගැන දේවල් ටිකක් ඉගෙනගෙන ඉන්න එකත් වටිනවා.

නොකෙරෙන විදිය

හැබැයි ඉතිං “යමු” වගේ රැන්ඩම් සයිට්වලට ගිහින් ඔයාගෙ සීවී එක පෝස්ට් කරන එක නම් කිසිම තේරුමක් නැති වැඩක්. කවුරුත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඔයාගේ සිවී එක හොයාගෙන ජොබ්වලට කතාකරන්නෙ නෑ. ඒ වගේ ම තමන්ගෙ ටෙලිෆෝන් අංක, ඊමේල් ඇඩ්‍රස් වගේ දේවල් පබ්ලික් පෝස්ට්කරන එකත් එච්චර හොඳ වැඩක් නෙවෙයි.

අලුත් ජොබ්

කොළඹ අවට ඉන්න අයට නම් උෟබර්, පික්මී වගේ ටැක්සි සර්විස් එකකට සම්බන්ධ වෙලා තමන් කැමති වෙලාවක වැඩකරලා හොඳ අමතර ආදායමක් උපයගන්න පුළුවන්. හැබැයි ඉතිං ඒකට වාහනයක් තියෙන්න ඕන. මෝටර් සයිකලයක් තියෙනව අයට නම් ඌබර් ඊට් වගේ ඩිලිවරි සර්විස් එකකට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

Cover Photo: Daily Mirror

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide