ගංවතුර කියන්නෙ ලංකාවේ අපට තවදුරටත් “හදිසි” ආපදා තත්ත්වයක් නෙවෙයි. පහුගිය කාලය පුරා හැම අවුරුද්දකට ම වගේ අපි ගංවතුරට මුහුණදීලා තියෙන නිසා ගංවතුරෙන් ආරක්ෂා විම සහ විපතට පත් අයට උදව් කරන එක සම්බන්ධ ව ඉස්සරට වඩා අත්දැකීම් දැන් අපට තියෙනවා.
හැබැයි මේ පාර ගංවතුර ඇවිත් තියෙන්නෙ කලින් අවුරුදුවල නිතර ම ගංවතුරට යටවුණු පැතිවලට නෙවෙයි; උතුරු පලාතට. මොකක් හරි හේතුවක් නිසා ටීවී, රේඩියෝ චැනල්වලිනුත් කලින් අවුරුදුවල වගේ තරගෙට ආධාර බෙදන බවක් පේන්න නෑ.
Photo: Jamila
ඉතිං මේ වෙලාවේ ගංවතුරට උන් හිටි තැන් අහිමි වෙලා ඉන්න අපේ සහෝදර ජනතාවට උදව්කරන්න ඔයත් කැමති නම්, ඔයාට පුළුවන් මේ සංවිධාන එක්ක එකතුවෙලා ඒක කරන්න.
සර්වෝදය
කවදත් වගේ මේ පාරත් සර්වෝදය ඉදිරිපත් වෙලා තියෙනවා ගංවතුරෙන් පීඩාවට පත් අයට උදව්කරන්න. මුදලින් ආධාර කරන්න පුළුවන් නම් ඒක කාටත් පහසුයි. ද්‍රව්‍යමය ආධාර කරනව නම් 011 2 655255ට කතාකරල ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන, එයාලට වැඩිපුර අවශ්‍ය මොනවද කියල හොයල බලන්න. මොකද එහෙම නැතිවුණොත් ආධාර අපතේ යන්න තියෙන ඉඩ වැඩි නිසා.
වොයිස් ෆෝ වොයිස්ලස්
වොයිස් ෆෝ වොයිස්ලස් සංවිධානයත් මේ පාර ආධාර එකතුකිරීම සහ බෙදාහැරීමේ යෙදිලා ඉන්නවා. මුල් වටයේ දී එයාලා එකතු කළේ වියලි ආහාර ද්‍රව්‍ය, කාන්තා හා ළමා යටඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වතුර බෝතල් සහ ළමයින්ට අවශ්‍ය පාසල් උපකරණ. හැබැයි මේ වෙනකොට මේ අවශ්‍යතා ලැයිස්තුව වෙනස්වෙලා තියෙන්න පුළුවන් නිසා ආධාර කරන්න කලින් 077 251 2374ට කතාකරලා බලන එක තමයි හොඳ.
මයි ක්ලීන් ශ්‍රී ලංකා
මේ ගොල්ලොත් ගංවතුරෙන් විපතට පත් අයට උදව් කරන්න ඉදිරිපත්වෙලා ඉන්නවා. අපට අහන්න ලැබුණු විදියට මේ වෙනකොට එයාලගේ අවධානය වැඩිපුර යොමුවෙලා තියෙන්නෙ ගංවතුරෙන් විනාශ වුණු ගෙවල් දොරවල් සහ අනිත් දේවල් නැවත යථා තත්ත්වයට පත්කිරීමට. ඔයත් මෙයාලට උදව් කරන්න කැමති නම් රජී (0776146134), කූගන් (0772352993) හෝ කෝගුල්ට (0774711181) කතාකරල විස්තර අහගන්න පුළුවන්
Photo: Sri Lanka Army