ආයෙත් පාරක් හැමෝම වගේ කිරි ගැන කතාකරන්න පටන්අරන්. ලංකාවට ගෙන්නන කිරිපිටිවල එළකිරිවලට අමතර ව, ඌරු තෙල්, ෆාම් ඔයිල් වගේ දේවල් තියෙනවා කියලා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙ දි කරපු ප්‍රකාශයක් එක්ක තමයි මේ කතාව ආපහු මතුවෙලා එන්නේ. සෞඛ්‍ය ඇමතිවරයා මේ කතාව ප්‍රතික්ෂේප කළත් පත්තර, ටීවී සහ සෝෂල් මීඩියාවල මේ “කිරි-වාදය” මේ දවස්වල නැගල ම යනවා.
ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් කන්ස්පිරසි තියරිවලට සෑහෙන ආස නිසා මේ ගැනත් එක එක විදියේ කතා පැතිරිලා යනවා. ඒත් මේ කියන කතාවලින් කොච්චර ප්‍රමාණයක් ඇත්තද? කොච්චර ප්‍රමාණයක් බොරුද?
කිරි බොන්නම ඕනද?
මේ ගැන කතාකරන එක කට්ටියක් කියන කතාවක් තමයි, කිරි කියන්නෙ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් ෙනෙවෙයි කියන එක. මේ කතාවේ ඇත්තක් තියෙනවා. වයස අවුරුද්ද විතර පහුවුණාට පස්සෙ අපේ ශරීරයට කිරි අත්‍යවශ්‍ය නෑ.
ඇත්තට ම වැඩිහිටි ජනගහනයෙන් යම් ප්‍රතිශතයකට කිරි බීවම බඩ බුරුල්වෙනවා, ගුඩුස් එනවා, වමනෙට එනවා, බඩපිපෙනවා වගේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්ව එනවා. යුරෝපය පැත්තෙ ඉන්න අයගෙන් මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වය එන්නෙ 15-20%කට වගේ වුණාට අපේ කලාපේ 70%කට විතර ම මේක තියෙනවා.
හැබැයි ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වයක් නැති අයට කිරි කියන්නෙ සෑහෙන පෝෂ්‍යදායී ආහාරයක්. කිරි නෙවෙයි, අපි කනබොන කිසිම කෑමක් බීමක් අත්‍යවශ්‍ය නෑ. හැබැයි වෙන මොනව හරි කෑමකින් ඒ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණවෙන්න ඕන. ඉතිං කිරි බීවම බඩ අවුල්වෙන තත්ත්වයක් නැති කෙනෙකුට නම් කිරි කියන්නෙ හොඳ ආහාරයක්; විශේෂයෙන් ලංකාව වගේ මස් මාළු අඩුවෙන් කන රටවල අයට.
දියර කිරි සහ පිටිකිරි
අපි දන්න කාලෙ මෑතක් වෙනකල් ලංකාවේ හැමෝම වගේ බීවේ පිටිකිරි. ඒත් පහුගිය අවුරුදු හතර පහ ඇතුලත දියර කිරි පාවිච්චි කරන ප්‍රමාණය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා. හැබැයි තාමත් සැලකිය යුතු පිරිසක් පාවිච්චි කරන්නෙ කිරි පිටි.
කිරිපිටි නිෂ්පාදනයේ දී අධික උෂ්ණත්වය නිසා ඒකේ තියෙන සමහර පෝෂක වර්ග විනාශ වෙන්න පුළුවන්. ඒත් කැල්සියම්, ප්‍රෝටීන් වගේ ප්‍රධාන පෝෂක සංඝටක අරන් බැලුවොත් දියර කිරි සහ සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල ගුණයේ ලොකු වෙනසක් නෑ. හැබැයි රස වෙනස්. දියර කිරි බොන්න පුරුදුවුණු රටවල අය පිටිකිරිවලට වැඩි කැමැත්තක් නැත්තෙත්, අපේ වගේ පිටිකිරි බොන්න පුරුදු වුණු රටවල සමහර අයට කොච්චර ෆ්‍රෙෂ් මිල්ක් දාලා හැදුවත් ඒත පිටිකිරි දාපු තේ එකක් වගේ අල්ලලා නොයන්නෙත් මේ රස වෙනස නිසා.
පිටිකිරිවල තියෙන එක අවුලක් තමයි කිරි පිටි බවට පත්කරද්දි ගොඩක් රත්කරන නිසා කිරිවල තියෙන කොලස්ටරෝල් ඔක්සිකරණය වෙන එක. ඔක්සිකරණය වුණු කොලොස්ටරෝල් හදවත් රෝගවලට හේතුවෙන්න පුළුවන්. හැබැයි ඉතිං ලංකාවේ තියෙන ගොඩක් දියර කිරි වර්ගත් UHT තාක්ෂයෙන් කල් තියාගන්න පුළුවන් වෙන්න හදපුවා නිසා ඒවයෙත් මේ අවුල තියෙනවා. කිරිවල එච්චර ලොකු කොලස්ටරෝල් ප්‍රතිශතයක් නැති නිසා මේක ලොකුවට බයවෙන්න දේකුත් නෙවෙයි.
අවසාන වශයෙන්
කිරි කියන්නෙ පෝෂ්‍යදායී ආහාරයක්. නැවුම් කිරි වගේ ම UHT තාක්ෂණයෙන් කල්තියාගන්න හදපු කිරි, පිටිකිරි වගේ ම කිරිවලින් හදන චීස්, බටර් වගේ කෑමවලත් මේ පෝෂක අඩුවැඩි වශයෙන් තියෙනවා. හැබැයි අනිත් ඕනම කෑමක වගේ ම ඕනවට වඩා කෑවොත් ශරීරයට අහිතකර වෙන්න පුළුවන් කොලස්ටරෝල් වගේ දේවලුත් කිරිවල තියෙනවා. ඒ වගේ ම ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියෙන කට්ටියට බඩ අවුල්වෙන්නත් පුළුවන්. ඉතිං මේක සියලු පෝෂක සපිරි මැජික් පානයක්වත්, ලංකා සමහරු කියනවා වගේ වසක්වත් නෙවෙයි. කිරිවලට කැමති නම් කිරි බොන්න. කිරිවලට කැමති නැත්නම්, ඔයාගේ දෛනික පෝෂණ අවශ්‍යතා වෙන කෑමබීමවලින් සම්පූර්ණ වෙනව නම් නොබී ඉන්න. එච්චරයි!