පීසාහට්, ඩොමිනෝ හා අපේ ප්‍රියතම තැන වන හාපෝස් පීසාහල් හැර අන් කිසිවකු නිවෙස්වලට කෑම රැගෙන නොඑන උදෑසන තුනට පමණ වූ ඒ වෙලාවේ අපි පීසා හට් අවත පිවිසෙන්නට තීරණය කළෙමු. ඇයි දන්නවාද? පීසාහට් සතුව තිබෙනවා ඇනඩ්‍රොයිඩ් ඇප් එකක්.
1. මුලින්ම මේ ඇප් එක බාගත කරගන්න Google Play Store වෙතින්. මේ සඳහා ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුඑකථනයක් අවශ්‍යයි. මේ ඇප්එක නොමිළේ. එය මෙගාබයිට් කීපයක් පමණයි. බාගතවෙන්න ගියේ විනාඩි කීපයක් පඹණයි. ඉන්පසු ඔබට පුළුවන් එය විවෘත කරගන්න ෆෝන් එකේ වැඩසටහන් හරහා.
2. දෙවන පියවරේදී තීරණය කරන්න මොනවාද ඇණවුම් කරන්නේ කියලා. මෙතැනදී අපි ටිකක් කරදර වුණා. ඇප්එක විසින් පිංතූර බාගත කරගත යුතුයි. ඒත් අපේ උත්සාහයේදී ඒවා බාගත වුණේම නැහැ. ඒ නිසා අපි වෙබ් අඩවියට ගොස් එතැනින් බැලුවා මොනවද ඇණවුම් කරන්නේ කියා. ඇප්එකේ මුහුණත ඡායාරූප මෙනුවක් පිරික්සන්න හොඳ තත්වයක නැහැ.
3. අපි ක්ලික්කළා අපට උවමනා තන්දූරි චිකන් පීසා. අපි එය අපගේ කරත්තයට එක්කරගත්තා ඒක හරි ලේසියි.
4. අන්තිමේදී ඔබ එක් කරනවා ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය ආදිය. අවුල්සහගත දෙය තමයි, එහි අහනවා අපට මේ පීසාඑක අවශ්‍ය මොන වෙලාවටද කියලා. මට නම් එය හැමතිස්සේම දැන්. ඒ නිසා මම එය එකතු කළා. ඒත්, කාලය විනාඩි 30කට පෙර විය යුතුයි. එහෙම වුණත්, ඔවුන් පුළුවන් තරම් ඉක්මණින් කියා බොත්තමකුත් අඩංගු කළානම් හොඳයි.
5. ඇණවුම ඉදිරිපත් කළාම ඔබේ දුරකථනයට පින් අංකයක් ලැබෙනවා. මම හිතන්නේ ඒ ඔබ කවුරුද කියා තහවුරු කරගන්න.
6. එය ඇතුළත් කළවිට කිසිවකු සමාගමෙන් ඔබට කතා කරනවා. එච්චරයි. එතන සිට සාමාන්‍ය ඇණවුමක්. පීසාහට් ඉතාම වෘත්තිකයි. ඔවුන්ගේ ඇමතුම් මධ්‍යස්ථානය මා ගැන ආණ්ඩුවටත් වඩා හොඳින් දන්නවා. ඔවුන්ගේ කාර්යමණ්ඩලය විනීතයි. අතරමං වන්නේ කලාතුරකින්. ඒ නිසා පීසාඑක විනාඩි තිහකින් පැමිණියා. ගෙව්වේ ක්‍රෙඩිට් කාඩ්පතින් නිසා මුළුමනින්ම ඩිජිටල් ගනුදෙනුවක්.
හැබැයි එතැන තමයි ගැටලුව. පීසාහට්හි සේවාවේ වෘත්තිකභාවය හා කාර්යක්ෂමබව තරමට පීසාව හොඳ නැහැ. පීසාහට් පීසාව ඔය නිකම් ඒවා මේවා ද්‍රව්‍ය හා චීස් එහෙම තියෙන එකක්. කෑවාට පස්සෙ ටිකක් ඇලෙනවා වගේ. හාපෝස් පීසා ඕනෑ දවසක ඔවුන් පරදවනවා. ඒ වගේම සේවාවත් ඒ තරමට ඉක්මණ්.
ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලොකු වැඩක්ද? ඇත්තෙන්ම නැහැ. ඒත් එය හොඳයි. පීසාහට් ඇමතුම් මධ්‍යස්ථානය (011 2 729 729) කාර්යක්ෂමයි. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් අන්තර්ජාලය හරහි ඇණවුම් කරන්නත් පුළුවන්, එහි සැලසුම් අසුන්දර වුණත්.
අපි මේ ඇප් එක නිර්දේශ කරනවාද? ඇත්තෙන්ම ඔව්. ඒත් අපි පීසානම් නිර්දේශ කරන්නේ නැහැ.