මස්මාංශවලට කැමති අයගෙ ප්‍රියතම කෑමක් බාබකිව්. ඉස්සර ම කාලෙ මිනිස්සු දඩයම් කරපු මස් පුච්චල කාපු එකෙන් තමයි බාබකිව් කියන සංකල්පේ පටන් අරං තියෙන්නෙ. ‘බාබකිව්’ කියන වචනෙ ලෝකෙට හඳුන්වල දුන්නේ ‘ටයිනෝ’ කියන කැරිබියන් ඉන්දියන් ගෝත්‍රිකයෝ වුණාට, බාබකිව් දානවා කියන කන්සෙප්ට් එක හෝමො ඉරෙක්ටස්ලගෙ කාලෙ ඉඳන් පැවත එනවලු!
දැන් නං ඉතිං බාබකිව් කියන්නෙ අපි කාටත් ඉඳල හිටල හැදෙන දොළදුකක්. ඒ හින්ද මේ පල්ලෙහා තියෙන්නෙ, ඒ වගේ දොළදුක් ආපු වෙලාවට යන්න හොඳ ම තැන්වල ලිස්ට් එකක්…
BBQ Station
බාබකිව් ස්ටේෂන් එකේ මිල ගණන් එක්ක බැලුවම ඒගොල්ලන්ගෙ කෑමවල පෝෂන්ස් එහෙම සෑහෙන ලොකුයි. ඒ වගේ ම කෑමත් සුපිරි! ඒගොල්ලන්ගෙ කඩේ වටපිටාවයි, සර්විස් එකේ ඉක්මන්කමයි නිසා අපිට මෙතනින් ලැබුණ අත්දැකීම මතක හිටින එකක් වුණා. ඒ නිසා දෙපාරක් නොහිතා අපි මෙතන රෙකමන්ඩ් කරනවා. බාබකිව් ස්ටේෂන් එකේ බාබකිව් ප්ලැටර් එකේ කොළපාට ජාති, මස්, කාබෝහයිඩ්‍රෙට්, ඩිපිං සෝස් අනංමනං හැමදේම අඩු නැතුව තියනවා.
Sam's Barbecue
වෙන තැන්වලට සාපේක්ෂව මෙතන මිල ගණන් අඩුයි. දඩිබිඩියේ කන අයට ඉක්මන්, මාංශමය කෑම වේලකට කියාපු තැනක්. ඒ නිසා ම ඕපන් කරපු ගමන් ම ජනප්‍රිය වුණ තැනක්. මෙතන තියෙන්නේ සුරංගනා කතාවක වගේ වටපිටාවක්. බාබකිව් එකත් පංකාදුයි. මේක කොළඹ තියන හලාල් බාබකිව් ප්ලේසස්වලින් එකක් බවත් මතක් කරන්න ඕන.
Masma EAT BBQ
නමේ හැටියම මස් ම කන්න නියම තැනක් මේ. සාමාන්‍ය මිල ගණන් නිසා සාක්කුවටත් ලේසියි. මෙයාලගෙ ග්‍රිල් එක මරු. පෝක් රිබ්ස්, පෝක් චොප්ස්, බොක්වර්ස්ට්, සොසේජස්, මාළු, චිකන් ලෙග්ස් සහ වින්ග්ස්, ගාලික් බ්‍රෙඩ්, සැලඩ් ආදී දේවල් කටට රහට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේ ම යාළුවො කට්ටියක් එක්ක යනව නං, තෝරගන්න ලේසි වෙන්න ප්ලැටර් ජාති කීපයක් සහ මීල් කොම්බෝස් කීපයක් ම මෙතන තියෙනවා.
Daddy's Smokehouse
අපි කතා පොතක ඉන්නවා වගේ දැනෙන වටපිටාවක් තියන කඩයක් මේ. ස්මෝක් හවුස් කිව්වට මෙතන තියෙන්නෙ ස්මෝක් කරපු මස් විතරක් නෙමෙයි. මස්වලට අමතරව බර්ගර්ස්, පැස්ටා, ආප්ප, කොත්තු වගේ ජාතිත් මෙතන තියනවා. කෑමත් කොලිටි, ගාණත් ශේප් නිසා අපි මෙතනට කැමතියි.
Fat Guy BBQ
නියම පෝක් ප්‍රඩක්ට්ස් ඕන අය යන්න ඕන තැනක් මේ. මෙතනට ගියාම එන මස් ස්මෝක් කරන පුසුඹ ඉවසන්න පුළුවන් නං ඔන්න, මේක රහට මස් කන්න පුළුවන් තැනක්. ගිහින් ම බලන්නකෝ.
M'eat US
චිකන්, පෝක් චොප්ස්, පෝක් රැක්ස්, පෝක් ස්ටික්ස්, සොසේජස් වගේ වෙස්ටන් බාබකිව් ඩිෂස් ගොඩක් මෙතන තියනව. කට්ටියක් යනව නං ලේසි ඔප්ෂන් එකක් විදිහට මීට් ප්ලැටර්ස් ගන්නත් පුළුවන්. BYOB පහසුකමත් තියන එක තව චාන්ස් එකක්. මිල ගණන් වුණත් අවුලක් නෑ.
Grill Kitchen
පෝක්, චිකන්, ලෑම්බ් ඕන ජාතියක් වගේ ම, ඒවා ඇතුළත් ශවර්මා, බිරියානි, බර්ගර්ස්, පිටා බ්‍රෙඩ් ඕන එකක් ග්‍රිල් කිචන් එකේ තියනවා. කෑම ටිකක් සැර පැත්තට බර වුණාට රස නියමයි. මිල පහසුයි වගේ ම තැනයි සර්විස් එකයිත් අපේ හිතට ඇල්ලුව නිසා මෙතනත් රෙකමන්ඩ් කරන්න දෙපාරක් හිතන්න ඕනි නෑ.
Smokies Barbecue
චිකන්, බීෆ්, පෝක්, සොසේජස්, මට්න් කියන ඕන ජාතියක් බාබකිව් කරන ස්මෝකීස් එක, ඕඩර් එක ගත්තට පස්සෙ කෑම හදන්න පටන්ගන්න තැනක්. ඒ නිසා ඕඩර් කළාට පස්සෙ කෑම එන්න විනාඩි 20 – 30 යන එක සාධාරණයි. හදිස්සි වෙලාවක නං, යන්න කලින් කෝල් කරල ඕඩර් එක දාල යන්න කියලයි අපි යෝජනා කරන්නෙ. මේක බාබකිව් සඳහා ම මොරටු යන්න වටින තැනක්.
David's Dangerously Delicious Char Siu
චයිනීස් බාබකිව්. සේවරි පෝක් සහ චිකන්. තව කුමන කතා ද? මේගොල්ලො පෝක් සහ චිකන් දෙක ම දෙවිදිහකට බාබකිව් දානවා. එකක් ඔරිජිනල්, අනික චිලී. මේ බාබකිව් එක රයිස් බෝල් එකක් එක්ක ගලපගන්න වුණත් සබ්මැරීන් එකක් ඇතුළට දාල ඉල්ලගන්න වුණත් ඒගොල්ලො අවස්ථාව දීල තියනවා. දැන් මේගොල්ලන්ගෙ අලුත් අවුට්ලට් එකක් වන් ගෝල් ෆේස් එකෙත් තියනවා.
Nana's (Galle Face)
ගෝල්ෆේස් පැත්තේ ගියාම නානා කඩේට යන්නෙ නැත්තෙ කවුද? ටෙන්ට් එකක් එහෙම ගහල, දාල තියන නානා කඩේ අඳුරගන්න ලේසියි. මෙතෙන්ට පාන්දර එකට විතර ගියත් ප්ලාස්ටික් මේස වටේට වාඩි වුණ කට්ටිය මුහුද දිහා බල බල කොත්තු හරි බාබකිව් කරපු සීෆුඩ් හරි කකා රිලැක්ස් එකේ ඉන්න විදිහ දකින්න පුළුවනි.
Meatwood Shack
බාබකිව් දොළදුකට ගොඩ වෙන්න මරු තවත් තැනක් මේ. උණුසුම් ආලෝකය එක්ක ලී මේස පුටු දාල සකස් කරල තියන හින්දා මේ රෙස්ටොරන්ට් එක සහමුලින් ම පරණ හොලිවුඩ්වලින් ගෙනාපු එකක් වගේ. මෙනු එක පවා අපිව මාලන් බ්රැන්ඩෝගෙ කාලෙට ගෙනියනවා. මාංශ පැත්තෙන් කොළඹ තියන නියම තැනක් විදිහට මේක හඳුන්වන එක වැරදි නෑ.
New York Grill and Cuisine
මේගොල්ලන්ගෙ මෙනු එක ලොකු ම ලොකුයි. ග්‍රිල් කරපුවා, බර්ගර්ස්, ෆජිටා, බ්රිස්කට්, සැලඩ්, ෆ්‍රයිඩ් රයිස්, රැප්ස්… ජාති කෝටියක්. කෑම කොලිටිය හොඳයි, හැබැයි තව වැඩි දියුණු කරගන්න පුළුවන් කියල අපි හිතනවා. මිලෙන් ටිකක් වැඩි වුණත් කෑම හොඳ නිසා අවුලක් නෑ. ඉතිං මස් කෑමට රුසියො ගිහින් බලන්න ඕන තැනක් කියල මේක හඳුන්වන්න පුළුවන්.
Peri Peri Kukula
මෙතන මෙනු එකේ තිබුණ සරල ගතිය අපේ හිත ගත්තා. අපි තෝරන්න ඕන අපිට ඕන චිකන්වල සයිස් එකයි, කොච්චර සැරට ඕන ද කියන එකයි විතරයි. ඊට අමතරව ඕන නම් ගන්න සයිඩ්ස් 6ක් සහ චිකන් ඇන්ඩ් පුල්ඩ් ජැක් බර්ගර්ස් වගේ වෙන ජාති කීපයක් මෙතන තියනවා.
Grill House
ග්‍රිල් හවුස් එකේ තියනවා බාබකිව් පෙරේතයන්ට ම කියාපු, රස පදමට හදපු මීට් ඩිෂස් තොගයක්. මාලබේ පැත්තෙ තිබුණ බාබකිව් ප්ලේස් එකක අඩුව ග්‍රිල් හවුස් එකෙන් සම්පූර්ණ වෙනවා කිව්වොත් වැරදි නෑ.
Diego's Peri Peri
බැටර් ෆ්‍රයි නොකරපු චිකන්වලට ආස අයට පංකාදු තැනක් මේ. ස්පයිසි සෝස් එක්ක එන නිසා හායිහූයි ගගා සැර කන්න කැමති අයටත් මරු. බත්, බර්ගර්ස් වගේ ජාති වුණත් මෙයාල ළඟ තියනවා.
BBQ Avenue කියන්නෙත් නියම බාබකිව් ප්ලේස් එකක් කියල අපිට ආරංචි වුණා. දැනට කොළඹ තියන එක ම චා ග්‍රිල් එකත් මේක ලු. අපි ළඟදී ම මෙතෙන්ට ගොඩ වෙන්න පුල පුලා බලාගෙනයි ඉන්නෙ.
ඉතිං මේ තමයි අපිට දැනට හම්බුණ හොඳ ම බාබකිව් ස්පොට්ස්! තව මේ ලිස්ට් එකට එකතු කරන්න පුළුවන් ඕගොල්ලො දන්න තැන් තියනව නං, කමෙන්ට්ස්වලින් අපිට කියන්න…