ආස නැද්ද…
උදේට ඉඳිආප්ප, පිට්ටු, පරාටා වගේ දෙයක්. නැත්නම් දවල්ට උණු උණු බතක්, මිරිසට හදපු ව්යංජනයක් දෙකක් එක්ක…
රස ම රස කිරි මාළුවක් රස බලන්න?
ඒකනේ…
ආසයිනේ…
එහෙනම් යාළු ඔන්න තියෙනව පල්ලෙහායින්, ඒකටම හරියන කඩවල් ටිකක් අතරිනුත් හොඳම ඒවා ටිකක්. නිවිහැනහිල්ලේ… වෙලාවක් බලල එහෙනම් ගොඩවෙන්නකො. හැබැයි ගොඩවෙලා, රස බලලා… අපිටත් කියන්න හොඳේ කොහොමද කියලා!
1. Niyambalawa
මාලඹේ, අතුරුගිරියපාරෙ ටිකක් ඉස්සරහට යනකොට…
හොයා ගන්න බැරි වෙන්නෙ නෑ යාළු. මොකද හරි අපූරුවට, මැටි ගහල පොල්අතු හෙවිලි කරල හදපු ප්ලේස් එකනෙ. ඊටත් ප්ලේස් එකේ හැටියට ම කෑම! ගමේ රහට කියන්නේ… ආයෙ කතා දෙකක් නෑ නියම ම ගමේ රහට. මෙයාලගෙ කිරි මාළු එක එහෙම, පංකාදු පහයි ඈ… කිරි නම් මදි නොකියන්න ම දාලා. හැරත් රම්පෙ කරපිංච ටික, අබ උලුහාල් අඩුමකුඩුම ටික, එතකොට අමු තුනපහ ගම්මිරිස්, අමුමිරිස් ටික පවා… නූලට ම නෙ. ඒකත්, මාළුවත් හොඳ කෑලි මාළුවකින්. වැඩිය ඕන නෑ, කරියක් ඇති රතුබතක් එහෙම පිටින් ම වාෂ්ප කරන්න, හ්ම්…
2. Odara Caterers
බොරැල්ල උමඟ ළඟම කඩ පේළියෙ ඇතුළට වෙන්න…
හැංගිලා ඉන්නව හොරා වගේ, දන්න අය විතරයි ඉතින් දන්නෙ මෙයාලගෙ කෑමවල රස අගේ.
ඇත්තටම හැම එළවළු මාළුවක් ම වගේ මෙතන ටොප් එකට ම තියෙනව. බාග වෙලාවට… සමහර ඒවට නම් රසකාරකත් දාපු ගතියයි. කොහොම වුණත් කිරි මාළු එකට ම එහෙම නෑ. කිරි ප්රමාණය, හිඳිච්ච පදමෙ ඉඳන්, අබ, ගම්මිරිස්, අමුමිරිස් අඩුමකුඩුම සියල්ල ම තිතට දාලා, ලොකු කූරි මාළු කෑල්ලකුත් දාලා මේසෙට එන්නෙ. ඒ නිසාම ඉතින්… රතු බතකට තමයි මේකත් හරියන්නෙ.
3. Thejan Hotel
බම්බ, ගාලුපාරෙ…
විශාකා පාරට හැරෙන තැනම තියෙන තේජාන් එකේ නම් කිරි මාළු ගන්න පුළුවන් උදේට තමයි. ම්… දවල්ටත් තියෙන්න පුළුවන් ඒත් ෂුවර් නෑ. කෙසේ වෙතත් උදෙන් ම මෙතනට ගියොත් ඔයාට, ටොප් කිරි මාළු එකක් එක්ක ඉඳිආප්ප, පිට්ටු, පරාටා හිතේ හැටියට රස බලන්න පුළුවන්, සුප්පෙට සැර තියෙන ලුණුමිරිසකුත් එක්ක ම. එහෙම නැත්නම්… පාන් වගේ දෙයක් කන්නත් ඒ කිරි මාළු එක පංකාදුයි. මොකද ඒකෙ මාළු කෑල්ලත් ලොකුයිනෙ.
4. Rasa Piyasa
වැල්ලවත්ත මායා ඇවිනියු එකේ තියෙන රස පියසෙ නම් කිරි මාළු තියෙන්නෙ දවල්ට විතරයි. හැබැයි ඒ තියෙන එක තියෙනව රඹටි හැලෙන්න. කූරි මාළු කෑල්ල වුණාට මොකද හොඳ හැටි කිරි දාලා, අමු මිරිස් ගම්මිරිස්, කහ, අමු තුනපහ, රම්පෙ කරපිංච එකේ ඉඳන් අඩුමකුඩුම සියල්ලමත් පදමට ම දාලා, ලාවට හින්දල අරගෙන නිසා… වැඩක් නෑ ඉතින් කියල. රතුබත සුදුබත කියල වෙනසක් නැති තරමටම ගැලපෙනව යාළු.
5. Uva Hotel
තුන් වේලට ම කිරි මාළු ගන්න පුළුවන් තැනක් කිව්වොත් හරිද මන්දා. ඇයි යාළු උදේට කිරි මාළුත් එක්ක පාන්, ඉඳි ආප්ප, පාරටා, පිට්ටු වගේ දේවල්. දවල්ට බත්. රෑට?
කොත්තු පවා තියෙනව කියන්නකො. ඒකත් නිකම් නෙවෙයි හොඳ රහට, තලුමරමර… රස බලන්ට හොඳේ. ඉතින්… අපි නම් කියන්නෙ ඇත්තට ම, කිරි මාළු ෆෑන්ස්ලට නම් මෙතනට ගිහිල්ල ම බලන්න කියල. මොකද ලොකු විශ්වාසයක් තියෙනව ඔයාලා මෙතනට ගොඩක් කැමති වෙයි කියල.
6. Taste of Asia
දන්න කියන තැනක් නේ…
නැතත් ඉතින් එක පාරක් ගියපු කෙනෙක් හොඳ හැටි දැන ගන්නම තැනක් තමයිනේ.
මෙයාලත්, එයාලගෙ නමේ හැටියට ම ටොප් ශ්රී ලංකන් ස්ටයිල් කෑම හදන කට්ටියක් තමා. විශේෂයෙන් ම උදේට එන කිරි මාළු එක එහෙම. හප්පේ… බලන්න ඕන ඒකෙ මාළු කෑල්ලෙ සයිස් එක. අල්ලක් ඇති! අනික රසත්, මේං… කියල කිසි දේකින් අඩුවක් නැති ගානයි.
ඒ නිසාමයි… මෙයාලගෙනුත්,
කිරි මාළුවලට නොසෑහෙන්න ආදරය කරන ඔයාලා,
එක පාරක් හරි කාලා බලන්නම ඕන.
ඒ විතරකුත් නෙවෙයි,
අපේ මේ ලැයිස්තුවට…
ඔයාලා දන්න, ඔයාලගෙම කිරි මාළු ප්ලේසුත්
එකතු කරන්න…