විස්තර කරන්න කියල ඒ හැටිම දෙයකුත් නෑ..
ඒත් කමක් නෑ, දැන් මේකනෙ.
මේ.. බර්ගර් කිව්වාම යාළු එක එක විදියට තියෙනවනෙ. සමහර ඒවා ෆුල් වෙස්ටර්න්, සමහර ඒවා ෆුල් ශ්‍රී ලංකන්. ඔය අතරට.. අපි ආසම!
බාගෙ බාගෙ වෙස්ටර්න්, ශ්‍රී ලංකන් දෙකම තියෙන ඒවා..
ඒ කිව්වේ.. හොඳ හැටි චීස් මස් ටිකත් තියෙන, සැර ගතියත් අඩු නැතිවම තියෙන..
ආසයි නේ?
අන්න ඒකයි අපි, ඒ වගේ බර්ගර් අතේ ඇති ගාණට රස බලන්න කියාපු තැන් ටිකක්..
කියන්න හිතුවේ..!
1. Grill Mansion
අළුත් කඩේ තියෙන සුපිරිම බර්ගර් ප්ලේස් එකක් තමයි. අඩු ගාණට බඩකට පිරෙන්න බර්ගර් කන්න කියාපුම තැනක්. විශේෂයෙන්ම මෙයාලගේ.. චිකන් බර්ගර්, බීෆ් බර්ගර් වගේ ඒවා. ඒවයෙත් තියෙනව ක්‍රිස්පි චිකන්, චිලි චිකන්, ස්පයිසි බීෆ් වගේ ජාති ගොඩක්. කොහොම වුනත් ඒ හැම එකකම, ලොකු පැටි එකක් එක්ක චීස් පෙති දෙකක්, සලාද කොළයක්, සමහර වෙලාවට තක්කාලි, මයොනිස්, සෝස් වගේ ඒවත්.. හැරත් ඕනම නම් හොඳ සැර චිලි කෙචප් එකක් වගෙත් ගන්න පුලුවන් එකනෙ වටින්නෙ.
2. Leesh
සැර ඇතුව වගේම සැර නැතුවත් හොඳහැටි වැඩකිඩ බර්ගර් දාන තැනක් තමයි නුගේගොඩ ලීෂ් එක. වැඩිය ඕන නෑ, ඒ වෙනස තේරෙනව එයාලගෙ ටෙරියාකි බර්ගර් එකයි, වෙජි බර්ගර් එකයි ගත්තාම. සත්තකින්ම එළවළු ජාති 4ක් විතර දාලා හදපු පැටි එකක් තමයි වෙජි බර්ගර් එකට එන්නෙ. ඒකත් චීස් අඩුම කුඩුම අඩු නැතිවම. ඒත් ටෙරියාකි එක. හප්පේ.. මස් වලින් අනූන පැටි එක, ටෙරියාකි සෝස් එක්ක හොඳහැටි ගැලපිලා කටට සැරට එහෙම..
කියල වැඩක් නෑ යාළු සත්තකින්ම, උණු උණු ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකකුත් ඒකට එකතු වුනාම හොඳේ.
3. Griddling
මවුන්ට් ස්ට්‍රීට් රෂ් එක ඇතුලෙ තියෙන හොඳම බර්ගර් ප්ලේස් එක කිව්වොත් හරි. මොකද ගාණෙ හැටියට මෙයාලගෙ බර්ගර්වල රස සෑහෙන්න සාධාරණයි. ම්.. සයිස් එක නම් තව ටිකක් ලොකු වුනත් වරදක් නෑ. කොහොම වුනත්.. කාපු අයට නම් අමතක නොවෙන රසක් කිව්වොත්, මෙයාලගෙ මින්ස්ඩ් බීෆ් බර්ගර් එක.. මොකද ඒකෙ තියෙන බිෆ් රසෙන් අනූන, මොන මොනවදෝ සෝස් හරි ස්පයිසස් එක්ක හරිත් ලාවට පදම් වුනු පැටි එක!
පංකාදු පහයි යාළු.
4. Fazly’s Halal Refreshment
කොම්පඤ්ඤවීදියට විතරක් නෙවෙයි, කොළඹ වටේටම වගේ තියෙන සුපිරිම බර්ගර් ප්ලේස් එකක්. ඒ වගේම තමයි මෙයාලා බර්ගර් දාන්න ගත්තෙත් අද ඊයෙ නෙවෙයිනෙ. ඉතින් ඒ.. කාලයක් තිස්සෙ ලබපු අත්දැකීම් එක්ක, රස වෙලා එන මෙයාලගෙ බර්ගර් අතරෙ හොඳම.. චිකන් කෝඩ්න් බ්ලූ, බීෆ්, ක්‍රිස්පි චිකන් වගේ බර්ගර් තමයි. ඒකත් එයාලගෙ විශේෂත්වය තියෙන්නෙ හැම බර්ගර් එකකම පැටි එක මස්, එක එක ස්පයිසස්, සෝස් වලින් හොඳහැටි රස කරල හදන එකනෙ. හැරත් ඒවයෙ සයිස් එකත් ලොකු නිසා.. බඩකට පිරෙන්න කන්නත් කියාපුම.
5. The VoV Coffee Lounge
මෙයාලා බර්ගර් අතරෙ විශේෂත්වයක් දරන්නෙ ඇත්තටම එයාලගෙ විශේෂ බර්ගර් එකක් නිසා. ඒ තමයි සිල්වර් ස්ටෝන්.
මේක වීග්න් බර්ගර් එකක්. පැටි එකත් පදමටම වගේ ෆ්‍රයි කරලා.. තක්කාලි, සලාද, චීස්, මයොනිස් මදි නොකියන්න දාලා හැදෙන මේ බර්ගර් එක.. වට වෙලා එන ෆ්රයිස් ටික එපැයි බලන්න. යාළු සත්තයි, පිඟානක් පිරෙන්න හොඳේ.
6. Burger Hangover
චීස් බර්ගර්, ඩබල් බර්ගර්, ස්පයිසි බර්ගර්..
වගේ බර්ගර් තොගයක් රස බලන්න, ඕඩර් කරන්න කොලොන්නාවෙ බර්ගර් හැන්ගෝවර් එකෙන්. ගිහින් ඉතින් හිතේ හැටියට යාළු, හිතේ හැටියට.. ඕනම බර්ගර් එකක් අරන් රස බලන්න. මොකද වගකීමෙන් කියන්නෙ, ටොප්ම බර්ගර් සෙට් එකක් තමයි මෙයාලගෙත් තියෙන්නෙ. වැඩි හරියක්ම, මෙයාලගෙ බර්ගර් පැටිවල මස් ගතිය හොඳ හැටි තියෙනවනෙ. අනික පදමටම වගේ බැදිලත් එක්ක. ඊටත් ඒවයෙ එන්නෙ පැටි එක හැරුනාම ඉතුරු සියල්ල චීස්, මයොනිස් සහ සෝස්නෙ. ඉතින් කෙලින්ම ආයෙ මස් රසමයි..
7. Kitchen 3576
රස බීෆ් බර්ගර් එකක්, ටොප් චිකන් බර්ගර් එකක්..
හිතේ හැටියට කන්න,
හැබැයි අරගෙන ගිහින්. වෙන කොහෙන්වත් නෙවෙයි, බම්බ මරීන් ඩ්‍රයිව් එකේ හැන්දෑවට බහින 3576 ලොරියෙන්. ඇත්තටම යාළු මෙයාලගෙ තියෙන්නෙ අමුතුම බර්ගර් ස්ටයිල් එකක්. මස් වලින් අනූන පැටි, බටර් එක්ක ෆ්‍රයි කරල, චීස්, මයොනිස්, සෝස් අඩුම කුඩුමත් එක්ක බනිස් පලුවට මැදි කරල. උණු උණුවෙ කටක් කද්දී.. කියල වැඩක් නෑ ආය පංකාදු පහයි ආ..
ඒ විතරක් නෙවෙයි, හොඳ හැටියට බඩ කට පිරෙන්න තියෙනවත් එක්කනෙ.
ඉතින්.. මේ වගේම,
තව ප්ලේස් තිබ්බොත්,
ඔයාලා අපිට කියන්න,
අමතක නොකරන්න, හොඳද යාළු!