ලෝකයම වසාගනිමින් සිටින කොරෝනා. මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගනිමින්,
තවදුරටත්..
නවීකරනය වීමක්? අනුවර්තනය වීමක්..?
චීන පර්යේෂක කණ්ඩායම් කිහිපයක නිරීක්ෂණ ඔස්සේ කරලියට එන SARS-CoV-2-S සහ L ප්රභේදයන් ගැන මාර්තු මුල් සතියේ..
අමුතුම කතාබහක්;
සාරාංශය වූ කලී.. ඔවුහු රෝගීන් 103 දෙනෙකුගෙන් ලබාගත් වෛරස සාම්පල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වෛරසයෙහි ජානමය ප්‍රභේද 2ක් එනම් ‘එස්’ සහ ‘එල්’ කාණ්ඩ ලෙස වෙන්කොට හඳුනාගත හැකි බවට තහවුරු කිරීමයි. තවද එම පර්යේෂණයට අනුව, එල් කාණ්ඩය අසාදිතයින් 72දෙනකුද එස් කාණ්ඩය ආසාදිතයින් 29දෙනෙකුද ලෙස වෙන්කොට ඇත.
ඉන්, එස් වෛරස් අනුවාදය මුල් අවධියේ ප්‍රමුඛතම වික්‍රියාව වන බව සහ එය ප්‍රමාණවත් රෝගාබාධ නොමැතිවම දිගු කාලයක් සංසරණය වන්නටද ඇති බව ඔවුන්ගේ නිගමනයයි. තවද එහි ජානමය සැකැස්ම වවුලන් හා පැන්ගොලින් සතුන්ගේ සංසරණය වන කොරෝනා වයිරස වලට ඉතාමත් සමීප හා සමාන බවද ඔවුහු පෙන්වා දී ඇත.
කෙසේ නමුදු ඉන් පසුව ඔවුන් එකතු කරන ලද සාම්පල, එනම් COVID-19 චීනය පුරා සහ වෙනත් රටවලට ව්‍යාප්ත වීමෙන් අනතුරුව; එල් කාණ්ඩය ලෙස හඳුන්වන වෛරස් ප්‍රභේදයද බහුලව දක්නට ලැබෙන බව පර්යේෂකයන් පවසා ඇත. එබැවින්ම COVID-19 ප්රවේණි වලින් 70%ක්, නවතම එල් වර්ගයට අයත් බවද එහි අවදානම වනුයේ එම වෛරසය වඩාත් ආක්‍රමණශීලී හා වේගයෙන් ව්‍යාප්ත වීමට ඇති පරිණාමිකත්වය බවද ඔවුහු තවදුරටත් තහවුරු කර ඇත.
කෙසේ හෝ පර්යේෂකයන්ගේ මතය වනුයේ එල් වර්ගයේ අනුවාදය මේ වන විට බොහෝ විකෘති ලබාගෙන ඇති බවත් එය ආරම්භ වූ වවුලන්ගේ කිරීටක වයිරසයෙන් තවදුරටත් පරිණාමය වූ බවත් ය. මන්ද යත් එය මිනිසුන්ට වඩාත් පහසුවෙන් ආසාදනය වන නිසාවෙනි.
එබැවින් ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයද නොයෙක් පර්යේෂණ කර ඇත.
ඒවායෙහි නිගමනයන්ගෙන් අපට ගතහැකි එකම සතුටට කරුණ වන්නේ,
COVID-19හි එස් සහ එල් ප්රවේණින් දෙක පිළිබඳ චීන පර්යේෂකයන්ගේ මතය තවමත් තහවුරු නොවීමය.
නමුත්..
සියල්ලෝම,
හැකි උපරිමයෙන් ආරක්ෂිතව කටයුතු කිරීම නම්,
මේ මෙහොතේ අනිවාර්යයවම ඇත!