තත්වෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ යාළු. කාට කාටත් ඔය සෙතේම තමයි. හැබැයි ඉතින් එහෙමයි කියල ආයතනවලට දොස් කියන්නත් බෑ. මොකද එයාලත් හම්බකරල එපැයි අපිට ගෙවන්න.
ඒ නිසා.. කා එක්කවත් තරහ නොවී ගෙදර ඉඳන්ම සල්ලි හම්බ කරන්න, හොඳම ක්‍රම ටිකක් ඔයාලට කියන්නයි අපි අද කල්පනා කලේ.
එහෙනම්.. ඔන්න පහලින් බලන්නකෝ. බලලා.. ඔයාට සෙට්වෙන ඒවා තෝරල අරගෙන, තව ටිකක් වැඩිපුර ඉන්ටනෙට් එකේ එහෙමත් හොයල.. වැඩේට බහින්න..!
1. ලියන්න
..කිව්වාම ඉතින් ඕනම දෙයක් ලියන්න පුලුවන්නෙ. ඒ ඕනම දේවල් අතරේ.. බලන්න ඔය පහතින් තියෙන වෙබ් අඩවි වලට ගිහිල්ල, එයාලට ඕන දේවලුත් තියෙනවද කියල. එහෙම තියෙනව නම් හරි, නැත්නම් එයාලට ඕන කියල දාලා තියෙන ඒවා ඔයාට පටස් ගාලා ලියල දෙන්න පුලුවන් නම් හරි.. සනික බහින්න වැඩේට.. රෙජිස්ටර් වෙන්න, ලියන්න.
ඒ අතරට මතක තියාගන්න මෙතනදි එයාලට ඕන දේවල් වගේම, ඔයාට කැමති දේවල්.. බ්ලොග්, කන්ටෙන්ට්.. ඕන විදියකට ලියල හම්බකරන්න පුලුවන් හොඳඳ.
- https://www.fiverr.com/categories/writing-translation?source=category_tree
- https://www.freelancer.com/jobs/?keyword=writing
- https://freelancewritersden.com/
- https://problogger.com/jobs/?show_results=1&query=writing&location
- https://remote.co/remote-jobs/writing/
- https://www.freelancewriting.com/jobs/
- https://www.academia-research.com/
2. ග්‍රැෆික් ඩිසයින්ග්
අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. මොකද ග්‍රැෆික් ඩිසයිනර්ස්ල ගොඩ දෙනෙක් දැනටමත් මේ ක්‍රමයෙන් අමතර ආදායම් හොයාගන්නව. කමක් නෑ, දන්නෙ නැති අයට දැනගන්න කියන්නම්කො.
ඔයාට.. විශේෂයෙන්ම ග්‍රැෆික් ඩිසයින් සහ ඇනිමේෂන් ඉක්මනට සහ ලස්සනට කිරීමේ හැකියාවක් තියෙනව නම්, සහ දැනට එහෙම කරපුවගෙ එකතුවක් තියෙනව නම්.. දැන්ම පිවිසෙන්න ඔන්න ඔය පහළ තියෙන වෙබ් අඩවි වලට. පිවිසිලා.. හොඳට හොයල බලල වැඩේට බහින්න. බාගවෙලාවට ලොකු මහන්සියක් නැතුවම කීයක් හරි හොයාගන්න පුලුවන් වේවි.
- https://www.designcrowd.com/
- https://www.freelancer.com/jobs/graphic-design/
- https://www.behance.net/joblist?search=graphic&country=LK
- https://99designs.com/
- https://www.upwork.com/cat/designers/
3. මාර්කටින්ග්
දවසම ෆේස්බුක්, ඉන්සටග්‍රැම් සහ තවත් අනේක විද වෙබ් අඩවිවල සැරිසරන ඔයාට, ඒ සැරිසරන අතරේ පුංචි වැඩක් කරල ලොකු ගාණක් හම්බකරගන්න පුලුවන් කියල දැනගෙන හිටියටද?
නෑ නේ.. එහෙනම් මතක තියාගන්න, ඔන්න ඔය පහලින් තියෙන වෙබ් අඩවි වලට ගිහිල්ල, ඒවයෙ දෙන මොන මළදානයක් හරි ඔයා යන යන වෙබ් අඩවිවල ප්‍රමෝට් කලාම..
ඒවා විකිණෙන විකිණෙන ගාණට, ඔයාට ඩොලර් වලින් හම්බවෙන්නෙ ඈ.. ඩොලර්වලින්.
- https://www.dcmnetwork.com/affiliate-marketing/daraz-affiliate-program/
- https://www.bohubrihi.com/affiliates/
- https://www.banglashoppers.com/banglashoppers-affiliate-program
- https://www.bpo.com.bd/affiliate-marketing
4. උගන්වන්න
මේකට ඉතින්.. ගුරුවරයෙක්ම වෙන්න ඕනත් නෑ. ඔයා යම්කිසි විශයක් ගැන පරිණතයෙක් නම්, වැඩේ පටන් ගන්න පුලුවන්.
ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඔය පහලින් තියෙන වගේම තව වෙබ් ටිකක් ඉන්ටනෙට් එකෙනුත් හොයල අරගෙන බලන්න ඔයා දන්න සබ්ජෙක්ට් එක උගන්වන්න වේකන්සි තියෙනවද කියල. තියෙනව නම් ඉතින් ඇප්ලයි කලා.. වැඩේට බැස්සා!
- https://www.udemy.com/courses/search/?q=teaching&src=sac&kw=teaching
- https://sellfy.com/sell/courses-online/
- https://www.skillshare.com/teach
- https://www.chegg.com/tutors/
5. ගේමින්ග්
දැකපු හොඳම ජොබ් එක වගේම, සෙට්වුනොත් ආයෙ ජොබ් ඕන වෙන්නෙ නැති තරම් සල්ලි හොයන්න පුලුවන් ජොබ් එක.
හැබැයි මේක කරන්න පුලුවන් කොම්පියුටර් ගේම් පිස්සන්ටයි, වැඩ්ඩන්ටයි විතරයි. මොකද මේකෙදි කරන්න තියෙන්නෙ.. ගේමින්ග් වලට අලුතෙන් ආපු අයට ඒවා උගන්වන එකනෙ. ඒ කිව්වේ.. ගහන විදිය විතරක් නෙවෙයි, ට්‍රික්ස් ටිප්ස් රහස්.. සියල්ලම. මමත් මේ ගැන වැඩිය දන්නෙ නෑ. කෝකටත් ඔන්න ඔය පහලින් තියෙන වෙබ් අඩවි වලින් බලාගන්නකෝ..