එසේ මෙසේ නෙවෙයි. මේං.. මේ පාර අපේම මීට් රෙසිපි ටිකක්.
කියන්න කල්පනා කලෙත් ඉතින්..
ලඟදිම බාර් එහෙමත් අරීවි කියල හිටං.
මොකද ඒ අතරට ඔයාලට පුලුවන්නෙ වැඩේට ලෑස්ති වෙන්න.
හැබයි ඉතින්.. හදන එක නම් ලේසි වෙන්නෙ නෑ.
මේවා.. ආදිවාසී රෙසිපි හොඳේ!
කිව්වට අවුලක් ගන්න එපා. එහෙම්මම අමාරු නෑ. ඔක්කොම මොඩිෆයි කරල තියෙන්නෙ, ඔයාලට ගෙදරදිම හදාගන්න පුලුවන් වෙන්න.
1. සිස්ලින්ග් ස්ටෝන් ස්පයිසි සොසේජ්
පළමුව.. හොයාගන්න ඇඟිලි පුරුකක් හෝ ඊට අඩු ඝනකමක් තියෙන අඩියෙ අඩියෙ වගේ ගල් පතුරක්. හොයාගෙන ඒක හොඳට හෝදල පිරිසිදු කරලා, වෙනමම හදාගන්න ගල් 3ක් තියපු දර ලිපකුත්. හැබැයි ඒකට දර දාන්න ඔ්න හොඳ ඝනකම ඒවයින්. දාලා ඒක අවුලලා.. අඟුරු බැහැගෙන එද්දි අර ගල් පතුර තියන්න උඩින්.
තියලා.. දාන්නෙ මොනවද?
ඒක කියන්න බැරි වුනානෙ.
ඇත්තටම යාළු බාබකියු එක දාන්න, හදාගන්න ඔ්න ජම්බො සොසේජ් ටිකක් වටේටම ඉරිගහල.. කොච්චි, ගම්මිරිස්, සුදුළූණු, සියඹලා, අබ, කහ, දෙහි එකට අඹරපු මිශ්‍රණයක පදම් කරල. පැයකට එහා පැත්තෙවත් පදම් වුනා නම් ඉතින්.. රත් වෙච්ච ගලට දාද්දි.. සට සට ගාලා පුපුරල, පැලිල, මැදත් හොඳට කරවෙලා එන්නෙ, හ්ම්..!
2. ස්මෝක්ඩ් හනි රිබ්ස්
ඉස්සර නම් ඔ්ක හදල තියෙන්නෙ මිරිකපු මීවද අරගෙන. ඒත් අපිට දැන් ඒවා නෑනෙ. ඒ නිසා.. මීපැණි ම ගමු. කරන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳ පෝර්ක් රිබ් එකක් අරගෙන හෝදල කරල ලොකු දර අඟුරු ගොඩක් උඩින්, සාමාන්‍යයෙන් අඩියක විතර ගැප් එකක් තියෙන්න, අමු හීනි කෝටු වලින් මැස්සක් ගහල ඒක උඩින් තියන්න. තියලා.. මුලින්ම ගාන්න කොච්චි/ අමුමිරිස්, රතු මිරිස්, සුදුළූණූ, ඉඟුරු එකට අඹරල දෙහි ටිකක් වැඩිපුර දාලා හදාගත්ත දියාරු පේස්ට් එකක් දෙපැත්ත දදා. සාමාන්‍යයෙන් මස තම්බීගෙන එනකම් වගේ. ඊට පස්සේ.. කරවුනු ගතිය අල්ලන කම්ම, දෙපැතත දදා.. මීපැණි ගාන්නයි තියෙන්නෙ..
3. ඇම්බර් බර්න්ට් ස්පයිසි චොප්
මේකට ඔ්න කරන්නෙ හොඳ පෝර්ක් චොප් එකක්. අරගෙන.. වරු බාගයක්වත් පදම් කරන්න කොච්චි/ අමුමිරිස්, රතුමිරිස්, අබ, කහ, ඉඟුරු, සුදුළූණු, දෙහි හීනියටම අඹරල, මීකිරිත් එක්ක කලවම් කරල හදාගත්ත පේස්ට් එකක. පදම් කරලා.. ඔතන්න කෙහෙල් කොල 4, 5ක හොඳට. ඔතල දාන්න දර අඟුරු ගොඩක් අස්සට. දාලා තව තව අඟුරු දදා.. සාමාන්‍යයෙන් කෙහෙල් කොල ටික පිච්චිලා යනකම්ම වගේ පුච්ච ගන්න. අන්තිම කෙහෙල් කොලේ පිච්චෙන්න නොදී බේරල, ගලවල ගත්ත නම්.. හරියන්න ඔ්න.
හැබැයි කන්න කලින් බලන්න පදමට ඇවිල්ලද කියල. නැත්නම් ආයෙ ඒ විදියටම, කෙහෙල් කොළ ගාණ අඩු කරල දාලා ගන්නයි තියෙන්නෙ.
4. බේක්ඩ් කරි ෆිෂ්
වැව් ඉවුරු වල කරපු වැඩ. අපිට ඉතින් එහෙම කරන්න බැරි නිසා.. හදාගන්න ගෙදරම මැටි ටිකක් අනල පොඩි පෝරණුවක්. දන්නවනෙ ඔය පාන් පෝරණුවක් වගේ. කටවල් 2ක් තියල අනිත් සියල්ල මැට්ටෙන් බඳින්නයි තියෙන්නෙ. එක පැත්තකින් දර දානවා.. අනික් පැත්තෙන් මාළුව දානවා. හැබැයි මාළුව දාන්න කලින්, ඒකව හොඳට කොරපොතු වරල්, බඩ අයින් කරල සුද්ද කරල දෙකට පලන්න ඔ්න. දෙකට පලල මිරිස්කුඩු, බැදපු තුනපහ/මස් කරි, ලුණු, කහ, ගම්මිරිස්, දෙහි/ විනකිරි දාලා ඒවත් එක්කම කෙහෙල් කොල 2, 3ක ඔතල තමයි දාන්න ඔ්න. තැම්බෙද්දි ඉතින් ඔයාට සුවඳින්ම කොහොමත් දැනගන්න පුලුවන්. එතකොට බෑව නම් හොඳටම ඇති.
5. වුඩ් ෆ්‍රයිඩ් මීට්
මේකෙ නම් යාළු හරිම විදිය හරියටම හොයාගන්න හම්බවුනේ නෑ. කොහොමහරි ප්‍රධාන වශයෙන්ම කරල තියෙන්නෙ අමු ලි පාවිච්චි කරල මස් පුච්චපු එක. ඒත් ඒ මස්.. දවස් ගාණක් මිරිස් සහ මීපැණි දාපු මල්ලක ඔබල පදම් කරල තියෙනව. පුච්චද්දිත්.. මුලින්ම හොඳ ගිණිගොඩක් ගහල පස්සෙ ඒකෙ උඩට උඩට අමු ලී අඩුක් කරල ඒ උඩින් මස් තියල තමයි පුච්චල තියෙන්නෙ. ම්.. ඉතින් කොහොමහරි කමක් නෑ, ඔයාලත් මේ අළුත් ක්‍රමයත් අත්හදා බලන්නකෝ..