සමහර අයට පොඩ්ඩක් දිරවන්නෙ නැති ගතියක් තිබ්බට..
හතු කියන්නෙ පංකාදු කෑමක් යාළු කටට රහට හදල ගත්තම.
ඒ නිසාම ඔන්න අපෙන්, මේ වීක්එන්ඩ් එකේ ගෙදරදිම හදල රස බලන්න කියාපු හතු රෙසිපි ටිකක්..
1. ක්‍රිස්පි හතු
හරිම ලේසියි..
මුලින්ම හතුටික හොඳට හෝදල කරල අරගෙන, පදම් වෙන්න දාන්න මිරිස්, ගම්මිරිස්, කහ, ලුණු මිශ්‍රණයක. ඒකට ඉතින් තව ඔ්න නම් ඔයාට සෝස් වර්ග, ඉඟුරු සුදුළූණු නැත්නම් පැණිරහට සීනි, කිතුල් පැණි වගේ දේවල් වුනත් යොදාගන්න පුලුවන්. කොහොමරී.. හතුටික පැයක් හමාරක් පදම් වුනාට පස්සෙ බිත්තර, බටර් මිශ්‍රණයක හොඳහැටි ගිල්ලල, හීනියට හලාගත්ත පාන් කුඩු එකක දවටල ගැඹුරු තෙලේ බැදගන්නයි තියෙන්නෙ. ම්.. ඔ්න නම් ඒකෙන් ටිකක් බේක් කරල වගෙත් බලන්න පුලුවන් රස කොහොමද කියල..
2. චොක්ලට්/ නටෙලා හතු චිප්ස්
මේකට නම් මුලින්ම හතු හීනියට, දිග අතට ඉරාගන්න ඔ්න. ඊට පස්සෙ ලුණු චුට්ටක් දාලා පදමට තම්බගන්න. තම්බල, වතුර පෙරල, නිවෙන්න ඇරලා.. ලාවට බේක් කරගන්න අර අමු රහ යනකම්. ඊට පස්සෙ මෙල්ට් කරගත්ත කුකින්ග් චොක්ලට් හරි නටෙලා හරි ඇති පදමට භාජනයකට දාලා ඒකට එකතු කරන්න කෝන්ෆ්ලෙක්ස් හීනියට අතින් පොඩි කරල. අන්තිමට හතු චිප්ස් චොක්ලට් මිශ්‍රණයෙ ඇති පදමට ඝනකම තියෙන්න දවටලා.. පොඩ්ඩක් බේක් කරලා.. ෆ්‍රිජ් එකේ තියල රස බලන්නයි තියෙන්නෙ..
3. ග්‍රිල්ඩ් හතු
ටිකක් ලොකු හතු වලින් ගන්න. අරගෙන හෝදල කරල පදම් වෙන්න දාන්න වරු බාගයක් විතර.. විනාකිරි/ දෙහි ඇඹුල්, සෝයාසෝස්, ඉඟුරු, සුදුළූණු, මිරිස්, ගම්මිරිස්, සියඹලා, ලුණු, මීකිරි මිශ්‍රණයක. පදම් වුනාට පස්සේ.. චාකෝල් ග්‍රිල් එකක හරි, පොල්කටු අඟුරු ගොඩක් උඩින් ග්‍රිල් එකක් තියල හරි ලෑස්ති කරල, දෙපැත්ත ද දා පාට එනකම් ග්‍රිල් කරගන්නයි තියෙන්නෙ. ඒ ග්‍රිල් කරද්දි මතක තියාගන්න නිතරම වගේ බිත්තර සාරු ටිකක් උඩින් ගාන්න..
4. බ්ලැක් හතු කරි
නිකම් කියනකොටත්..
නේ..?
මේකට ගන්න ඔ්න පොඩි හතු වලින්. අරගෙන.. බැදපු පොල්, අබ, රතු මිරිස්, ඉඟුරු, සුදුළූණු, රම්පෙ, කරපිංච, කොච්චි, ගම්මිරිස්, ගොරක ගලේ අඹරපු මිශ්‍රණයක අතගාලා පදම් වෙන්න අරින්න වරු බාගයක් විතර. පදම් වුනාට පස්සේ.. දෙහි ඇඹුල් ටිකක් එක්ක බැදපු තුනපහ, කොත්තමල්ලි කුඩු පදම බලල දාලා අතගාලා.. තවත් පැයක් හමාරක් පදම් වෙන්න ඇරලා.. වතුරෙන් හින්දල ගන්නත් පුලුවන් නැත්නම් දියකිරෙන් හින්දල ගන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න දියකිරෙන් හින්දුවොත් ටික දවසක් තියාගන්න නම් අමාරුයි. ඒත්.. රස.. ටොප් තමයි!
5. හතු ස්ටු
සාමාන්‍ය ස්ටු හදන විදියටම තමයි. හැබැයි මුලින්ම හතු ටික විතරක් කහ, ලුණු, ගම්මිරිස්, දෙහි ඇඹුල් මිශ්‍රණයක අතගාලා පදම් වෙන්න අරින්න ඔ්න. ඊට පස්සෙ එහෙම්මම පෑන් එකක ලාවට ෆ්‍රයි කරන්නත් ඔ්න. ඊටත් පස්සෙ පුලුවන් කැරට්, බෝංචි, මාළුමිරිස්, අල වගේ එළවලු අඩුම කුඩුම ටිකකුයි තව ගම්මිරිස්, අමු තුනපහ, මිරිස් මදිපාඩු ටිකයි බලල දිය කිරෙන් තම්බල, මිටිකිරෙන් හින්දල ගන්න. ඒ අතරට ඉතින් පෝරණු පාන්ගෙඩි 2, 3ක් කිට්ටු කරගන්නත් අමතක කරන්න එපා..