ලයන් බීර තමයි අපේ පානය. එය ඕනෑම ජාත්‍යන්තර වෙළඳනාමයක් එක්ක තරග කරන්න සමත්. දේශීය කාල්ස්බර්ග්වලට වඩා ගොඩක් ඉදිරියෙන්. එහි මිළ කීයද? මුද්‍රිත මිළ රු. 140යි. ඒත්, කොළඹ නගරයේදී මිළ විශාල වශයෙන් වෙනස් හා විවිධ වෙනවා. අපි 21පොළක් නිරීක්ෂණය කර හැදුවා ලයන් ඉන්ඩෙක්ස් එකක්.
අපි අප දන්නා හා කැමති ස්ථාන ටිකකට කතා කර එහි මිළ අනුව මිලිලීටර් 675ක ලොකු බෝතලයක මිළ ගණනය කළා.
ප්‍රතිඵලය දන්නවාද? මිළ අඩුම තැන් සාමාන්‍ය බාර්. පාක් ස්ට්‍රීට් හා බෙයාෆුට්ද පුදුමසහගත ලෙස මිළෙන් සාධාරණයි. ඉහළපෙළේ අවන්හල් හා බාර් හා සමාජශාලා එහෙම නැහැ.
ප්‍රස්ථාරය
මුලික මිළ කළු පාටින්. ලාභය රතුපාටින්. සේවා ගාස්තු හා බදු කහපාටින්.මේ ප්‍රස්ථාරය අනුව 10% සේවා ගාස්තු හා 13%ක් බදුත් ගෙවලා ඔබට රු. 500කට පහසුවෙන් බීර බෝතලයක් බොන්න පුළුවන්.
වගුව
ස්ථානය | මෙනුවේ මිළ | එකතුව (++) | මිලිලීටරයක මිළ |
ඒකක මිළ | ඒකකය | |
Randoli | 190 | 234 | 50 | 0.30 | 190 | 625 |
Ex-Servicemen’s | 190 | 234 | 50 | 0.30 | 190 | 625 |
Station | 200 | 246 | 60 | 0.32 | 200 | 625 |
Park Street Mews | 250 | 246 | 110 | 0.40 | 250 | 625 |
Buba | 260 | 320 | 120 | 0.42 | 260 | 625 |
New Colonial | 270 | 332 | 130 | 0.43 | 270 | 625 |
Barefoot | 300 | 369 | 160 | 0.48 | 300 | 625 |
White Horse | 300 | 369 | 160 | 0.48 | 300 | 625 |
Fort Cafe* | 333 | 410 | 193 | 0.53 | 160 | 300 |
O! Bar* | 350 | 431 | 210 | 0.56 | 185 | 330 |
Harbour Room | 370 | 455 | 230 | 0.59 | 370 | 625 |
Cricket Club | 385 | 474 | 245 | 0.62 | 385 | 625 |
Colombo Courtyard | 400 | 492 | 260 | 0.42 | 400 | 625 |
Havelock Bungalow | 425 | 523 | 285 | 0.68 | 385 | 625 |
7 Degrees | 430 | 529 | 290 | 0.69 | 430 | 625 |
Inn On The Green | 430 | 529 | 290 | 0.69 | 430 | 625 |
Casa Colombo | 450 | 554 | 310 | 0.72 | 450 | 625 |
Rize | 450 | 554 | 310 | 0.72 | 450 | 625 |
Cheers | 450 | 554 | 310 | 0.72 | 450 | 625 |
Gallery | 475 | 584 | 335 | 0.76 | 475 | 625 |
Amuseum | 1136 | 1398 | 996 | 1.82 | 600 | 300 |
අපි ඇත්තෙන්ම නිරීක්ෂණය කළේ ස්ථාන 21ක් පමණක් බව සලකන්න. නයිට්කල්බ් එකක් වන Amuseumහි මිළ පුංචි බෝතලයකුත් රු. 600ක්. ඒ පිස්සු මිළ අපි ප්‍රස්ථාරයෙන් ඉවත් කළා. කාමා කියලා ක්ලබ් එකකටත් අපි කතා කළා. ඒත් ඔවුන් අපට මිළ කිව්වේ නැහැ. ඒ කියන්නේ අධික මිළක් වෙන්න ඇති. එතන ටිකක් අප්‍රසන්න, ප්‍රචණ්ඩත්වයට බර තැනක්.
පිටත ගිහින් බොනවානම් ලයන් බෝතලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් රු. 234 සිට Rs. 584 අතර මිළකට. සාමාන්‍යයෙන් අඩුතරමේ සිල්ලර මිළට රු.100කට වඩා ඉහළ මිළකට. ඒත්, නයිට්කල්බ් එකකදී ඇතැම්විට බීර බෝතලයක් රු. 1000 ඉක්මවන්න පුළුවන්.
රන්දෝලි හා සේවාමුක්තභටයන්ගේ සංගමය වැනි පහළපෙළේ බාර්වල සිංහයාගේ මිළ අඩුයි. ඒත් ඒවායේ වාතාවරණය එතරම් හොඳ නොවෙන්න පුළුවන්. ඒවා කාන්තාවන්ට සුදුසු තැනුත් නොවෙයි. හැබැයි, ඔවුන් ලයන් බෝතලයකින් ලබන ලාභය රු. 50ක් පමණයි.
නිගමනය
ලාභම ක්‍රමය තමයි කීල්ස් වෙත ගිහින් ලයන් බෝතල් කීපයක් ගෙන මිතුරන් කැඳවාගන්නඑක. (කාගිල්ස් යන්න එපා. ඔවුන් ළඟ ලයන් නැහැ. තිබෙන්නේ ඔවුන්ගේ ජරාව) කාන්තාවක් නම්, ඔබට ඇති විකල්ප සීමිතයි. ඔබට යා හැකි ස්ථාන හැම එකක්ම මිළෙන් ඉහළයි. ඒත් The Stationහි මිළ සාධාරණයි. පුදුමය නම් Park Street Mewsහිත් මිළ අඩුයි. Barefoot තමයි ඕනෑම දවසක සීත බීර වීදුරුවක් තොලගාන්න කියාපු තැන. එතනත් මිළ නරක නැහැ.