සිරුරේ බර වැඩි වීම මේ කාලේ බොහෝ දෙනෙකුට තියන ගැටලුවක්. ඒ අය බර අඩු කරගන්න නොකරන දෙයක් නෑ. ඒ වගේ ම තවත් කට්ටියකට තියනවා මේ ගැටලුවේ ම අනෙක් පැත්ත. ඒ කියන්නේ සිරුරේ බර අඩු බව.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට නම් සාමාන්‍යයෙන් සිරුරේ උසට සරිලන බරක් පවත්වාගත යුතුයි. බර වැඩි වුණොත් වගේ ම අඩු වුණත් ප්‍රශ්නයක්. උසට සරිලන බර ගණනය කරන වගුව හඳුන්වන්නේ ස්කන්ධ දේහ දර්ශකය කියල. BMI (Body Mass Index) නමින් මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙනවා.
ඉතින් අපි මේ ලිපියෙන් කියන්න යන්නේ බර අඩුකම ගැන තැවෙන අය පරිභෝජනය කළ යුතු ආහාරපාන ගැනයි.
කිරි
කිරිවල ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, ඛනිජ වගේ ම විටමින් එහෙමත් අඩංගු නිසා කිරි ඔබේ සිරුරට අවශ්‍ය පෝෂණය හොඳින් ම ලබා දෙනවා. මාංශපේශි වර්ධනය කරගන්න උත්සාහ කරන අයට විශේෂයි. දිනකට ආහාරවේලක් සමග කිරි වීදුරුවක් පානය කිරීම බර අඩුකමින් තැවෙන්නන්ට ඉතා ප්‍රයෝජනවත්. එහෙම නැතිනම් යෝගට්, චීස් , මීකිරි වැනි කිරි ආහාර කෑමට ගන්න.
සහල් සහ ඇට වර්ග
පිසින ලද සහල් කෝප්ප එකක ප්‍රමාණය තුළ කැලරි 190ක් අඩංගුයි. ඒ වගේ ම කාබෝහයිඩ්රේට් බහුලයි. කඩල, මුං ඇට වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙනුත් ඔබට මනා පෝෂණයක් ලැබිය හැකියි. විශේෂයෙන් දවසකට ආමන්ඩ් අහුරක් කෑමට ගන්න පුළුවන් නම් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් වගේ ම මේදයත් ලේසියෙන් ලබාගන්න පුළුවන්.
මාළු/ බිත්තර/ රතු පැහැති මස්
ප්‍රෝටීන් සහ මේද කොටස් ලබා ගැනීමට හොඳ ම ක්‍රමය මාංශමය ආහාර අපේ කෑමවේලට එකතු කරගැනීම. සැමන් වැනි තෙල් සහිත මාළු ජාති, බිත්තර, රතු පැහැති මස් එහෙම මීට හොඳ නිදසුන්. බිත්තර කනකොට සම්පූර්ණ බිත්තරය ම කනවා නම් තමයි අවශ්‍ය පෝෂක කොටස් සියල්ල ම සිරුරට ලැබෙන්නේ. සමහරු බිත්තරේ කහමදේ එහෙම කන්න කැමති නෑනේ. ඒත් කහමදේ තමයි වැඩි ම පෝෂණය අන්තර්ගත වෙන්නෙ.
අල වර්ග
අර්තාපල්, බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ගවල පිෂ්ඨය බහුලයි කියල අපි දන්නව නේ. ඒවායින් සිරුරට කැලරි බහුලව එකතු කරගන්න පුළුවන් නිසා නිසා ශරීරයට නිසි පෝෂණයක් ලැබෙන්න නම් අල වර්ගත් අපේ ආහාරවේලට එක් විය යුතුමයි.
ප්‍රෝටීන් ස්මූදි
කඩෙන් අරන් බොන පැණි රස කවපු ස්මූදි ගැන විශ්වාස නෑ නේද? එහෙනං ගෙදර ම ස්මූදි එකක් හදාගන්න. පාවිච්චි කරන අමුද්‍රව්‍ය වෙනස් කළොත් විවිධ රසට බොන්නත් පුළුවන් නේ. චොක්ලට් බනානා ෂේක්, වැනිලා බෙරි ෂේක්, කැරමල් ඇපල් ෂේක්.. හදනවා නං ජාති කොච්චරක් තියනවද! මේ වගේ සාමාන්‍ය ෂේක් එකකින් සිරුරට කැලරි 400-600 අතරේ ප්‍රමාණයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, විටමින් සහ ඛනිජ ඇතුළු තවත් අත්‍යවශ්‍ය පෝෂක රැසක් මේවයේ අඩංගුයි.