වටිනවනෙ ඉතින් කොයි වෙලාවක වුනත් නේ..
පාන් ගෙඩියෙ අයිනට වෙන්න අල චුට්ටක් විතරක් තියෙන ඒවා නෙවෙයි,
මේ.. ගෙඩියෙ මැද පිරෙන්න මාළුම තියෙන මාලු පාන්..
1. Keels
කාලා බලපු හැම කීල්ස් බේකරියකම වගේ.. රු. 60 මාළු පාන් ගෙඩිය නම් පංකාදු පහයි බොලේ! හොඳ සොෆ්ට් එකට, උණු උණුවෙන් ගන්නත් පුලුවන්. ඊටත් අර අල, ලූණු, ලුණු, ගම්මිරිස් අඩුම කුඩුම ටික පදමටම දාලා, තෙල් දාලා අරගෙන, මදි නොකියන්න ඇතුලට පුරවල නිසා.. ආයෙ කොයි කොනෙන් කෑවත් මාළුම තමයි.
2. Sponge
කොල්ලුපිටිය ස්පොන්ජ් එකෙත් තියෙනව සුපිරි මාළු පාන් ගෙඩියක්, උණු උණුවෙන් මේසෙට එන. රු. 120ක් වගේ වෙන්නෙ. සෝස් ටිකක් එහෙම ගාගෙන කරගෙන වැඩේට බැස්ස නම් ආයෙ මාළු පාන්ම 3, 4ක් කෑ හැකි. ඇයි ඉතින් අල, කැරට්, ලීක්ස්, මාළු සියල්ලම පොඩියට අනල හදපු පිරවුමක්නෙ තියෙන්නෙ.
3. Tasty Caterers
එදා ඉඳන් වෙනසක් නැතුව රස තියෙන ටොප්ම මාළු පාන් එකක් තමයි. රු. 60ක් වගේ වෙන්නෙ. ප්ලේස් එක තියෙන්නෙ ෆයිෆ් රෝඩ් එකේ.
ඔය.. යන එන වෙලාවක හැන්දෑවක් අල්ලල අරගෙන බලන්නකො. උණු උණුවටම රස බැලුවහැකි.
4. Family Baker
මවුන්ට් කැසරෝල් එක යට තියෙන මේ ප්ලේස් එකෙත් ලෝස් නැතුව මාළු, එළවළු අඩුම කුඩුම පදමටම දාලා හදපු සුපිරි මාළු පාන් ගෙඩියක් තියෙනව රු. 70ට වගේ ගන්න පුලුවන්. හැබැයී.. බඩු ෆ්රෙෂ් පිට ගන්නව නම් ඉතින් උදේටයි, හවසටයි විතරයි..
5. The Fab
කියන්න ඔ්නත් නෑ සමහර උදවියට නම්.. ඒත්, නොදන්න අය දැනගන්නකො. රු. 80කට ඔ්නම ෆැබ් එකකින් ගන්න පුලුවන් ටොප් මාළු පාන් එකක් තියෙනව.. විශේෂයෙන්ම මැද පිරවුමට හොඳහැටි ගම්මිරිස් දාලා සැරට හදාපු. ඒකයි.. එයාලගෙම අයිස් කෝපි එකකුයිත් ගත්ත නම්,
ස්නැක් ටයිම් එකට වගේ පංකාදුයි!