දවල්ට හොඳහැටි බඩ පිරෙන්න කෑවත් මොකද, හැන්දෑ වරුවට එන කම්මැලිකමට, ස්නැක් එකක් ෂෝටීට් එකක් කාලා තේ එකක් නොබිව්වොත් සෑහෙන අඩුවක් දැනෙනව නේ. ඒ තරමට අපි හවස තේ එකට පුරුදු වෙලා. ඔය දවල් කෑමයි රෑ කෑමයි අතරෙ තේ වරුවක් ගත කරන පුරුද්ද අපිට ආවෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ලු නේ. දැන් ඉතින් මේ ‘තේ වෙලාව’ කියන සංකල්පේ අපේ දින චර්යාවේ අනිවාර්ය කොටසක්.
ගෙදර ඉඳන් හරි ඔෆිස් එකේ ඉඳන් හරි හවස තේ වෙලාව ගෙවනවට වැඩිය ටිකක් වෙනස් අත්දැකීමක් ලබන්න පුළුවන්, හැන්දෑවට හයි ටී සර්ව් කරන රෙස්ටෝරන්ට් එකකට හරි හොටෙල් එකකට හරි ගියොත්. කොරෝනා කාලෙ සෑහෙන පසුබෑමකට ලක් වුණ හෝටල්, රෙස්ටොරන්ට් සියල්ල ම වගේ මේ වෙද්දි ඕපන්. ඉතින් අපි හොයල බැලුවා කොළඹ අවට හයි ටීවලට යන්න පුළුවන් තැන්වල අලුත් ම තත්ත්වය මොන වගේ ද කියලා. මේ තියෙන්නෙ අපි ඒ ගැන හොයාගත්ත අලුත් ම විස්තර.
rare at Residence
- මිල: දෙන්නෙකුට රු. 2400
- වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
- විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ.
- දුරකතන අංක: 0115673000
Tea Avenue
- මිල: දෙන්නෙකුට රු. 2200
- වෙලාව: දිනපතා ප.ව. 1.00 – 5.00
- විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ. දැනට අවේලබල් වන් ගෝල්ෆේස් ටී ඇවනියු අවුට්ලට් එකේ විතරයි.
- දුරකතන අංක: 0769693577
The Cakery
- මිල: දෙන්නෙකුට රු. 3500
- වෙලාව: දිනපතා ප.ව. 1.00 – 5.00
- විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ.
- දුරකතන අංක: 0112501344
The Lounge (Cinnamon Lakeside)
- මිල: දෙන්නෙකුට රු. 1940
- වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
- දුරකතන අංක: 0112491000
The Lobby Bar (Galadari)
- මිල: එක්කෙනෙකුට රු. 1800 (බුෆේ)
- වෙලාව: දිනපතා ප.ව. 3.30 – 6.00
- දුරකතන අංක: 0112544544
The Verandah (Galle Face Hotel)
- මිල: එක්කෙනෙකුට රු. 1864
- වෙලාව: දිනපතා ප.ව. 4.00 – 6.00
- දුරකතන අංක: 0112541010/ 0769445830
Churros (The Kingsbury)
- මිල: එක්කෙනෙකුට රු. 2000
- වෙලාව: දිනපතා ප.ව. 3.30 – 5.30
- දුරකතන අංක: 0771087720
Lobby Lounge (Mövenpick Hotel Colombo)
- මිල: එක්කෙනෙකුට රු. 1950
- වෙලාව: සිකුරාදා ඉඳන් ඉරිදා වෙනකන් ප.ව. 3.00 – 6.00
- දුරකතන අංක: 0117450450
Water's Edge
- මිල: එක්කෙනෙකුට රු. 2400
- වෙලාව: සෙනසුරාදා සහ ඉරිදා ප.ව. 3.00 – 6.00
- දුරකතන අංක: 0112863863
Sapphyr Lounge (Shangri-La Colombo)
- මිල: ආෆ්ටනූන් ටී සෙට්ස් 3ක් අවේලබල්.
- ක්ලැසික් වෙස්ටර්න් ටී – දෙන්නෙකුට රු. 3500
- ශ්‍රී ලංකන් ටී – දෙන්නෙකුට රු. 3500
- ආෆ්ටනූන් හයි ටී – දෙන්නෙකුට රු. 3500
- වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
- දුරකතන අංක: 0117888288
Hilton Colombo
- මිල: Graze Kitchen සහ LAB (Lounge And Bar) දෙකෙන් ම හයි ටී සර්ව් කරනවා.
-
Graze Kitchen – එක්කෙනෙකුට රු. 3188 (බුෆේ). සෙනසුරාදා, පෝය දිනවල සහ රජයේ නිවාඩු දිනවල ලබාගන්න පුළුවන්.
-
LAB (Lounge And Bar) – දෙන්නෙකුට රු. 3288 (ප්ලැටර්). ඉරිදා ඉඳන් සිකුරාදා වෙනකන්.
- වෙලාව:
-
Graze Kitchen – පළවෙනි සිටිං එක ප.ව. 12.30 – 2.30, දෙවෙනි සිටිං එක ප.ව. 3.00 – 5.00
-
LAB (Lounge And Bar) – ප.ව. 3.00 – 6.00
- දුරකතන අංක: 0112492492
Jetwing Colombo 7
- මිල: එක්කෙනෙකුට රු. 1200 (බුෆේ, බ්‍රහස්පතින්දා විතරයි) දෙන්නෙකුට රු. 1900 (ප්ලැටර්, බ්‍රහස්පතින්දා ඇර සතියේ අනෙක් දිනවල)
- වෙලාව: ප.ව. 3.30 – 5.30
- දුරකතන අංක: 0112550200
Tea Lounge (Cinnamon Grand)
- මිල: එක්කෙනෙකුට රු. 2000
- වෙලාව: ප.ව. 3.00 – 6.00
- දුරකතන අංක: 0112437437
Ramada Colombo
- මිල: හයි ටී පැකේජස් 2ක් අවේලබල්.
-
රෙගියුලර් හයි ටී – දෙන්නෙකුට රු. 1888 (ගාඩිනියා කොෆී ෂොප් එකෙන්)
-
ජැපනීස් හයි ටී – දෙන්නෙකුට රු. 2250 (මිසු ජැපනීස් ෆියුෂන් එකෙන්)
- වෙලාව: ප.ව. 2.30 – 7.00
- දුරකතන අංක: 0766645507