ඕන ම කෑම වේලක අවසානය රස ගන්වන්නේ අතුරුපසක්. ප්‍රධාන කෑම වේල කෑවට පස්සෙ පොඩි පැණි රසක් නැද්ද කියල අපි හැමෝම වටපිට බලනව නේ.. අන්න ඒ ආසාව සංසිඳවන්න තමා ඩෙසට් නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ රටේ සාමාන්‍යයෙන් අතුරුපස විදිහට ඕන තැනක දකින්න තියෙන්නේ අයිස්ක්‍රීම්, යෝගට්, ජෙලි, කස්ටඩ් නැත්තං කැරමල් පුඩිං, වටලප්පම් වගේ ජාති. ඒව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ හින්දා පිටරටවල උපත ලැබුව ඩෙසට් ජාති කීපයක් ගැන අමුතුවෙන් කියන්නයි මේ හදන්නේ. බලන්නකො කාල තියනවද කියල.
ටිරමිසු
කෝපි රස ඉතාලි අතුරුපසක්. 1960-70 කාලේ තමයි පළමු වරට හදල තියෙන්නෙ. ටිරමිසු හදන්න ගන්න මූලික අමුද්‍රව්‍ය වෙන්නේ ඇඟිලි විස්කෝතු, බිත්තර කහමද, සීනි, කෝපි, මාස්කපෝනි චීස් සහ කොකෝවා පවුඩර්. සමහර වෙලාවට ඇල්කොහොල් ඉන්ෆියුස් කරලත් ටිරමිසු හදනවා.
චුර්රෝස්
මේක ස්පාඤ‍්ඤය, මෙක්සිකෝව, පෘතුගාලය ආශ්‍රිතව උපත ලැබුව ඩෙසට් එකක්. වතුර, සීනි, ලුණු, තෙල් හෝ බිත්තර, පාන්පිටි එහෙම පාවිච්චි කරලා හදන මේක තවත් රහ කරගන්න ඕන නං කුරුඳු කුඩුවල තවරලා, චොක්ලට් සෝස්වල දවටලා ගන්නත් පුළුවන්.
කස්ටර්ඩ් ටාට්
ටාට් එකක් කියන්නෙ උඩින් මොනාහරි ෆිලිං එකක් අතුරන්න ඉඩ තියලා පොඩි තැටියක හැඩේට බේක් කරපු කෑමක්. මේ ෆිලිං එක පලතුරු වගේ ම වෙනත් පැණි රස ජාතිවලිනුත් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටාට් හදන්න පටන්ගත්තේ ප්‍රංශ ජාතිකයො කියලයි කියවෙන්නෙ. ඒත් මේ අපි කියන්න යන කස්ටර්ඩ් ටාට් කියන්නේ පෘතුගීසි අතුරුපසක්. මේකෙදි ෆිලිං එක විදිහට පාවිච්චි කරන්නේ කස්ටර්ඩ් ක්‍රීම්. පාන්පිටි, බිත්තර, සීනි, ලුණු, කුරුඳු පොතු වගේ දේවල් ටිකක් තමයි ඕනේ.
ගුලාබ් ජමුන්
ගුලාබ් ජමුන් ගැන නං ලංකාවෙ කවුද නොදන්නේ. අපේ අසල්වැසි ඩෙසට් එකක් නේ. සීනි, පාන්පිටි, කිරිපිටි, කරදමුංගු, බේකින් පවුඩර්, රෝස වතුර, තෙල් තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය. පුංචි වුණත් කැලරි ගොඩක් තියන ඩෙසට් එකක් මේක. ඒ වගේ ම සීනි බහුල හින්ද කෑම පරිස්සමෙන්!
බ්‍රවුනීස්
බ්‍රවුනීස් දැන් කොච්චර ලංකාවේ ජනප්‍රිය ද කියනව නං බ්‍රවුනීස් විතරක් ම හදන ඩෙසට් ප්ලේසුත් තියනවා. ඔය බ්‍රවුනීස් ඉපදුණේ ඇමරිකාවෙ නේ. හරියට හැදුවොත් බ්‍රවුනි එකක් කියන්නේ චොක්ලට් රස ආකරයක්. පාන්පිටි, බටර්, බිත්තර, කොකෝවා පවුඩර්, සීනි, ලුණු තමයි මූලිකව ඕන වෙන්නේ. ඊට අමතරව කජු, ක්‍රීම් චීස්, චොක්ලට් චිප්ස් හෝ ෆ්‍රොස්ටිං එහෙම අඩංගු කරලා වෙනස් වෙනස් රසවලින් හදාගන්නත් පුළුවනි.
ස්’මෝර්
ඇමරිකාවේ, කැනඩාවේ එහෙම සුප්‍රකට අතුරුපසක් මේ. කුකීස්, ටෝස්ට් කරපු මාෂ්මෙලෝස් සහ චොක්ලට් පාවිච්චියෙන් හදන්නේ. මේක සාමාන්‍යයෙන් කෑම්ප්ෆයර්වලදි ගිනි මැලයට අල්ලලා හදාගන්න ලේසි කෑමක් විදිහටයි ආරම්භ වුණේ. මිනිස්සු මේකට කොච්චර ආදරේ කරන්න ගත්තද කිව්වොත් පස්සේ ගෙවල්වලත් හදන්න පටන්ගත්තා. ඔය ස්’මෝර් (S’more) කියන නම හැදිලා තියෙන්නෙත් ‘සම් මෝර්’ (Some more/ තව ටිකක්) කියන අදහසින් ලු නේ.
ජෙලාටෝ
ජෙලාටෝ කන්න තැන් ගොඩක් ලංකාවෙත් තියනවා. ඉතාලි අයිස්ක්‍රීම් ජාතියක් නේ ජෙලාටෝ කියන්නේ. හැබැයි සාමාන්‍ය අයිස්ක්‍රීම්වල තියන ක්‍රීම් එකට වඩා ජෙලාටෝවල ක්‍රීම් එක වෙනස්. චොක්ලට්, වැනිලා, කෝපි රසවලින්, පලතුරු රසවලින් වගේ ම මේවා හේසල්නට්, ඔරියෝ, කැරමල්, ආමන්ඩ්, චොක්ලට් බිස්කට් පුඩිං වගේ අලුත් අලුත් රසවලිනුත් එනවා.