හැමදාම කන චිකන් කොත්තු වගේ නෙවෙයි යාළු..
මෙන්න, ගිහිල්ලා කාලා බලන්න මික්ස්, සීෆුඩ්, මට්න්, බාබත් වගේ එක එක රහට එන එක එක කොත්තු!
1. Space Lounge
කොට්ටාව හංදියට පොඩ්ඩක් කලින්.. රූෆ් ටොප් එකේ තියෙන්නෙ. ෆුල් නිදහස් වගේම හැපනින්ග් ප්ලේස් එක. පූල් ටේබල් එකක් එහෙමත් දාලා.. අනික එළියෙන් අරගෙන ගිහින් බියර් එකක් ගහන්න වුනත් අවුලක් නෑ. ඒ නිසාමයි එයාලා.. එයාලගෙ පංකාදු පෝර්ක් කොත්තුව බයිට් එකට කියාපුම විදියට හදන්නෙත්. මස් කෑලි හොඳහැටි තියෙන්න පොඩි පොඩි පෝර්ක් කෑලි ගැඹුරු තෙලේ බැදලා, චිලිපේස්ට්, සෝස් අඩුම කුඩුම එක්ක කැරට්, ලීක්ස්, බිත්තර සියල්ලමත් මදි නොකියන්න දාලා.. ඊටත් රු. 400ට,
ඒකෙ සයිස් එක!
2. Sulthan Palace
ටවුන්හෝල් සුල්තාන් පැලස් එක දන්නෙ නැති කෙනෙක් නම් ඉන්න විදියක් නෑ. හැබැයි එයාලගෙ තියෙන තරු පන්තියෙ මට්න් කොත්තුව නම් දන්නෙ නැති කෙනෙක් ඉන්න පුලුවන්.
රු. 600යි. මට්න් කෑලි කන කන කටක් ගානෙ කිව්වොත් හරියටම හරි. අනික කොත්තුවත් දෙන්නෙක්ට හොඳ හැටි කන්න පුලුවන් ගානයි. අඩු නැතිව එළවළු මදිපාඩුත් දාලා.. මසාලා මික්ස් ටිකක් එක්ක, චිලි පේස්ට්, මට්න් හොදි..
ආයෙ, හිතාගන්න පුලුවන්නෙ උණු උණුවට කැපිලා මේසෙට එද්දි.
3. Ko Roti
කෝල් කරලා ගෙදරටම ගෙන්න ගත්තට ලොවෙත් පාඩු නැති රු. 800 සීෆුඩ් කොත්තුව!
දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ඇති හැටියට රස බලන්න, තායි රසට හදාපු ඉස්සො, දැල්ලො, මාළු පිරෙන්න.. තායි සෝස් ටිකක් එක්ක කැරට්, ලීක්ස් ටිකකුත් කලවම් වෙලා..
ෂැහ්.. බඩ ගින්නට කෙසේ වෙතත් ඒක බයිට් එකට නම්.. පංකාදුයි ආ..
4. New Spicy Kottu
දෙහිවල ඇල්බට් ප්ලේස් එකේ තියෙන මෙයාලගෙන් ගන්න ඉස්සො කොත්තුව. ඒක හරිම ෂෝක්. හැබැයි සැරයි කණෙන් දුම් දාන්න. ඒ වගේම තමයි තෙල් ගතියත් ටිකක් තියෙනවා. ඊටත් රස අතිනුත් මල් හතයි. හැමදාම නොකන්න.. පොඩි පොඩි ඉස්සො තොගයක් එක්ක, බිත්තර, එළවලු අඩුම කුඩුම, සෝස්, චිලිපේස්ට් ඇති හැටියට දාලා හැදෙන මේ කොත්තුවත්..
නොම්මර එකයි ඈ..
5. Hotel De Plaza
කොල්ලුපිටියෙ කොත්තු කින්ග්..
රු. 700ට දෙන පලාන්දි කොත්තුව තමයි මෙතන නැගලම යන්නෙ. රෝස්ට් චිකන් වුනාට මොකද ඇති හැටියට තන්දුරි ස්පිසස් දාලා.. හැබැයි යෝගට් දානවා කිරි රස ගන්න. හරි නම් දාන්න ඔ්න මීකිරි. ඒත්.. අවුලකුත් නෑ ඒක හැදිලා ආවාම. මොකද තැටියෙ රස්නෙට කිරි නිකම් චීස් වගේ වෙලා.. කන්න කන්න ඉතින් රස තමා..!
6. Serandib Hotel
බාබත් කොත්තු කන්න කියාපුම තැන. රු. 400යි කොත්තුව. ම්.. දෙන්නෙක්ට වගේ නම් ඇති වෙන්න තියෙනවා.. හැබැයි බීෆ් බාබත් හොඳද. ඒ වුනාට මිරිසට හදපු කරිය නිසා.. ආයෙ හොදිත් එක්ක ගැලපිලා ආවාම, වැඩක් නෑ යාළු කියලා. කැරට්, ලීක්ස්, බිත්තර අඩුම කුඩුමත් එක්ක චිලිපේස්ටුත් පදමටම ගැලපිලා.. අනික උණු උණුවෙන්නෙ..?