වර්කින්ග් ෆ්‍රොම් හෝම් වුනත් නැතත්,
මේ දවස්වල තියෙන තත්වෙත් එක්ක.. ඔය එහෙ මෙහෙ යන්න එපා මොනවත් කරන්න. ගෙදරම සෙට් වෙන්න බලන්න. තියෙන එකම අප්සෙට් එක හිතට හරියන බයිට් එකක් නැති එක නම්..
ඔන්න පහලින් තියෙනවා ඒකටත් විසඳුම්..!
1. චිලි ෆ්‍රයිඩ් ගාලික්
සුදුලූණු ගෙඩි 4, 5ක් අරගෙන බික් ගලව ගන්න හැබැයි පොත්ත අයින් කරන්න එපා. ඊට පස්සෙ ඒ ටික හොඳට හෝදලා.. මිරිස්, ගම්මිරිස්, දෙහි, ලුණු ඇති පදමට දලා හදපු මිශ්‍රණයක හොඳට අතගාන්න.. අතගාලා වරු බාගයක් විතර තියන්න පදම් වෙන්න. පදම් වුනාට පස්සෙ පෑන් එකේ පුච්චල ගන්නත් පුලුවන් බටර් ටිකක් එහෙම දාලා. නැත්නම් දර අඟුරුගොඩක පිච්චුවත්.. මාරම කොලිටි!
2. කර්ඩ් සැමන්
සැමන් කෑලි හොඳට හෝදලා.. පදම් කිරිල්ලක් තියෙන්නෙ. ඒ පදම් කරන මිශ්‍රණයට තමයි ඔ්න මීකිරි, මිරිස්, ගම්මිරිස්, කහ, බැදපු තුනපහ, මස්කරි පවුඩර්, අබ පේස්ට්, දෙහි. ඒ හැරුනාම ඉතින් කොච්චි එහෙමත් අඹරලා දැම්මට අවුලක් නෑ. කොහොමහරි සැමන් කෑලි ටික වරු බාගයක් විතර පදම් වුනාට පස්සෙ..
ග්‍රිල් කරලා ගන්න පුලුවන් නම් තමයි නොම්මර එක..
3. බැටර්ඩ් කූනි කඩල
කඩල ඉතින් කොහොමත් රැයක් එළිවෙනකම් තියන්න එපැයි වතුරෙ දාලා. ඊට පස්සේ.. බෙරි නොවෙන්න තම්බලා හොඳට වතුර පෙරෙන්න තියන්න. ඒ අතරට හදාගන්න මාගරින්, බිත්තර, ලුණු එකට දාලා, ගහල හදාගත්තු බැටර් එකක්, හැබැයි ටිකක් දියාරුවට හොඳද. හදලා කඩල ටික ඒකට දාලා හොඳට කලවම් කරලා පෙරල ගත්ත ගමන් දැම්මා අනික් පැත්තට මිරිස්, ගම්මිරිස් කුඩු පදමට දාලා හදපු කෝන්ෆ්ලා මිශ්‍රණයකට. ඊට පස්සෙ ඒකෙ හොඳට අතගාලා.. පෑන් එකක බටර් ටිකක් රත් කරලා..
මුලින්ම කඩල ටික ෆ්‍රයි කරගත්තා.. ඒ ටික ෆ්‍රයි වේගෙන එනකොට දැම්මා කූනිස්සො ඇති පදමට.. කූනිස්සොත් සුවඳ ගහගෙන එනකොට දැම්මා ලූණු, මාළු මිරිස්, කැරට්, ලීක්ස්, කොච්චි සියල්ලත් එක්ක හීනියට ලියලා කලින් බැදලා තියාගත්තු මිරිස්, පපඩම්, රටකජු..
4. එග් ඇන්ඩ් කර්ඩ් සීසන්ඩ් ෆ්‍රයිඩ් චිලි
වේලපු මිරිස්.. ලුණු වතුරෙ දාලා තියන්න වරුවක් විතර.
ඊට පස්සෙ බදින්න කලින්.. මීකිරි, බිත්තර, ලුණු, මිරිස්, ගම්මිරිස්, අබ එකට අතගාපු මිශ්‍රණයක ඔබලා තියන්න තවත් වරුවක් විතර. ඊට පස්සෙ බැදලා ලුණු ටිකක් ඉහලා අරගෙන බලන්නකො!
5. ග්‍රිල්ඩ් චිලි පොටැටෝ
අල ගෙඩි තම්බලා 4ට පලන්න. පලලා කෑලි හැම එකකම මස් බාබකියු දානකොට වගේ හතර වටේට ඉරි ගහන්න. ගහලා, ඒක එහෙම තියෙද්දි වෙනමම හදාගන්න මිශ්‍රණයක් බටර් එක්ක මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු පදමට එකතු කරලා හොඳහැටි කලවමේ. ඊට පස්සෙ අර අල කෑලිවල මිශ්‍රණය ගාලා පැයක් හමාරක් තියෙන්න ඇරලා.. ඇලුමිනියම් කොලවල ඔතලා ග්‍රිල් කරලා ගන්න.. අරගෙන උඩින් ලුණු, දෙහි ඇඹුල්, හීනියට ලියපු ලූණු, අමු මිරිස් ටිකක් දාලා ගත්ත නම්..