නිකමට හිතුණා..
ඉස්සර නම් අඩුම තරමෙ බයිට් එකට හරි මේසෙට එන කෑමක්නෙ. මේ කොරෝනා මගුලක් නිසා ඒකත් නෑ.
හ්ම්.. ඒකට කාරි නෑ යාළු. ඔන්න බලන්න.. පහලින් තියෙනවා අතේ තියෙන ගාණ බලලා පංකාදුවට නාසියක්, මොන්ගෝලියන් එකක් රස බලන්න, කියාපු තැන් ටිකක්.
1. Diner's Delight
රු. 500ට මේසෙට එන මෙයාලගෙ සීෆුඩ් මොන්ගෝලියන් එක. දෙන්නෙක්ට ඇති පදමට තියෙනව විතරක් නෙවෙයි චිකන් මොන්ගෝලියන්, මික්ස් මොන්ගෝලියන් එහෙමත් ගන්න තියෙනවා. කොහොම වුනත් උණු උණුවෙ මේසෙට ආවට පස්සේ.. ආයෙ කතන්දර නෑ, බලන් ඉඳිද්දි වාශ්ප වෙන්නෙ ඈ.. ඇයි අප්පේ පදමටම සෝස් ටික දාලා.. ලූණු, කැරට්, ලීක්ස්, ගෝවා අඩු නැතුව එකතු කරලා.. ඊටත් සැර පදමත් අපිටම හරියන ගානටනෙ.. ඔක්කොමත් හරි ඉස්සො, දැල්ලො, මාළු ෆ්රයි කරලා මදි නොකියන්න එකතු කරලා.. ආයෙ කන කන කටට මොකක් හරි මසක් මාලුවක්!
2. Ruwala Beach Restaurant
පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් බයිට් එකකට කියාපුම නාසිය. රු 1300ක් වගේ වෙන්නෙ. හැබැයි පැහැලිදිවම තුන්දෙනෙක්ට බඩ පැලෙන්න තියෙනවා. ඇති පදමට එළවළු අඩුම කුඩුමත් දාලා, උඩින් බුල්සායි එකකුත් තියලා, පොඩි පොඩියට කපලා ඩීප්ෆ්රයි කරපු ඉස්සො, දැල්ලො, මාලුත් ටිකක් දාලා..
ම්.. සෝස් ගතිය තමයි බතේ ටිකක් වැඩි ඉතින්.
3. JADE by Laugfs
සුපිරිම මික්ස් නාසියක්. පෝර්ක්, බීෆ්, සොසේජ්, බිත්තර, ඉස්සො, දැල්ලො, මාළු.. ඒ විතරක් නම් බැරියැ. එළවළු අඩුම කුඩුම එක්ක තඩි බුල්සායි දෙකකුත්. රු. 850ක් වගේ වෙන්නෙ. හැබැයි දෙන්නෙක්ට ඇති හැටියට කන්න තියෙනවා. ම්.. එකම, පොඩිම අවුල තමයි සෝස්වල පොඩි මදි ගතිය නිසා රස බාල වෙච්ච සිද්ධිය, හ්ම්..!
4. Banana Leaf
රු. 650යි. දෙන්නෙක්ට මදි නොකියන්න තියෙයි!
එතකොට.. මේං කියල අඩුවක් නැතිවෙන්න ඉස්සො නම් ඉස්සො, දැල්ලො නම් දැල්ලො, නැත්නම් චිකන් එහෙමත්.. පිරෙන්න දාලා. එකම අවුල තමයි මෙයාලගෙ නාසියෙ ඒ හැටි කැරට්, ලීක්ස්, ගෝවා නැති එක. හැබැයි සෝස් පදම තියෙනවා නූලට. අනික ටොප් බුල්සායි එකකුත් තියෙන්නෙ උඩින්ම..