1. බිත්තර පුරවපු අල බැදුම
ටිකක් ලොකු අල ගෙඩියක් තම්බා ගන්න. ඊට පස්සෙ ඒකෙ උඩින් පුංචි හිලක් හදල මැද්ද අයින් කරන්න ඝනකම සෙන්ටිමීටර භායක් විතර තියෙන්න. ඊටත් පස්සේ.. ඒකට බිත්තරයක් කඩල දාලා, ලුණු, ගම්මිරිස්, අමු මිරිස්, ලූණු පොඩි පොඩියට කපල දාලා.. උඩ හිල, අයින් කරපු අල වලින්ම තද කරල වහල, හොඳහැටි බිත්තර සාරු, පාන් කුඩුවල දෙතුන් පාරක් දවටල ගැඹුරු තෙලේ බදින්නයි තියෙන්නෙ.
2. කොස්ඇට බත්
පෞරාණික පහතරට කෑමක්. මම මේක හොයාගත්තෙත් හරිම අහම්බෙන්. ඇත්තම කියනව නම් ගාල්ල පැත්තෙ ඇතුලෙම තියෙන ගමකින්. එයාලා මේකෙදි මුලින්ම කරන්නෙ කොස්ඇට ටික හොඳ හැටි තලාගෙන ටිකක් බෙරි වෙන ගානට තම්බ ගන්න එක. එහෙම තම්බද්දි ඒකට ලුණු ටිකකුත් දානව. ඊට පස්සේ.. ඒ ටික රස්නෙ පිටින්ම අරගෙන කෙහෙල් කොල වලින් අල්ලල හොඳ..ට පොඩි කරගන්නව. පොඩි කරගත්තට පස්සෙ ඒක තියෙන්නෙ කැට සහිත පිටි මෝලියක් වගේ. කෙහොමහරි ඔය අතරට වෙනමම ලිපක හැදෙනව පැණි දාපු අඩුම කුඩුම මිශ්‍රණයක්. ඒකෙදි එයාලා පාවිච්චි කරන්නෙ කිතුල් පැණියි පොඩියට කපපු වරකා, කජු මද, කෙහෙල් වගේ දේවල්. ඒත් ඉතින් අපිට ඒවා හොයාගන්න ටිකක් අමාරු නිසා.. අපිට පුලුවන් සීනි පැණි හරි අරගෙන ඒකට පොල්, මුද්දරස්පලම්, කජුමද, එනසාල්, කරාබු නැටි වගේ ටිකක් දාලා වැඩේ ගලපගන්න. ගලපගෙන අහවර වෙලා.. ඒ මිශ්‍රණය ලාවට ඝන වීගෙන එනකොටම, අර කොස්ඇට පිටි ටික දාලා කැට ගැහෙනකම් හැඳි ගාන්නයි තියෙන්නෙ. හැඳි ගාලා උණු උණුවෙ කෙහෙල් කොලේකට බාලා අතින් තලල කරල කැට කපාගත්ත නම්..
3. ග්‍රිල්ඩ් හතු
ටිකක් ලොකු හතු වලින් ගන්න. අරගෙන හෝදල කරල පදම් වෙන්න දාන්න වරු බාගයක් විතර.. විනාකිරි/ දෙහි ඇඹුල්, සෝයාසෝස්, ඉඟුරු, සුදුළූණු, මිරිස්, ගම්මිරිස්, සියඹලා, ලුණු, මීකිරි මිශ්‍රණයක. පදම් වුනාට පස්සේ.. චාකෝල් ග්‍රිල් එකක හරි, පොල්කටු අඟුරු ගොඩක් උඩින් ග්‍රිල් එකක් තියල හරි ලෑස්ති කරල, දෙපැත්ත ද දා පාට එනකම් ග්‍රිල් කරගන්නයි තියෙන්නෙ. ඒ ග්‍රිල් කරද්දි මතක තියාගන්න නිතරම වගේ බිත්තර සාරු ටිකක් උඩින් ගාන්න..
4. කොච්චි පෝර්ක් පිච්චුම
මේක නම් යාළු ආදිවාසී රෙසිපියක්. ටිකක් මොඩිෆයි කරල තියෙන්නෙ. මේකෙදි ගන්නෙ ගොඩක් දුරට පෝර්ක් රිබ්ස්. නැත්නම් චොප්ස් එහෙමත් අවුලක් නෑ. කොහොමහරි අරගෙන තෙලත් එක්කම, මැටි ඇතිලියක පදම් කරනව කොච්චි, ලුණු, දෙහි, ඉඟුරු සුදුළූණු ඇඹරුමක් හොඳ ඝනේට අතගාලා. පදම වරුවකට කිට්ටුවෙන්න වගේ ඇල්ලුවට පස්සේ.. ඒවා අමු කෝටුවල ගහල අමු දර අඟුරු ගොඩක් උඩ දෙපැත්ත ද දා පුච්ච ගන්නයි තියෙන්න. හැබැයි ඒ ගැම්මටම අනික් පැත්තට කන්නෙ එහෙම නෑ.. ඒවා නිවෙන්න ඇරල ඉස්සෙල්ලම පිච්චුම් සියල්ල පිහියකින් හූරල අයින් කරල තමයි පොඩි පොඩි කෑලි කපල වලට කපල…
5. චොකලට් මාෂ්මෙලෝ සැන්ඩ්විච්
කනව නම් මෙන්න ඩෙසට් කිව්වලු. අනික හදා ගන්නත් හරිම ලේසියිනෙ. පාන් පෙති දෙකක් ගත්තා, අරගෙන මැද්දට බටර් ටිකක් ගාලා හොඳ නියුටෙලා තලියක් හරි චොකලට් තොගයක් හරි ඇතිරුවා. ඊට පස්සෙ ඒ උඩට පොඩි පොඩියට කපා ගත්තු මාෂ්මෙලෝස් කෑලි ටිකකුත් දැම්මා.. දාලා පෑන් එකේ දෙපැත්ත කර කරල ගන්යි තියෙන්නෙ. ආයේ.. තොල කට ලෙව කකා ඉතින්.