කාලෙකින්..
ආයෙත්..
කොත්තුවක් කන්න හම්බුවෙයිද නැද්ද දන්නෙත් නැති එකේ..
පරිස්සමට ගිහින්, රස වෑහෙන කොත්තුවක්, හිතේ හැටියට කාලා එන්න.. මෙන්න කියාපු තැන් ටිකක්!
1. Monarch Kitchen
පිළියන්දල ටවුමෙම තියෙන නොම්මර එකේ චයිනිස් එකක්. මෙයාලගේ.. ඉඳිආප්ප මික්ස් කොත්තුව තමයි නැගලම යන්නෙ. රු. 450යි, මල් හතයි! ආයෙ උණු උණුවට චිලිපේස්ට් එක්ක බස බස ගාලා දෙසන්න පුලුවන්. හැරත් හොදි ටිකක් එහෙම දාලා, ලාවට තෙත ගතියක් එහෙමත් තියෙන්න හදලා.. තුනපහ රසයි, මිරිස්, ගම්මිරිස් සැරයි… ඔක්කොමත් හරි දාලා තිබ්බ මස් මාළු තොගේ? කිරි අප්පේ… හීනියට ඉරලා බැදපු චිකන්, පොඩි පොඩි මාළු කෑලි, ඉස්සො, දැල්ලො…
බිත්තරත් තිබ්බනෙ.
2. Thoma Restaurant
කොළඹ මැද්දෙ හැබැයි, ඇන්තනීස් පාරෙ තියෙන්නෙ.
මෙයාලගේ.. මික්ස් කොත්තුව තියෙනවා මට්න්, බීෆ්, චිකන්, බිත්තර, සොසේජස් සියල්ල සමගින්, රු. 600යි. වැඩේ කියන්නෙ සැර තියෙනව කඳුලු පනින්න, හැබැයි රසේ මොකක්දෝ මදි ගතියක්!
ඒ වුනාට ඩොල්පින් කොත්තුව? රු. 500 වුනාට නොම්මර එකයි ඈ! ඔක්කොමත් හරි දෙන්නෙක්ට කන්න ඇතිවෙන්න.. චීසුත් මදි නොකියන්න දාලා, රෝස්ට් චිකන් හීනියට ඉරලා..
අර.. හොදි ටිකක් වැටිලා රස පදමත් ආවා නම් පංකාදුයි.
3. Chili's Food
දෙල්කඳ කටට සැරට කෑම දෙන තැන. චිකන් චීස් කොත්තුව රු. 390යි. නිකම් නෙවෙයි, චීස්, චිකන් වලින් අඩු නැතිවෙන්න හදලා උණු උණුවට.. කිව්වට විශ්වාස කරන්න යාළු ෆ්රයිඩ් චිකන් පලුවක්මද කොහෙද හීනියට ඉරල දාලා, හැපිකව් චීස් කෑලිත් එකක් දෙකක් එක්ක, කිරි මොනවහරිත් මික්ස් වෙන්න දාලා… මිරිස්, අමු මිරිස්, කැරට්, ලීක්ස්, බිත්තර… අඩු නෑ ආයෙ, හොඳේ. අනික කොත්තුවෙ සයිස් එකත් බලන්න එපැයි, දෙන්නෙක්ට හොඳ හැටියට!
4. Pepper House Restaurant
හෝකන්දර, තලවතුගොඩ අතරෙ.. මල් හතට පෝර්ක් කොත්තුවක් රස බලන්න.. රු. 500යි ගාණ. හැබැයි දෙන්නෙක්ට ඇති හැටියට කන්න තියෙනවා. පොඩි පොඩියට කපපු පෝර්ක් කෑලි තොගයක්, ෆ්රයි කරලාම දාලා, කැරට්, ලීක්ස් අඩුම කුඩුමත් සවලෙන් දාලා වගේ.. අනික සෝස් පොඩ්ඩකුත් ගැලපිලානෙ රස පදමට.
5. Banana Leaf (Dehiwala)
ගන්න මික්ස් කොත්තුවක්. රු. 800යි.
ආයෙ කටයි දෙකයී.. පත්තු වුණා රඹටි හැලෙන්න! අවංකයෙන්ම සුපිරිම කොත්තුව ඈ යාළු. මස් මාළු නම් දාලා තියෙනව, පොල්කටු හැන්දෙන්න මන්දා. ගන්න ගන්න කටට මොකෙක් හරි සතෙක්. ඊටත් මම කල්පනා කළේ ඉස්සො දැල්ලො නැතුව මෙහෙම නම්… තියෙද්දි? හප්පෝ..
අනික එළවළු අඩුම කුඩුමවලින් අඩුවක් කියලයැ. බිත්තරත් හොඳ හැටියට. ඔක්කොමත් හරි බලන්න එපැයි ඒකට මට්න් හොදි ටිකක් එකතු වුණාම!