සිංහලෙන් ලියන සමකාලීන කවි කිවිඳියෝ – I කොටස.

මේ සිංහල සාහිත්‍යය ගැන ලාංකිකයන්ගේ අවධානය ගිලිහෙමින් යන කාලයක් වුණත්, තවමත් සිංහල පතපොත කියවන පාඨකයන් විශාල පිරිසක් ඉන්න බව පොත් අලෙවිය දිහා බැලුවම කියන්න බැරිකමක් නෑ. භාෂාවේ රසමුසු වදන් එකිනෙක අමුණලා සිංහල කවිය රසවත් කරන ලේඛකයන්ට කරන ගෞරවයක් විදිහට, ඔවුන්ගේ ලැයිස්තුවක් සකසන එක මේ වගේ කාලයක වැදගත් කියල අපි කල්පනා කළා. ඉතින් සිංහල සාහිත්‍යයට කවියෙන් දායක වෙන කවියන් කිවිඳියන් ගැන කියවෙන ලිපි මාලාවක පළමුවැන්න මේ. දැනට ජීවතුන් අතර ඉන්න, තාමත් ක්‍රියාකාරී ව කාව්‍යකරණයේ යෙදෙන, කවියන් සහ කිවිඳියන් පිරිසක් පිළිවෙළින් පෙළගස්වන්නයි මේ ලිපි මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.

රත්න ශ්‍රී විජේසිංහ

ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සම්මානලාභී සිංහල කවියෙකු සහ ගී පද රචකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ, 1953 ජුනි දෙවැනිදා ගාල්ලේදී උපත ලැබුවා. හික්කඩුව ශ්‍රී සුමංගල සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය ද ලබා වෘත්තියෙන් ගුරුවරයෙකු බවට පත් වුණු ඔහු, කාව්‍යකරණයට අවතීර්ණ වී 1975 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය විදිහට ‘බිය නොවන් අයියණ්ඩි’ ප්‍රකාශයට පත් කළා. ඉන්පසුව වස්සානේ, සුබ උදෑසන, මධ්‍යම යාමය, සන්ධ්‍යා තීර්ථය, සඳගිර පාමුල වැනි කාව්‍ය කෘති රාශියක් ඔහු ලියා පළ කළා.

සුදු නෙළුම කෝ සොරබොර වැවේ, මගෙ බිසවුනේ අසාපන්, මාල ගිරවියේ, පුන්සඳ රෑට, කිරුළ මුතු ලිහී, ලෙන්චිනා, මගෙ දුවේ නුඹ අවදියෙන් නම්.. වැනි මධුර ගීත විශාල ප්‍රමාණයක් රචනා කළ ඔහු, වංකගිරිය අරණේ, සුදු නෙළුම, නෙත නිලුපුල්, නිකිණි වැස්ස ආදී ගීත එකතුත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වෙද්දී රත්න ශ්‍රී විජේසිංහ 68 වැනි වියේ පසු වනවා.

ගුණදාස අමරසේකර

මුල් කාලයේ කවියෙකු ව හිටියත් ගුණදාස අමරසේකර වඩාත් ම ජනාදරයට පාත්‍ර වුණේ නවකතාකරණය ඔස්සේ. 1929 නොවැම්බර් 12 වැනිදා ගාල්ලේදී උපන් ඔහු යටලමත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන්, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. ලංකා විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය ලබා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකු බවට පත් වුවත් ඔහු සාහිත්‍යකරණය අත්හැරියේ නෑ.

උයනක හිඳ ලියූ කවි, භාවගීත, අමල්බිසෝ, ගුරුළුවත, ආවර්ජනා, අසක්දා කව වැනි කාව්‍ය කෘති, රතු රෝසමල, ජීවන සුවඳ, ගල් පිළිමය සහ බොල් පිළිමය, විල්තෙර මරණය වැනි කෙටිකතා සංග්‍රහ සහ, කරුමක්කාරයෝ, යළි උපන්නෙමි, ගන්ධබ්බ අපදානය, අසත්‍ය කතාවක්, දෙපා නොලද්දෝ ආදී නවකතා ඔහු අතින් ලියැවුණා. මීට අමතරව විචාරය සහ විනෝදය, අලියා සහ අන්ධයෝ, සිංහල කාව්‍ය සම්ප්‍රදාය, නොසෙවුනා කැඩපත ආදී විචාර ග්‍රන්ථත් ඔහු රචනා කළා.

පරාක්‍රම කොඩිතුවක්කු

පොඩි මල්ලියේ, අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය, අලුත් මිනිහෙක් ඇවිත්, රශ්මි, දෙවියන්ගේ මිනිසුන්, ලොවි කහට, දිවමන් ගජමන්, ආලෝක මිනිසා වැනි කාව්‍ය කෘති සමූහයක් ලියා පළ කළ පරාක්‍රම කොඩිතුවක්කු ලංකාවේ සිටින ප්‍රවීණතම කවියෙක්. ඔබ සමග, ක්ලැරා නම් නවකතා සහ රෝසමලේ හදවත, සුළඟේ දිවූ කෙල්ල නම් කෙටිකතා සංග්‍රහ ද ඔහු රචනා කළා. ඔහුගේ කෘති බොහොමයක් රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන ඇතුළු ගරු බුහුමනට පාත්‍ර වුණා.

අජිත් තිලකසේන 

සිංහල අක්ෂර ක්‍රමයට ‘පිලි සමරූපීකරණය’ නම් සංකල්පය හඳුන්වා දුන් අජිත් තිලකසේන කවියෙකු වගේ ම කෙටිකතාකරුවෙකු වශයෙනුත් හඳුන්වන්න පුළුවන්. මල් වැනි ගල්, රැලි සුලි, මාරියාව, එලඹෙන අගෝස්තුව, මොන තරම් අවුලක් ද ආදී කාව්‍ය ග්‍රන්ථ පළ කළ ඔහු, සතුරෝ, සුන්නද්දූලි, පිටුවහල් කර සිටිද්දී, රාත්‍රියේ පූර්ව භාගය, සුබ රාත්‍රියක් අහවරයි, සාදය, වන්දනාව, සුසුම සහ පීඩාව, අරුනැල්ල වැටෙනකොට විතර, පස් වසරක් යන කෙටිකතා සංග්‍රහ ද රචනා කළා.

1980 දී ධර්මසේන පතිරාජ අතින් අධ්‍යක්ෂණය වුණු ‘පාර දිගේ’ චිත්‍රපටයේ තිර රචනය සිදු වුණෙත් අජිත් තිලකසේන අතින්. ඊට අමතරව ඔහු අදට ඔබින බස, හේතුවාදී ලිපි නමැති සංස්කරණ සහ 1995 දී ‘මඳ විරාමය’ නම් නාට්‍ය පිටපත රචනා කර තිබෙනවා. 

නන්දන වීරසිංහ 

1984 දී ගිංගඟේ විලාපය නම් කාව්‍ය සංග්‍රහය රචනා කරමින් කාව්‍යකරණයට පිවිසුණු නන්දන වීරසිංහ, ඉන්පසුව කිරි සුවදැති රාත්‍රිය, සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිඳෙක, චන්ද්‍ර බිම්බ, රැය කරා ගමන, සහස් රැස් යට, ක්ෂණ නියාම යන කාව්‍ය කෘති ලියා පළ කළා. මීට අමතරව ඔහු ආරියවංශ රණවීර කවියා සමග එක් ව තුන් පෙති හතර පස් පෙති නම් කාව්‍ය ග්‍රන්ථය ද රචනා කළා. නන්දන වීරසිංහගේ සෑම කවි පොතක් ම පාහේ සම්මානයට පාත්‍ර වී තිබීම විශේෂත්වයක්.

එරික් ඉලයප්ආරච්චි 

නවකතා, කෙටිකතා, පද්‍ය, පරිවර්තන, ශාස්ත්‍රීය පතපොත ආදී ලේඛන රාශියක් ලියූ ප්‍රවීණ සිංහල ලේඛකයෙක් එරික් ඉලයප්ආරච්චි. බගන්දරා, විතණ්ඩ සමය, ලලිත සමය, රතු පලස, පේත ආදිය ඔහුගේ නවකතාවලට නිදසුන්. වඩදිය, මල් නැති උයන, මිනිස් වටය, බැග්ඩෑඩ්, චයිනා ටවුම ආදී කෙටිකතා සංග්‍රහ ඔහු අතින් ලියැවුණා. එරික් ඉලයප්ආරච්චිගේ කාව්‍ය ග්‍රන්ථ වන්නේ මැදියමේ ගීතය, ආලින්දය, මගෙ කොළඹට හඳ පායයි, කිසිවෙක් කවියන් නොමරති, පිත්තල හන්දිය, කපුටා සහ සිටාණෝ, දස බිම්බරා ආදියයි.

ආරියවංශ රණවීර 

කවි කිහිපයක්, සම්මිශ්‍රණ, ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ, සඳ ඇබින්දක්, ඉමක් සහ මලක්, අතු ඉති, ඔයබඩ වවුල්ලු, තිත්, කතිකා, එළිමහන් කවි සහ ගුහා කවි, රළ සමග, තවමත් මල්, ඉම තව දුර ය වැනි කවි පොත් ලියූ ආරියවංශ රණවීරත් ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ කවියෙක්. ඒ වගේ ම ඔහු විසිරි මිණි නමින් ජපන් හයිකු කාව්‍ය සංග්‍රහයක්, ලිලැක් මල් මිටක් නමින් රුසියානු කාව්‍ය සංග්‍රහයක්, මිණි පැමිණි නමින් තවත් ජපන් කාව්‍ය සංග්‍රහයක් සහ මඟ දෙපස මල් නමින් චීන කාව්‍ය සංග්‍රහයක් සිංහලට පරිවර්තනය කර තිබෙනවා.  

ලාල් හෑගොඩ

අපේ රටේ සිටින ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වගේ ම ඡායාරූප ශිල්පය පිළිබඳ විශිෂ්ට ගුරුවරයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන ලාල් හෑගොඩ, කාව්‍යකරණයේත් යෙදෙන බව වැඩි දෙනෙකු දන්නෙ නෑ. මා මිනිසෙක් ඔබ ගඟක් නිසා, පසළොස්වක සඳ මගේ ය, ගඟක් වක් වී ගලන තැන, සඳුන් අරටුව දැල්වූයේ ඔබයි, මෙකව මෙතැනින් නවතමි වැනි පද්‍ය කෘති රචනා කර ඇති ඔහු මෑතකදී කෝමළනි නමින් සිය නවතම කාව්‍ය සංග්‍රහය එළිදැක්වූවා.

බුද්ධදාස ගලප්පත්ති 

කැටපත් පවුර, පාර වසා ඇත, රැජිණක් හැඩුවා ය, දෙදෙනා ම දියණියෝ, රැය පහන් වේ, දවස හෙටයි, පසළොස් පැය  වැනි පද්‍ය සංග්‍රහ ගණනාවක් ලියූ බුද්ධදාස ගලප්පත්ති කවියෙකු පමණක් නොව ප්‍රවීණ අංග රචනා ශිල්පියෙකු සහ කාව්‍ය විචාරකයෙකු ද වනවා. මීට අමතරව සිංහල රසිකයන්ට අමතක නොවන ගීත වන දූ අනුරාධා, තනි වෙන්නට මගේ ලොවේ ආදියේ ගී පද රචකයා ඔහුයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Trending.

A Cup Of Kindness: Brewing Compassion At Courtyard By Marriott Colombo

On September 6th, from 10 AM to 7 PM, Tito’s Café at the Courtyard by

Trending

Soul of Seychelles at The Kingsbury, Colombo

This August, we are thrilled to bring the flavours and music of Seychelles to The

Trending

Radisson Hotels Sri Lanka to Unveil “Nizam’s Feast – A Royal Hyderabadi Banquet” Across Colombo, Galle, and Kandy

Radisson Hotels Sri Lanka is excited to present an exclusive culinary journey, “Nizam’s Feast –

Trending

The Barn House Studio partner with Thema Collection & Control Union to Lead SL’s Low-Carbon Revolution

The Barn House Studio and Sherwood by The Barn, in collaboration with Thema Collection and

Trending

MSI සමාගම MGA 2024 සඳහා මාර්ගගත ලියාපදිංචි වීම එළිදක්වයි. 

ලෝකයේ ප්‍රමුඛතම ගේමිං සන්නාමයක් වන MSI සමාගම හරහා පවත්වනු ලබන, 2010 දී ආරම්භ වූ, MGA

Sinhala Trending

පාරිභෝගික අත්දැකීම පළමුව! ලැප්ටොප් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ MSI සමාගමේ 20 වසරක සාඩම්බර චාරිකාව!

ලැප්ටොප් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ MSI සමාගමේ 20 වසරක සාඩම්බර චාරිකාව! පාරිභෝගිකයන් වටහා ගැනීම මත ගොඩ

Sinhala Trending

Yamu Guide.

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide