1. Sam's Barbecue
බාර් ඇරලනෙ.. ඒ නිසා මෙන්න බයිට්.
සෝස් වගේම චාකෝල් රසෙනුත්, ස්මෝක්ඩ් ගතියෙනුත් නූලටම පදම් වෙච්ච බාබකියු වින්ග්ස් රු. 400යි. මික්ස් ග්‍රිල් එක රු. 2000යි, තඩි බාබකියු කෑලි 2ක්, ජම්බො සොසේජ් 4ක්, බුල්සායි, මෑෂ් පොටැටෝ, රෝස්ට් පාන් සියල්ල සමඟ. ම්.. ඒ හැරුනාම තව තව බයිට් ජාති තියෙනවා, පංකාදුවට ඉඟුරු, සුදුලූණූ එක්ක බාබකියු සෝස් රසෙනුත් රස වෙච්ච.
2. Star Indian Restaurant
ඉන්ඩියන් ටයිප් චිකන් චීස් කොත්තුවක් රු. 400යි. රතුම රතු පාටට තන්දුරි චිකන් කෑලි ඇති හැටියට දාලා, පොඩියට කපපු එළවළුත් එක්ක..
ඊටත් බටර් නාන් (රු. 90යි) එහෙම.. බීෆ්, මට්න් කරිත් එක්ක රම්පෙට පොරි වගේ. හොඳ සොෆ්ට් එකට, උණු උණුවට සෙට් වුනාම.. බීෆ් කෑලි 4, 5ක් දාලා, මසාලා, කුළුබඩු, කිරි අඩුම කුඩුමෙන් පදම් වුනු බීෆ් චෙට්ටිනාඩ් (රු. 480) කරියකට ගැලපුනාම.. මල් හතයි ඈ!
3. Dimuthu Food Cabin
දැල්ලො කොත්තුව රු. 450යි, මික්ස් රයිස් එකත් රු. 450යි. ආයෙ චිකන් ලිවර් රු. 350යි, මාළු ලිවර් රු. 220යි.. ඒ වගේම තමයි මේවයෙ රසත්? තුනපහ වගේම, සෝස් අඩුම කුඩුමෙනුත් පදමටම, කටට රහට ගැලපිලා ඩයට් එකට විතරක් නෙවෙයි යාළු, බයිට් එකටත් කියාපුම චයිනිස් කෑම තොගයක් හොඳද.
4. Spice Road
ටොප් රහට රයිස් ඇන්ඩ් කරි, ව්‍යංජන 4ක් එක්ක බිත්තර බත් රු. 230යි, චිකන් රු. 300යි. ඒ නැතුව වෙනමම චිකන් කරි ගන්නව නම් රු. 180යි. එළවළු ජාති රු. 50 ඉඳන්..
තව.. ඩෙවිල් චිකන් වගේ ජාතිත් තියෙනවා, පංකාදු ෂෝට් ඊට්ස් එහෙමත් තියෙනවා රු. 50 ඉඳන් උඩට.
5. Coco Fuzz
රහට කාලා පොඩි බ්රේක් එකකට පස්සෙ කන්න..
ටොප් කොලිටි මිල්ක් චොක්ලට් වලින් හදපු ඔරිජිනල් චොකලට් බිස්කට් පුඩිං රු. 750යි, වයිට් චොකලට් බිස්කට් පුඩිං රු. 950යි. ලොකු ඒවා. නැත්නම් කප්ස් ඒහෙමත් තියෙනවා රු. 300-400 අතරෙ.