1. Australia සහ New Zealand
ජොබ් වීසා කියපු ගමන්ම කාගෙ කාගෙත් ඔලුවට යන්නෙ දකුණු පැසිෆික් කලාපය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය. ඔයා වයස අවුරුදු 18-30 අතර ඉංජිනේරුවෙක් හෝ එන්වීකියු. තක්සේරුවක් තියෙන කෙනෙක් නම් ඔයාගෙ ජොබ් වීසා එක, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ආගන්තුක සත්කාර, සංචාරක සහ සේවා, කර්මාන්ත රැකියා වගේ නිපුණතා මත ඉල්ලුම් කරන්න පුලුවන්.
2. Netherlands
ඔබ, නව ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් සඳහා හොඳ අදහසක් තියෙන කෙනෙක් නම්, නෙදර්ලන්තය තමයි ඔබට ජොබ් වීසා එකක් ලබා ගන්න පහසුම රට. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරය ආරම්භ කරන්න එයාලා වසරක පදිංචි කාලයකුත් ලබා දෙනවා. ඊට පස්සෙ ඔබට පුලුවන් ස්වයං රැකියා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන්න. මේකෙදි විද්‍යාඥයින්, නවෝත්පාදකයින්, නව නිපැයුම්කරුවන් සහ නිර්මාණකරුවන්ට අවස්ථාව වැඩියි.
3. Cambodia
ජොබ් වීසා එකක් ගන්න තවත් ලේසිම රටක්. ඒ වගේම ව්‍යාපාරික වීසා එකක් වුනත් ඉක්මනටම ගන්න පුලුවන්. හැබැයි නිත්‍යානුකූලව වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න වර්කින්ග් පර්මිට් එකකට ඉල්ලුම් කරන්න ඔ්න. කොහොම වුනත් මතක තියාගන්න කාම්බෝජියාවෙ ලොකු මාර්කට් එකක් තියෙන්නෙ සංචාරක, අධ්‍යාපන වගේ ක්ෂේත්රවලට.
4. Germany
ජර්මනිය, උපාධිධාරී සිසුන් සඳහා ජොබ් වීසා ලබා දෙනවා. ඒ නිසා ඔබ ඉගෙනීම සහ වැඩ කිරීම යන දෙකම ගැන හිතන කෙනෙක් නම් අයදුම් කරන්නන. ඒ හැරුනාම තව ‘කලාකරුවන්ගේ වීසා බලපත්‍රයක්’ද ඔවුන් විටින් විට කැඳවනවා. එහෙමත් නැතිනම් ඔබට ස්වයං රැකියා සඳහා ව්‍යාපාර සැලැස්මක්ද අතැතිව ඉල්ලුම් කරන්න පුලුවන්. ඉන් එපිට, තාක්ෂණය සහ සෞඛ්‍ය අංශ සඳහා නිපුණතා සම්පූර්ණ කල කම්කරුවන් ලෙසද ඔබට ජර්මන් ජොබ් වීසා සඳහා ඉල්ලුම් කලහැක.
5. Ireland
අයර්ලන්තයේ වීසා සඳහා වයස් සීමාවක් නැත. හැබැයි, සුදුසුකම් ලැබීමට ඔබ ශිෂ්‍යයෙකු හෝ මෑත කාලීන උපාධිධාරියෙකු විය යුතුය. එසේ නැතිනම් සාමාන්‍ය රැකියා වීසා එකක් වුවද ලබා ගත හැකිය. නමුත් ඒ සඳහා ඔබට නිශ්චිත කුසලතා තිබිය යුතුය. අයර්ලන්තයේ රැකියා බහුලව ඇත්තේ බහුජාතික සමාගම් හරහා වර්ධනය වෙමින් පවතින අධ්‍යාපන, ආගන්තුක සත්කාරය හා කර්මාන්ත වැනි ක්ෂේත්‍ර වලය.
6. China
චීනයෙහි, ජොබ් වීසා වැඩිපුරම ඇත්තේ රට පුරා ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා කථිකාචාර්ය වරුන්ටය. ඊට ඔබ TEFL (විදේශ භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම) සහතිකයක් ලබා සිටිය යුතුය. ඒ හැරුනුකොට ඔබ චීන භාෂාව ප්‍රගුණ කල අයෙක් නම් එහි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියාද ඔ්නෑ තරම් ඇත.
7. Singapore
මාස හයක් දක්වා ලේසියෙන්ම ජොබ් වීසා එකක් ගන්න පුලුවන් රටක්. එතනින් එහාට ඔබ රාජකාරි කරන ආයතනයත් එක්ක කතා කරගෙන දීර්ඝකාලීන වීසා එක හදාගන්න ඔ්න. නැතත් සිසුන්ට සහ මෑත කාලීන උපාධිධාරීන්ට සිංගප්පූරුව වීසා ලබා දෙනවා, හැබැයි තොරතුරු තාක්ෂණය, ඉගැන්වීම, ආගන්තුක සත්කාර වගේ ක්ෂේත්රවල.. නැත්නම් ඒ සඳහා කුසලතා සම්පූර්ණ කල අයට.
8. Ecuador
ලතින් ඇමරිකාවේ ජොබ් වීසා එකක් ගන්න පහසුම රටක්. හැබැයි ඔබට උපාධියක් තියෙන්න ඔ්න. එහෙම තියෙනව නම් ඔබට ‘වෘත්තීය වීසා’ මත ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන්, ජාත්‍යන්තර සමාගම්හි කම්කරු, සංචාරක කර්මාන්තය හෝ රාජ්‍ය නොවන සංවිධාන වගේ ක්ෂේත්රවල.