ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහත්තයට අපේ ආදිතම මානවයන්ගෙ අස්ථි කොටස් සහ ගල්ආයුධ මුලින්ම හමුවුනේ බලංගොඩින් නිසයි, මධ්‍ය ශිලා යුගයට අයත් ඒ මානව කොට්ඨාශය බලංගොඩ හෝමෝ සෙපියනස් නමින් නම් කෙරුනෙ. හැබැයි ඊට පස්සෙ දිගින් දිගටම කෙරුනු පුරාවිද්‍යා පර්යේෂණ වලින් ලංකාව පුරා විහිදුනු ප්‍රදේශ රාශියක බලංගොඩ හොමෝගෙ ශේෂයන් හමුවුනා.
ඒ අතරේ.. ක්ෂේත්‍ර චාරිකා ආකාරයෙ සංචාර යන ඔයා, අපි වගේ අයටත් ගොඩක් වටින සහ ආස හිතෙන ගල් ලෙන් විශාල ප්‍රමාණයකුත් ලැයිස්තුගත වෙනවා. දල වශයෙන් මීට අවුරුදු 5000ට එපිට ඉඳන් අවුරුදු 40000 වගේ වෙනකම් කාලයක දිවෙන ලෙන්!
බුලත්සිංහල පාහියන් ගුහාව, කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹ ලෙන, අත්තනගල්ල අලවල ලෙන වගේ ලෙන් හැරුනාම..
ඔන්න පහලින් තියෙනවා. හොඳ අධ්‍යයනයකටත් ලක ලෑස්තිවෙලාම ‘කේව් ටුවර්’ එකක් කරන්න කියාපු තවත් ලෙන් ටිකක්.
1. සීගිරියේ පොතාන සහ අලිගල ගුහා
මුලු මනින්ම වියළි කලාපයෙ පිහිටපු මේ ලෙන් වසර 5500-6000කට එපිට යුගයට අයත් මානව වාසස්ථානයක් වගේම ඒ මානවයා ‘පොතාන මානවයා’ නමින් වෙන්කරලා හඳුන්වලා තියෙනවා. පොතාන කැණීම් වලින් විශාල මෝර දතක්, මුහුදු ගිරවා නම් ගල්මාළුවාගේ අවශේෂ සහ වඳවී ගිය හිපපොටේමස් සතෙකුගේ දතක් ද හමුවීම සුවිශේෂීයි. එමගින් රට මධ්‍යයෙහි වාසය කල මානවයා, වෙරළබඩ මානවයින් සමඟ තිබූ සබඳතාවය හොඳින් පැහැදිලි වෙනවා. තවද එයින් මතුවූ ගෝනා, තිත්මුවා, වල් ඌරා, ඕලූ මුවා, මීමින්නා, හරකා, කුළු මීමා, ඉත්තෑවා, හම්බාවා හා හැලි වඳුරා යන සතුන්ගේ අස්ථි කොටස්ද එකල දඩයම ගැනද මනා අවබෝධයක් අපට ලබා දෙනවා. අලිගල කැණීම් වලින් මතුවූ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්, පැරණි මානවයා ආහාරයට ගත්තේ යැයි සැක කෙරෙන පහතරට තෙත් කලාපයේ බෙල්ලන්ගේ කවච, කැකුණ ඇට හා ධාන්‍ය තව දුරටත් ඔබේ ක්ෂේත්‍ර චාරිකාවේ රසවත් බව වැඩි කරනවා නොඅනුමානයි.
2. කෑගල්ල අලු ලෙන
කෑගල්ලෙ ඉඳන් මහනුවර පැත්තට කිමී. 5ක විතර දුරක් යද්දි මොලගොඩින් අලුලෙන විහාර පාරෙ තියෙනවා. ඒකෙ කිලෝමීටර 2ක වගේ දුරක් තමයි තියෙන්නෙ. කටාරම් කොටපු ලෙන් පිහිටපු මෙම විහාරය ක්‍රිපූ. යුගයේ සිටම පූජනීය ස්ථානයක් වශයෙන් පැවති බවට එහි තියෙන බ්‍රාහ්මී සෙල්ලිපිය සාක්ෂි දරනවා. ඒ වගේම මේ ලෙන්වල කරපු කැණීම්වලින් ශිලා ආයුධ හා මානව අස්‌ථි රැසක් හොයා ගන්න පුලුවන් වෙලා. තවද ගොළුබෙලි කටු, මොලුස්‌කාවන්ගේ අස්‌ථි, උරගයන්ගේ අස්‌ථි අතරේ.. මී හරකා, වඳුරා, ලේනා වගේ සත්තුන්ගෙ අස්‌ථි කොටස්ද ලැබීලා තිබෙනවා. කොහොම නමුත් පසුකාලීනව වළගම්බා සමයේ මේ විහාරය ප්‍රතිසංස්කරණය කෙරැනු නිසා පැරණි ස්වරූපය මුලු මනින්ම විනාශ වෙලා ගිහින්.
3. වවුල්පනේ ගුහා
රත්නපුර, කොළොන්න, වවුල්පනේ ගමේ තියෙන මේ ගුහා.. සියල්ලම පාහේ නිර්මාණය වෙලා තියෙන්නෙ හුණුගල් වලින්. ඒකට හේතුව මෙම ගුහා භූමිය, හුණුගල් කන්දකට යාබදව පිහිටීමයි. ඒ හැරුනාම වවුල්පනේ ගුහා පිහිටි මහ කැළය එක් පැත්තකින් බුළුතොට කඳුවැටියෙන් ද අනෙත් පැත්තෙන් පල්ලෙබැද්ද කඳුවැටියෙන්ද මායිම් වෙලා තියෙනවා. ඒ නිසාම මේකට ප්‍රවේශ මාර්ග 3ක් තියෙනවා. එකක් තුන්තොට-පල්ලෙබැද්ද හරහා බුළුතොටින්, අනෙක සූරිය කන්ද-ඇඹිලිපිටිය පාරෙන් වවුල්පනේට, තවත් එකක් තියෙනවා කොළඹ-ඇඹිලිපිටිය, කොළඹගෙ ආරෙන් වවුල්පනේට. මේක අඩි 450ක් විතර දිග ගුහාවක්. කැල්සියම් කාබනේට් අනූන වතුරෙන් පිරුණු මේ ගුහා සංකීර්ණයෙ ලොකු දිය ඇල්ලක් වගේම, ගුහා බිත්ති දිගේ රූරා ඇවිත් සවිවුනු කැල්සියම් කාබනේට් ඝන කොටස් වලින් මුලු ගුහාවම අලංකරණය වෙලා. පරිසරවේදීන් කියන විදියට මේකෙ වවුල් විශේෂ 7ක් විතර වාසය කරනවා. ඒ හැරුනාම මෙම ගුහාවේ තවමත් වැඩෙමින් පවතින කිරිගරුඩ නිධියක්ද දකින්න පුලුවන්. ගුහාවෙන් පිට ඇති එහි මුහුදු කොරල් හැඩැති කොරල් පර, බෙලිකටු හා තවත් සත්ව පොසිල පවා තිබිලා තියෙනවා කියලයි පුරාවිද්‍යා කතිකාවත තියෙන්නෙ.