1. වෙලාව හොඳයි
ඡයවීර තමාගේ රථය නගරය දෙසට පදවමින් සිටියදී හදිසියේම මිනිසෙකු හැපුනි. ඡයවීර අනතුරට පත් පුද්ගලයාව සනසවමින් මෙසේ කීය..
“මොනව වුනත් තමුසෙගේ වෙලාව හොඳයි”
“ඒ මොකද?”
“තමුසේ මගේ වාහනයට හැප්පුනේ හරියටම දොස්තර මහත්තයගේ ගෙදර ලගඳි”
“හෑ.. මම තමයි ඕයි දොස්තර!”
2. ඇත්ත පිස්සෙක්
එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි. තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.
“මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ, ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වෙ?”
අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට…
“කියන්න බැහැනේ සර්. ඌ පිස්සානේ..”
3. එහෙනං කමක් නෑ
තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.
“කවුද ඕයි ඔය කතාකරන්නෙ?”
“මොනවා..? තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක” දුරකථනයේ අනික් පැත්තෙන්, මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණි.
“මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?” භටයා ඇසීය.
“නෑ.. මං දන්නෙ නෑ.” මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.
“ආ.. එහෙම නං කමක් නෑ.” කියූ භටයා වහා රිසීවරය තැබීය!
4. යාන්තම් ඇති
කෞතුකාගාරය තුළ යමක් උස් හඬක් නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක් බිමට වැටී කැබලි බවට පත්ව තිබුණි.
“දෙයියනේ.. ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සීයකටත් වඩා පැරණි බඳුනක් නෙ.” කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.
කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක් පෑ ඔහු.. “යාන්තම් ඇති. මම හිතුවෙ ඒක අලුත් එකක් කියල..” පවසමින් යන්නට ගියේය.
5. ඔය විදියට තමයි
පොලිස් නිලධාරියකු වූ අරුණ පාසල් සමයේ පටන්ම දිනපතා සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කළ, කරාටේ සටන් ක්‍රම ප්‍රගුණ කළ, බෲස් ලී හට තද ඇල්මක් දැක්වූ අයෙකි. දිනක් සේවය අවසන් වී බොරැල්ල හන්දියට පැමිණි හෙතෙම බාබර් සාප්පුවකට ගොඩ වීය.
“බෲස් ලී ගෙ විදියට මගෙ කොන්ඩේ කපන්න" අරුණ, බාබර් දෙස කණ්ණාඩියෙන් බලමින් කීවේ සුදු රෙද්දක් තම සිරුරේ ඉදිරිපස දමමින් බාබර් කොණ්ඩය කැපීමට සැරසෙද්දීය. කොණ්ඩය කපා අවසාන වූ පසු නැගිට මදක් ඉදිරිපසට නැමී කණ්ණාඩියෙන් තම හිස පිරික්සු අරුණ මුහුණ ඇඹුල් කර ගෙන බාබර් දෙස බලා කෝපයෙන් මෙසේ කීය.
“අයිසෙ, බෲස් ලී කොන්ඩේ කපන්නෙ මේ විදියට නෙමෙයි නෙ."
“මොකද නැත්තෙ මහත්තයා? බෲස් ලී මෙහාට ආවොත්, අපි එයාගෙ කොණ්ඩෙ කපන්නෙත් ඔය විදියට තමයි.” බාබර් කීය.