1. ෂිකිමික් අම්ලය
ප්‍රබල ප්‍රතිවෛරස් ගුණ ඇති සංයෝගයක් වන ෂිකිමික් අම්ලය බහුල බැවින් ඔබේ ආහාර වේලෙහි ජනප්‍රිය කුළුබඩු, අසමෝදගම් ඇතුළත් කිරීම ප්රයෝජනවත්ය.
2. ලෙක්ටින්
ලීක්ස්, සුදුලූනු, ලූනු, කොස්, කෙසෙල්, රටකජු, බෝංචි, තිරිඟු වැනි ධාන්‍යවල ඇති ග්ලයිකොප්‍රෝටීන, අන්තර්ක්‍රියා කිරීමෙන් වෛරස් අපගේ සෛලවලට ආසාදනය වීම වළක්වයි.
3. සින්ක් සහ ක්වෙර්සෙටින්
වට්ටක්කා ඇට, කළු බෝංචි, කජු, චෙඩාර් චීස්, මුහුදු බෙල්ලන්, බීට්, ගම්මිරිස් වැනි දෑ. සින්ක් විසින් කොරෝනා වයිරස් ආර්එන්ඒ පොලිමරේස් ක්‍රියාකාරිත්වය වළක්වන බවත් වෛරස් ආර්එන්ඒ ප්රතිවර්තනය අවහිර කරන බවත් වෛරස් අධ්‍යයනවලින් පෙනී යයි. එබැවින් වෛරස් ආසාදන හා රෝගවලට එරෙහිව සටන් කිරීමට සින්ක් සහිත ආහාර ගැනීම ප්‍රයෝජනවත් වේ.
4. විටමින් සී
දොඩම්, ලෙමන්, මිදි, දෙහි, බීට්රූට්, පැපොල්, අමු මිරිස්, බතල, ස්ට්‍රෝබෙරි, බ්රොකොලී, අබ, නිවිති, විටමින් සී. විටමින් සී යනු ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ශක්තිමත් හා ඵලදායී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට සහාය වේ. එය සියල්ලන්ගේම විශාලතම ප්‍රතිශක්තීකරණ බූස්ටරයකි.
5. විටමින් ඩී
ශ්වසන පද්ධති ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා. මාළු, හතු, බිත්තර කහ මද, චීස්.
6. ශාකමය ආහාර
කජු, වට්ටක්කා ඇට, කොමඩු ඇට, කොස් ඇට, මුං ඇට, කඩල, කවුපි, සෝයා, රට කජු, අල වර්ග, පලා වර්ග සහ කොස් දෙල් වැනි ශාකමය ආහාරවල ඇති ප්‍රතිඔක්සිකාරක ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු වේ.
7. මේදය
ඔලිව් තෙල්, අලිගැට පේර, බලයා, කෙලවල්ලා, ඇටවල්ලා, අල ගොඩුවාවල ඇති ඔමේගා 3 මේද අම්ල අපේ සිරුර තුළ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් වළක්වමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.