PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් බේකරි රෙස්ටුරන්ට් 6ක්.

1. The Brown Bean Coffee

අපේ චතු තමයි මේ අපූරු ප්ලේස් එක ගැන මේ විදියට කියන්නෙ..

“අපි ගත්තා රෝස්පාන් එග් සැන්ඩ්විච් එකයි (රු. 180), ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි (රු. 500). රෝස්පාන් එග් සැන්ඩ්විච් එක උණු උණුවෙ මේසෙට ආවෙ. ඇතුළට බැදපු බිත්තරයක් එක්ක චීස්, පොල් සම්බෝල පුරවලා ටෝස්ට් කරලා. හරිම මෘදුයි. පොල් සම්බෝලෙ සැරත් හොඳට තියෙනවා. ඒකට චීස් රසයි, බිත්තරෙයි එකතු වෙලා එද්දී..?

ස්පයිසි චිකන් සබ්මැරීන් එකත් පංකාදුයි. සලාද කොළ, ගෝවා, මාළු මිරිස්, අමුමිරිස්, කැරට්, ලූනු එක්ක චිකන් තොගයක් මැද්දට දාලා. බන් එකත් ෆ්‍රෙෂ් ගතියට වගේම හොඳ සොෆ්ට් එකට. චිකන් ටිකත් තරමක් සැරයි. කොහොම වුනත් එකට නම් තව චීස් පොඩ්ඩක් එන්න ඔ්න.”

2. Tea Avenue

මෙනුව පිරෙන්න තියෙන්නෙ වොෆල්, සැන්ඩ්විච්, පැස්ටා, බර්ගර් වගේ කෑම. ඒ අතරට හොට් ඇන්ඩ් කූල් තේ, කෝපි, ෆෘට් ජූස් එහෙමත් තියෙනවා.

මෙයාලගෙ ඩබල් ඩෙකර් චිකන් බර්ගර් (රු. 1250) තඩි පැටි තුනක් එක්ක මේසෙට එන්නෙ. හැබැයි හොඳ මෘදු ගතියට හදපුවා. ලුණු, ගම්මිරිස් පදමත් පංකාදුවට තියෙන්න.. සලාද කොළ, තක්කාලි, අච්චාරු, ස්වීට් සෝස් එහෙමත් නූලට, තිතට, රසට! 

කොහොම වුනත් කටට රහටම සෙට් වෙන්නෙ හොට් මොසරැල්ලා ස්ටික්ස් (රු. 680) රන්වන් පාටට ගැඹුරු තෙලේ බැදපු, චීස් සහ කිරි රසත් තලු මැරෙන පදමට තියපු, ක්‍රන්චි ගතියෙන් අනූන..
ෂැහ්, හොට් සෝස් ටිකක් ගා ගත්තම? 

3. Tea Syndrome

ටොප් චිකන් ලොලිපොප් සෙට් එකක් රු. 375ට. කුළුබඩු සහ ස්වීට් සෝස් රස පදමට දාලා චිකන් වින්ග්ස් සහ තයිස් වලින් හදපු ලොලිපොප්.. ලී කූරක ගහලා, රස සුවඳ ගැලපෙන්න ග්‍රිල් කරලා එහෙම මේසෙට එන්නෙ ඈ..

ඒ වගේම තමයි මෙයාලගෙ චිකන් මයිට්ස් රු. 285යි. ඒවා ඇවිල්ලා මස් සහ මාමයිට් එකතු කරලා හදපු බෝල. ලුණු රස පදමට ගලපලා ස්මෝක් කරලා හදන්නෙ.

රු. 400ට හැදෙන මෙයාලගෙ සියබට්ටා සැන්ඩ්විච් එකත් නොම්මර එකයි. රස වෑහනෙ සීනී සම්බෝල සහ මස් බෝල වලින් පුරවලා හදන්නෙ. ඊටත් ඒක උණු උණුවෙ රස බලනකොට?

විශේෂයෙන්ම කියන්න ඔ්න මෙයාලගෙ කුකීස් එහෙමත් හරිම රසයි. චොකෝ චන්ක් මේනියා (රු. 145) කුකිය.. දිව නටවන සුලුයි හොඳේ..

4. Pink Platter

මේකත් චතූ‌ෙගෙම අත්දැකීමක්..

“අපි ගත්තා චීස් ඇන්ඩ් පොල් සම්බල් රෝස්ට් පාන් එකක්. රු. 230යි. හොඳ ෆ්‍රෙෂ් එකට, ගාණට ලුණු ඇඹුල්, සැර පදමට හදාපු පොල් සම්බෝලෙකින් පුරවලා.. හැබැයී.. චීස් නං දාලා තිබුණෙම නැති තරං! 

චිකන් සමෝසා පෝෂන් එක රු. 240යි. සමෝසා තුනක් එනවා. පුංචි වුණාට රස පංකාදුයි. හොඳ ක්‍රිස්පි ගතියයි. ඇතුළට දාල තිබුණ චිකන් ෆිලිං එකත් නොම්මර එකයි

චිකන් ෂවර්මා රු. 420යි. ගෝවා සහ චිකන් මික්ස් කරපු ෆිලිං එකකින් තමයි පුරවලා තිබ්බෙ. හොඳට සෝස් එහෙමත් දාලා. රැප් එකට තෙල් ගතියක් අල්ලලා තිබුණට ඒකෙ රස අතින් නම් අඩුවක් ඇත්තෙම නෑ.

බ්‍රවුනීස් රු. 290යි. පංකාදු ඩෙසට් එක. පෝෂන් එකට එන්නෙ නම් බ්‍රවුනි 2යි. හැබැයි හොඳ ගානට මෙලෙක් ගතිය තියෙන, පැණි රස වැඩිත් නැති, සයිස් එකෙනුත් ලොකු.. සුපිරි බ්‍රවුනි.

5. Lemon Drop Cafe

බ්ලූබෙරි පෑන්කේක්. රු. 400යි. බ්ලූබෙරි සිරප් දාලා තරමක් රස කරලා තිබ්බත්, ඩෙකරේෂන් එකට දාලා තිබ්බ බ්ලූ බෙරි නිසා තමයි හොඳ පෙනුමක් රස ඇවිල්ලා තිබුනෙ.

නටෙලා, ස්ට්‍රෝබෙරි සහ විප්ඩ් ක්‍රීම් වොෆ්ල් එක රු. 590යි. රන්වන් පාට තුනී වොෆල් සමඟ ස්ට්‍රෝබෙරි මදි නොකියන්න දාලා, විප්ඩ් ක්‍රීම් සහ නූටෙලා මික්ෂර් එකකුත් රස පදමට තවරලා.. රසයි කියන්නේ..! 

ලෙමන් ඩ්‍රොප් කැෆේ සැන්ඩ්විච් එක රු. 690යි. තරමක් ඝනකම්. රසත් අඩුයි. දාපු කුකුළු මස්වල කූල් එකවත් හරියට ගිහිල්ලා නෑ. හරිම සවුත්තුයි අප්පා..! 

6. Sindy's Patisserie

මේ කතාවත් චතූගෙන්මයි..

“අපි ගත්ත බේකන් ඇන්ඩ් එග් පේස්ට්‍රියයි (රු. 110) චිකන් පයි එකයි (රු. 120). හොඳට පෙනුමට ලොකුවට තිබුණට පේස්ට්ක ඇතුළේ නිකංම බේකන් පෙත්තකින් ඔතපු බිත්තර බාගයක් විතරයි තිබුණෙ. අඩුම ගානෙ ලුණු, ගම්මිරිස්වත් නෑ. හැබැයි චිකන් පයි එක නං ටිකක් හොඳ තත්ත්වයේ තිබුණා. ලූනු, කැරට් එහෙම මික්ස් කරපු හොඳ චිකන් ෆිලිං එකක් දාලා තමයි හදලා තිබ්බෙ.

මෙයාලගෙ චොක්ලට් ඉක්ලෙයාර් එක රු. 90යි. ඒක නං සුපිරි. ඒ හැරුනාම ඉක්ලෙයාර්, කප් කේක්, චීස් කේක් වගේ පංකාදු ඩෙසට් ටිකකුත් තියෙනවා.”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide