චොකලට් කිරි සහ විස්කෝතු වගේම කුඩා යෝගට් කෝප්පත් ලංකාවේ හරිම ජනප්‍රියයි. ඒවා ඕනැ කඩේක තිබෙනවා. ඒ සමග දෙන කුඩා හැන්දෙන් කෙළින්ම කන්නයි මේවා එන්නේ. මෙහි ටිකක් අමුතු කාරණයක් තිබෙනවා. රසකාරක නොයෙදූ ඒවා තමයි වඩාත් ජනප්‍රිය. ඉතින් ඔන්න අපි කාලා බැලුවා යෝගට් වර්ග පහක්ම හොඳ නරක දැනගන්න.
හයිලන්ඩ්
හයිලන්ඩ් යෝගට් ටිකක් දිය ගතියයි. මොළොක්. ඒත්, එහි උකුබවහොඳයි. එහි ඇලෙනසුළු ගතියක් නැහැ. ඒත්, එය ටිකක් කම්මැලි යෝගට් එකක්, එහි රසයන් දුබල නිසා. ඒ නිසා අපි විශේෂයෙන් මේවා සොයා යන්නේ නැහැ.
★★☆☆☆ 2.5/5 රු. 30 (ග්‍රෑම් 90)
කොත්මලේ
මේ යෝගට් වර්ගය හොඳ නැහැ. එය හරියට අපේ මයිලෝ අභියෝගයේ රිච්ලයිෆ් කිරි වගේ. අපට හිතුණා එය නරක් වෙලාද කියලාත්. එය ඒ තරම්ම ඇඹුලයි. උකු වැඩියි. හයි වෙලා වැඩියි. කොත්මලේට අපි කැමතියි, ඔවුන්ගේ හොඳ චීස් නිසා. ඒත් මේ යෝගට් නම් හොඳ නැහැ.
★☆☆☆☆ 1/5 රු. 30 (ග්‍රෑම් 80)
නිව්ඩේල්
නිව්ඩේල් කියන්නේ හොඳ, සෞඛ්යාරක්ෂිත සාමාන්‍ය යෝගට් එකක්. උකුබව හොඳයි. අධික තද හෝ ජෙලටින් ගතියක් නැහැ. පුංචි වැනිලා රසකුත් මුසු කරලා. විස්මිත යෝගට් වර්ගයක් නොවුණත් බලාපොරොත්තු සුන්කරන්නේ නැහැ.
★★★☆☆ 3/5 රු.45 (ග්‍රෑම් 80)
අඹේවෙල
අපි මෙයට කැමතියි. අඹේවෙල යෝගට් විශිෂ්ටයි. අනෙක් වර්ගවලට වඩා ගොඩක් හොඳ නිසා ඒ තමයි පැහැදිලිවම ජයග්‍රාහකයා. එය හොඳට උකුයි. එය මම කැමති අඩු ජෙලි ගතියෙන් යුතුව සවිකරලා. කිරිසාරයි. මෘදුයි. රසත් කදිමයි. පැණිරසත්, ඇඹුල්රසත් ගානට.
★★★★☆ 4.5/5 රු. 30 (ග්‍රෑම් 80)
ලකි
ලකි යෝගට් එක්ක පුංචි, හුරුබුහුටි පැණිමුලකුත් ලැබුණා. ඒත්, යෝගට්වලින් මට දැනුණේ බාබර් සාප්පු සුවඳක්. එහි අප්‍රසන්න රස වහන්න පැණිමුලටත් බැරිවුණා. .
★★☆☆☆ 2/5 රු. 35 (ග්‍රෑම් 80)
මිළ
වර්ගය | මිළ රු. |
ප්‍රමාණය ග්‍රෑම් |
ග්‍රෑම් මිළg |
හයිලන්ඩ් | 30 | 90 | 0.33 |
කොත්මලේ | 30 | 80 | 0.58 |
නිව්ඩේල් | 30 | 80 | 0.58 |
අඹේවෙල | 30 | 80 | 0.58 |
ලකී | 35 | 80 | 0.44 |
නිගමනය
2.නිව්ඩේල්
3.හයිලන්ඩ්
4.ලකී
5.කොත්මලේ
විස්කෝතු අභියෝගයේදී වගේ නොවෙයි. මේ යෝගට් අතර වෙනස කියන්න හරි ලේසියි. උකු ගතියේත්, රසයේත් පැහැදිලි වෙනස්කම් තිබුණා. අඹේවෙල පහසු ජයග්‍රාහකයෙක්. නිව්ඩේල් සහ හයිලන්ඩ් වුණත් නරක නැහැ. ඒත්, ලකී හා කොත්මලේ නම් අපි නිර්දේශ කරන්නේම නැහැ.