ඔබ මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිවී ඇත් දැයි දැනගැනීමට
tiny.cc/slvoters වෙත පිවිසෙන්න.
This post is also available in English.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඡන්ද පත්‍රිකාව නිවැරදිව ලකුණු කරන්නේ කෙසේදැයි උපදෙස් ලබා දෙයි:
(උපුටාගැනීම NewsFirst ෆේස්බුක් පිටුවෙන්)
ඡන්දය ප්‍රකාශ කිරීම අගෝස්තු මස 17 වැනි සඳුදා පෙ.ව. 7 සිට ප.ව. 4 දක්වා සිදුකළ හැකි අතර ප්‍රථම ප්‍රතිඵල එදිනම රාත්‍රියේ නිකුත් වනු ඇත.
ප්‍රතිඵල සහ පුවත් සඳහා “”ට්විටර්”” සමාජ ජාලය ඉතා යෝග්‍ය ස්ථානයක්.
#GenElecSL හෑශ්ටැගය භාවිත කරන්න.
පාර්ලිමේන්තුව තෝරා පත්කරගන්නා ආකාරය පිලිබඳව පහත රූපයෙන් දක්වා ඇත:
දිස්ත්‍රික්කයක පක්ෂයකට හිමි ආසන සංඛ්‍යාව ඔවුන්ට හිමි මුළු ඡන්ද ගණනින් තීරණය වන අතර, එම ආසන හිමිවන අපේක්ෂකයා
මනාප මගින් තීරණය වේ. මීට අමතරව මන්ත්‍රීන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුව හරහා තේරී පත්වනු ඇත.
සියල්ල අවසානයේ ඔබට දම්පැහැ සුළඟිල්ලක් සහ නිදි වර්ජිතව ප්‍රතිඵල නැරඹීමට අවස්ථාවක් හිමිවනු ඇත. මෙය සාමකාමී හා
නිදහස් මැතිවරණයක් වනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.