‘යමු’ මහා ලම්ප්රයිස් රසවිඳුමක් කළා, ලම්ප්රයිස් මුල් හයක් සමග. එයින් දිනුවේ ලන්දේසි බර්ගර් සංගමය. ඒත් අපි සොයාගතහැකි හැම ලම්ප්රයිස් පිරිනැමුමක්ම රසවිඳ බැලුවේ නැහැ. අපට මගහැරුණු තැනක් තමයි, Fab. අපි එහි ලම්ප්රයිස් මේ සතිඅන්තයේ රසවින්දා. එය හොඳයි.
ලම්ප්රයිස් නමින් විකුණනු ලබන එක, එක දේ තිබෙනවා. ඒත්, කීපයක් පමණයි, අව්‍යාජ ලම්ප්රයිස් වන්නේ. මිශ්‍ර මස් හොද්ද, මස් තැම්බූ ස්ටොක් වතුරෙන් තැම්බූ බත හා බ්ලැචන් හෙවත් ඉස්සන් තලපය වැනි සියුම් විස්තර බොහොමයක් ලම්ප්රයිස්වල නැහැ. කෙසෙල් කොළයක එතූ හොඳ බත් හා ව්‍යංජන පාර්සලයක් වූ පමණින් එය ලම්ප්රයිස් වන්නේ නැහැ.
මිශ්‍ර මස් හොද්ද වෙනුවට චිකන් යොදා තිබුණත්, ෆැබ්හි ලම්ප්රයිස් තරමක් හොඳයි. මස් තැම්බූ ස්ටොක් වතුරෙන් බත පිසලා. වම්බටු මෝජුවත්, සීනි සම්බලත්, ඉස්සන් තලපයත් දිව පිනවනවා. එය සමස්තයක් ලෙස හොඳයි. අපට මිළ අමතකයි. ඒත්, මට මතක හැටියට එය රු. 350 ආසන්නයේ.
මිළ අමතක කිරීම හා මුල් රසවිඳුමට ෆැබ්හි ලම්ප්රයිස් එකතුකරන්න බැරිවීම ගැන අපේ කණගාටුව.