Power cut වෙලාවට අහන්න, අන්ධකාරය ගැන කියැවෙන සිංදු 6 ක්.

By Yesha Fernando

1. Light Na (ලයිට් නෑ) – Kavindu Kariyawasam

ලයිට් නෑ කොහේවත් ලයිට් නෑ
ගෑස් නෑ පුපුරන්නවත් ගෑස් නෑ
ඩොලර් නෑ.. යකෝ ලංකාවට ඇපත් නෑ
ලයිට් නෑ ඕයි එකපාරම ලයිට් නෑ
අපි හාමු ඉතිං එකදිගටම හාමු ඉතිං…


මේක රටේ පවතින වර්තමාන තත්වය වගේම 70 වසරකට අධික පක්ෂ දේශපාලනය රටට සහ අපට කළ විනාශය ලෙසටම කියන සිංදුවක්. Kavindu Kariyawasam විසින්ම පද සහ සංගීතය නිර්මාණය කොට ඔහුම ගායනා කරන මේ අපූරු ගීතයේ හාස්‍ය වගේම ඊට යටින් දිවෙන ඇඩෙන යතාර්ථයත් අපූරුවට ගැබ් වෙලා තියෙනවා. 2021 දෙසැම්බර් මාසේ release වුණත් හරිම අපූරු ගීතයක් වුණත් “කසඩ, කසඩ” ගාල beat එක වදින bus TV  සිංදු වලට තරම්වත් මිනිස්සු මෙහෙව් කාලීන සිංදු වලට උනන්දුවක් දක්වලා නැති බවක් තමයි පේන්නේ. හැබැයි මේක ඔයා ඉල්ලන් දාගත්ත කළුවරේ ඉන්න ගමන් අහන්නම ඕනේ සිංදුවක් කියලා ටක්කෙටම කියන්න පුළුවන්.  ඊට පස්සේ හෙමීට කල්පනා කරලා බලන්නකො ඇයි අපි කළුවරේ ඉන්නේ, අපි ඇත්තටම ඒකට සුදුසුද නැද්ද කියලා.

2. කළුවර – Sajitha Anthoney

වෙස් තට්ටට උඩින් වරෙන්
අයිලෙ යටින් රිංගා වරෙන්
මේ කප අරගන්ඩ වරෙන්
නාග දරණ ඔඩ්ඩි යස්සනී
කළුවර… කළු දෙයියෝ
මල්වර… මල් දෙයියෝ


මේක මේ  විටත් සෑහෙන Youtube views ගණනක් තියෙන singing සහ dancing reality show වල නැතුවම බැරි ගීතයක්. මෙහි කියන්නේ අපේ ජනප්‍රවාදයක් සහ එහිම සබඳතාවන් සහිත වර්තමාන ලෝකයේ අදට පවා සිදුවෙමින් පවතින ඛේදවාචකයක් පිළිබඳවයි. කළුවරේ ගැහැනුන් ගේ ලෙයට ආශාවෙන් පැමිණෙන කළු කුමාර කතාව තමයි මේකට පාදක වෙලා තියෙන්නේ. කොහොමවුණත් ටිකක් ලද බොළඳ ගෑනු ළමයි නම් කළුවරේ ඉඳන් නොබැලුවට කමක් නැති ජාතියේ Video වක් එහෙම සහිත මේ ගීතය කළුවර හා බැඳුනු උසස් රසයක් සහිත ගීතයක්  

3. සැදෑ කළුවර කුර ගගා විත් – Nanda Malani

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අදුර පමණක් රජ වෙලා……..

මේකෙනම් කියන්නේ ඉතිං දවසක ස්වභාවික අඳුර හා ඒ හා බැඳී එන විරහවේ ශෝකය ගැන. නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ ගීතය ඇත්තටම වැඩක් කරගන්නත් power cut වෙලාවට මුල්ලක් අල්ලන් මනෝ පාරක් ගහන් අහන්න හොඳම ගීතයක්. හදවත සන්සුන් කරන සංගීතයකින් පෝෂණය වුනු මේ පද මාලාව නන්දා මාලනියගේ හඬින් ගැයෙද්දී මෙච්චර වෙලා අඳුරට සාප කර කර හිටපු ඔබට අඳුර වුනත් ලස්සනට විඳින්න පුළුවන් කියලා දැනෙන්න ගනීවි. කොහොමවුණත් නෝනා ළඟ ඉන්න වෙලාවක නම් මූඩ් ගහගෙන ඔය සිංදුව අහන්න යන්න එපා “දැන් කාගේ පැල්පත ද ඔය දුරස් වෙලා තියෙන්නේ” කියලා අනිවාර්යෙන් අහයි.

4. “Power Cut” by Paul McCartney

There may be a powercut
And the candles burn down low
But something inside of me
Says the bad news isn’t so

I may never tell you
But baby you should know
There may be a miracle
And baby I love you so


ඔබ classic ඉංග්‍රීසි ගීත රසිකයෙක් නම් power cut වෙලාවට එක තැනක වාඩි වෙලා ඉන්න ගමන් අහන්න හොඳ සිංදුවක් තමයි මේ Paul McCartney ගේ Power Cut ගීතය. සමහරවිට power cut එකක් ඇවිත් ඉටිපන්දම් එළි දැල්වෙන්න පුළුවන් වෙලාවක හදවතේ ගොලු වෙලා තියෙන ආදර හැඟීමක් ගැන කියන මේ ගීතය අපිව කෙළින්ම අරගෙන යන්නේ 70 දශකයට. ඒ සංගීතයේ පවා තියෙන්නේ නත්තල වගේ හැඟීමක් ගේන ඒ අපුරු පැරණි ඉංග්‍රීසි ගීත නොස්ටැල්ජියාව.

5. අඳුර අඳුර මගේ – Priya Sooriyasena

අඳුර අඳුර මගේ – සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා….තනිකර එළියේ…
පෙම් එළි විහිදා – නිවා දැමූ පසු..
දුන් නෙත් පීඩා….දනිමී පෙරදා..
සදාකාලිකය – අඳුරේ රැජිනිය..

සිංහල ගීතයේ ලයාන්විත ගී හඬ, කලක් කැසට් පට ලෝකයට නැතිවම බැරි වූ ගායකයෙක් වන ප්‍රියා සූරියසේන ගයන මේ ගීතය එදා මෙදා තුර අතිශය ජනප්‍රිය ගීතයක්. මෙහි කියවෙන්නේ කළුවරට පෙම්බඳින පෙම්වතෙකුගේ ආයාචනයක්. වරක් ප්‍රේමයෙන් හිත බිඳී අඳුර හා තනිව දුක බෙදාගත් ඔහුගේ ජිවිතයට නැවතත් නව ප්‍රේමයක ආලෝකයක් එබෙමින් තිබුණත් සැමදා ළඟ සිටි අඳුරට ඔහු හැරදා නොයන ලෙස ගැයෙන මේ ගීය ඔයාලටත් ඔය කළුවරේ ඉන්න ගමන් මුමුණ මුමුණ ඉන්න හොඳ ගීතයක්.

6. සඳකැන් වැසිලා අඳුරේ වෙළිලා – Victor Rathnayake

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී


ගීත රචනා අතර අග්‍රගන්‍ය ගීත රචනාවන්ගේ හිමිකරු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා ගායනයෙන් ලාංකේය ගීත ක්‍ෂේත්‍රයට දායාද වූ කිසිදා ජනප්‍රියත්වය අඩු නොවූ මේ ගීතයද අඳුර හා බැඳුනු ප්‍රේමයේ ශෝකය ගැන කියැවෙන්නක්. පරපුරෙන් පරපුරට පෙම්වතුන් අතින් ගිලිහී නොගිය, සෑම ගායන reality තරඟයකම නොවරදවා ගැයෙන මේ ගීය මිහිරි ශෝකයක් ජනිත කරනවනවා. කෙසේවෙතත් මෙය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පෞද්ගලික ජීවිතය හා බැඳුනක් බව පවසමින් ගෙතී ඇති කුණු රසයන්ගෙන් යුත් බොරු වලින් මනස පුරවා නොගෙන සැබෑ සංගීතලෝලී හැඟීමෙන් විදින්නේනම් මෙය කළුවරේ පවා ඔබගේ හදවතේ ආලෝකයක් ඇති කරවන තරම් මිහිරි ගීතයක්. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide