ගෙදර කුස්සියෙන් අපේ මේසෙට; ගෙදර හදපු කෑම අපේ අත ළඟට ම ගෙනැල්ලා දෙන හෝම්චෙෆ්ලා 9ක්.

“හප්පේ! අද නම් උයන්න කම්මැලියි"

හැමදාම නැතත්, ඉඳලා හිටලා හරි මෙහෙම හිතෙන දවසක් ඔයාලටත් ඇති. එහෙම හිතුන ගොඩක් වෙලාවට අපි කරන්නේ කොහේ හරි රෙස්ටෝරන්ට් එකකින් කන එක. එහෙමත් නැත්තන් කෑම ඩිලිවර් කරගන්න එක. ඕවයින් ඉතින් ගෙදර හදන කෑමවල රස ගන්න අමාරු බව හැබෑව. ඒ වුණාට, දැන් ඒකටත් විකල්පයක් තියෙනවා. මෑතකදී අපි කරලා තියෙන රිවිව් දිහා බැලුව ම, අපට තේරුණු දෙයක් තමයි ගෙදර ඉඳන් කෑම හදලා ඩිලිවරි කරන හෝම්චෙෆ්ලා බර තොගයක් මේ වෙද්දී කොළඹ අවට ඉන්නවා’ය කියන එක. අන්න ඒ වගේ රසට කෑම හදන දහදෙනෙක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ. ඊළඟ දවසේ උයන්න කම්මැලිකමක් ආවොත්, මේ අයගෙන් කෙනෙක්ට කතා කරලා බලන්නකෝ.

1. Kahabath Gedara

කහබතක් කිව්වම අපට මතක් වෙන්නේ ඔය ගෙදරට විශේෂ කෙනෙක් ආව ම හදලා දෙන කහපාට ෆ්‍රයිඩ් රයිස් එකක්නේ. චිකන් කරියකුයි තව මොනවහරියි එක්ක ඕක මේසෙට ඇරියා ම ඉතින් හරි ම ඔපේ. කහබත් ගෙදර හැදෙන කහබතෙත් මේ ඔපේ විතරක් නෙවෙයි, රසත් අඩුවක් නැතුව ම තියෙනවා. චිකන් (රු.380), මාළු ඇඹුල් තියල් (රු.380), ඉස්සෝ කරිත් (රු.450) එක්ක මේ බත් පැකට් ගන්න ඇහැකි. මස්, මාළු හැරුණා ම තව කරි දෙක තුනක්වත් මේ බත් පැකට් එකේ දැකගන්න ලැබෙනවා. හැබැයි අඩු ම තරමේ පැකට් හතරක්වත් ඕඩර් කරන්න ඕනේ. නැත්තන් සවාන් විදියටත් ගන්න පුළුවන්. බත් හැරුණා ම, පිලාවු, චොකලට් බිස්කට් පුඩින්, අයිස්ඩ් කොෆී එහෙමත් මේ කට්ටිගෙන් ගන්න ඇහැකි. ඩිලිවරි ඕනේ නම් එහෙමයි, ටේක් අවේ නම් ඒත් එහෙමයි. කොයිකට වුණත් මෙන්න මේ නොම්මරේට කතා කරලා බලන්නකෝ එහෙනම්; 0777862672. දවල් කෑම ඕඩර් කරනවානම් එදා උදේ 9ට කලින් කියන්න ඕනේ. රෑ කෑමක් නම් හවස 3ට කලින් කිව්වත් ඇති.

2. The Leaf Lamprais

මේ කට්ටිය දැනමුතුකම් දරන්නේ ලම්ප්‍රයිස්වලට. ට්‍රැඩිෂනල් විදියට, හොඳට හදන මේ ලම්ප්‍රයිස් එකක් රු.375ක් වගේ තමයි වෙන්නේ. චිකන් ස්ටොක් එකෙන් තැම්බිලා එන රසත් එක්ක හැදෙන මේ ලම්ප්‍රයිස් එකේ රස දෙගුණ වෙන්නේ ඒකට ලැබෙන වම්බටු පැහිය, අළු කෙසෙල්, සීනි සම්බල්, සහ කට්ලට් හැඩේ ගත්ත ෆ්‍රිකැඩල්මස්වලින්. වෙජි කට්ටියට තියෙනවා වෙනම ලම්ප්‍රයිස් එකක්. එහෙම නැති අයට මික්ස්ඩ් මීට්, චිකන් ලම්ප්‍රයිස්වල රස බලන්න පුළුවන්. එක ම අවුල දවස් දෙකකට වගේ කලින් ඕඩර් එක දාන්න වෙන එක තමයි. හැබැයි අපේ චන්දන කියන්නේ නම් මේකට දවස් දෙකක් බලාගෙන හිටියට පාඩුවක් නැහැ කියලයි. මේ නොම්මරේට කතා කරොත් මේ ගැන වැඩි විස්තර අහගන්න පුළුවන් වෙයි; 0702318322.  

3. Jay's Kitchen

මුළු මෙනුවට ම තියෙන්නේ අයිටම් පහයි, ඩෙසර්ට් දෙකයි. හැබැයි සේරම එක වගේ රසයි. හැබැයි දවල් බතට බත් කන්න බලාගෙන ඉන්න කෙනෙක්ට නම් මේ කට්ටියව සමහර විට හරි යන එකක් නැහැ. මොකද බතක් විදියට තියෙන්නේ වොක් ෆ්‍රයිඩ් රයිස් එකක් විතරයි. ඒ වුණාට බලන්න එපෑයැ ජේ’ස් කිචන් එකේ ස්ටිකි පෝක් රිබ්වලයි (රු.900), ස්ලොපි චිකන් ඇන්ඩ් මෑෂ්වලයි(රු.700) තියෙන රස. පෝක් රිබ්ස් බාබෙකියු සෝස්වලින් නෑවිලා. ස්ලොපි චිකන් එකත් නියමෙට මැරිනෙට් වෙලා. ගණන්වල හැටියට නම් හැමදාම කන්න අමාරු වෙයි. ඒත් ඉඳලා හිටලා හරි රස බලන්න හිතුනොත්, මෙන්න මේ නොම්මරේට කෝල් එකක් ගන්නකො; 0773980433. මතක ඇතුව පැය 24කට කලින් ඕඩර් එක දාන්න හොඳද.

4. Fit Meals

ඇඟ ෆිට් කරගැනිල්ල කෙසේ වෙතත්, අපේ සමහරුන්ට නම් ජිම් කියන්නේ පොෂ් වෙන්න දාන කැටයමක්. එක්සර්සයිස් කිරිල්ල කෙසේ වෙතත්, ජිම් එකේ තියෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ෆොටෝ එකක් දාන්න මේ කට්ටිය අමතක නොකරන්නේ ඒකනේ. හරි හරි, ඒ කතාවෙන් වැඩක් නැහැ. ව්‍යායාම කරත් නොකරත්, සෞඛ්‍යමත් (හෙල්දි) විදියට කන එක අපි කාටකාට වුණත් හොඳයි. අන්න ඒ වගේ හෙල්දි විදියට කන අයට ගැලපෙන කෑම ටිකක් හදලා ගෙදරට ම ඩිලිවර් කරන කාණ්ඩයක් විදියට ෆිට් මීල්ස් හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කෑම වේලක් රුපියල් 700ක් වගේ වෙනවා. ඒ ඒ සතියට තියෙන කෑම ගැන මේ කට්ටියගේ ඉන්ස්ටග්‍රෑම් පේජ් එකෙන් බලාගන්න පුළුවන්. ඕඩර් කරනවා නම් 0773938587 කියන නොම්මරයට කතා කරන්න ඕනේ.

5. Bella's Kitchen

රතු ඉර වදින්න කලින් ඔෆිස් එකට දුවන අපේ උදවියට, උදේ කෑම වේලක් කියලා එකක් නැති තරම්. ඔහේ අතට අහුවෙන එකක් කටට දාගෙන දිව්වට මොකද, උදේ කෑම කියන්නේ අනිත් කෑම වේල් සේරට ම වඩා වැදගත් එකක්නේ. බෙලා’ස් කිචන් කියන්නේ උදේ කෑම හදලා ඔෆිස් එකට ම ගෙනල්ලා දෙන හෝම්චෙෆ් කෙනෙක්. මෙයාලගේ නොම්මරේට (0773070707) කෝල් කරලා, එහෙම නැත්නම් ෆේස්බුක් මැසේජ් එකක් හරි ඊමේල් එකක් හරි දාලා ඔයාටත් කෑම ඕන කියල කීවම එයාලා ඔයාට පොඩි එක්සෙල් ෂීට් එකක් එවනවා. ඊටපස්සේ දවස් පහට ඕන කෑම පහ මාක්කරලා මේ එක්සෙල් ශීට් එක එයාලට යවන්න ඕනේ. උදේ 7.00-8.30 වෙනකොට ඔයාගෙ තැනට කෑම එක ලැබෙනවා. සතියටම සල්ලි පළවෙනි දවසෙ දෙන්න ඕන. සැන්විච් සහ ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆස්ට් තමයි මෙයාලගේ මෙනුවේ තියෙන්නේ. හැබැයි මේ හැම සැන්විච් එක ම එක වගේ රසයි කිව්වොත් නම් අලි බොරුවක්. ඒ වුණාට බෙලා’ස් කිචන් එකේ “පෙපර් බීෆ්”, “ක්‍රවුන්ඩ් චිකන්”, “රෝස්ට් චිකන් විත් මස්ටඩ් ඇන්ඩ් චිලි” සැන්විච් ටික නම් රසයි.

6. Ammi's Meaty Delights

කොහොමින් කොහොමහරි දඟලලා කරලා, ගෙදර බතක් හදාගත්තයි කියමුකෝ. ඒකත් එක්ක කන්න හොද්දක්, මාළුවක් හදාගන්න ගියාම තමයි කට්ටියට අර කම්මැලිකම් ආයේ එන්නේ. ඔන්න ඔය වෙලාවට තමයි අම්මි’ස් මීටි ඩිලයිට්ස් එක මතක් කරගන්න ඕනේ. මේ කට්ටිය හදන්නේ මස්, මාළු කරි වර්ග. රුපියල් 500 වගේ ගාණක ඉඳලා ඉහළට මේවයේ මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි ඒ ගෙවන හැම සතේට ම වටිනාකම ලැබෙන විදියේ රසක් මේ කරිවල තියෙනවා. මොකද එක පෝෂන් එකක් පස්දෙනෙක්ට වුණත් ඇතිනේ. 0775899995 නොම්මරයට කතා කරලා බැලුවොත් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.

7. My Sister's Kitchen

කටට රහට හදාපු ජැෆ්නා ස්ටයිල් එකේ ක්‍රැබ් කරියක් කන්න ආසද? නැත්තන් මාළු කරියක්? එහෙනම් මෙන්න මේ නොම්මරෙන් මයි සිස්ටර්’ස් කිචන් එකට කෝල් එකක් දෙන්නකෝ; 0773017515. හැබැයි අඩුම තරමේ කිලෝ එකක්වත් ඕඩරයක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේවයේ ගණන් රුපියල් 1500 – 2500 වගේ අතරේ වෙනවා. ඒ වගේ ම ඕඩරයක් දානවනම් පැය 24කට වගේ කලින් මේ කට්ටියට කතා කරලා කියන්නත් ඕනේ.

8. Classy Cuisine

රුපියල් 450ක් වගේ ගාණකට ගෙදරට ම බිරියානි එකක් ගෙනැල්ලා දෙනවනම්, කවුද එපා කියන්නේ? ක්ලැසී ක්විසින් කියන්නේ අන්න ඒ වගේ තැනක්. ඔරිජිනල් පකිස්තානි ටයිප් එකේ බිරියානි හදන මේ කට්ටියගෙන් කෑම ඇණවුම් කරද්දී, අඩුම තරමේ කෑම පැකට් හතරක්වත් තියෙන්න ඕනේ. බිරියානි හැරුණා ම, ට්‍රැඩිෂනල් විදියට හදපු ඉන්දියන් කරි වර්ග, ඩෙසර්ට් වර්ග විතරක් නෙවෙයි ලංකාවේ කරි වර්ගත් ක්ලැසී ක්විසින් එකේ හැදෙනවා. ඕවා සේරම ගැන අහගන්න මෙන්න මේ නොම්මරේට කතා කරන්නකෝ; 0752022339

9. Margie's Kitchen

ඔන්න තියෙනවා හොඳ ලුණු ඇඹුල් පදම දාලා හදපු බ්ලැක් පෝක් කරියක් කන්න සුපිරි තැනක්. මේකේ නම මාර්ගී’ස් කිචන්. ගල්කිස්සේ තමයි මෙයාලගේ ටේක් අවේ අවුට්ලට් එක තියෙන්නෙ. ඒ නැතත් ඩිලිවරිත් තියෙනවා. කරි වර්ග හැරුණා ම, හොඳ ෂෝර්ට් ඊට්ස් එහෙමත් මාර්ගී’ස් කිචන් එකේ හැදෙනවා. ඕවා සේරම ගැන දැනගන්න ඕනේ නම් ඔන්න නොම්මරේ; 0773507454.

තවත් ඔයාලා දන්න, මේ වගේ හෝම්චෙෆ්ලා ඉන්නවද? එහෙනම් ඔය ගමන් ම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide