ගෙදර ඉන්න මේ දවස්වල නෙට්ෆ්ලික්ස් ගිහින් බලන්න.. වෙනස් වෙනස් ඉංග්‍රීසි චිත්‍රපටි 10ක්!.

මේ දවස්වල කට්ටියට තියන ලොකු ම ප්‍රශ්නේ, ගෙදර ඉඳල කරන්න දෙයක් නැතිකම. ඉතින් ඔන්න අපි හිතුවා ඕගොල්ලන්ට බලන්න හොඳ ඉංග්‍රීසි චිත්‍රපටි දහයක් හඳුන්වල දෙන්න. මේවා අපි රැන්ඩම්ලි තෝරගත්ත, එකිනෙකට වෙනස්, විවිධ තේමාවලට අනුව හැදුණු, 2000 දශකයෙන් පස්සෙ රිලීස් වුණු චිත්‍රපටි. මේ හැම එකකට ම පොදු ගුණාංගය තමයි, ඔළුව අවුල් කරගන්නෙ නැතුව කූල් එකේ බලන්න පුළුවන් වීම.

ඒ වගේ ම, මේ ඔක්කොම ඕගොල්ලන්ට ලේසියෙන් ම නෙට්ෆ්ලික්ස් එකේ හොයාගන්න පුළුවන්.

Begin Again (2013)

සංගීතමය ෆිල්ම්ස්වලට කැමැති අයට හරි යන ෆිල්ම් එකක් තමයි බිගින් අගේන්. ජෝන් කානේ විසින් අධ්‍යක්ෂණය කරපු මේක මුලින් ම 2014 අවුරුද්දේ ජර්මනියෙදි තමයි රිලීස් කළේ. කඩා වැටෙමින් තියන රෙකෝඩ් ලේබල් එකක අයිතිකාරයෙකුට, පෙම්වතා හැර ගිය ගෑනු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑනු ළමයත් සංගීතයට සම්බන්ධයි. ඉතින් මේ දෙන්නා එකතු වෙලා අලුත් විදිහක ඇල්බම් එකක් නිර්මාණය කරන ආකාරය තමයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. ඒ අතරෙ එයාලගෙ පෞද්ගලික ජීවිතවල හැලහැප්පීම් සිද්ධ වෙන විදිහ සහ ඔවුන් ඒවාට මූණ දෙන විදිහත් දැකගන්න පුළුවන්.

The Social Network (2010)

සෝෂල් නෙට්වර්ක් කියපු ගමන් මුලින් ම මතක් වෙන්නේ ෆේස්බුක් නේ. ඔව්, මේ තමයි ෆේස්බුක් එකේ කතාව. මාක් සකර්බර්ග් සහ ඔහුගේ පන්ති සගයන් එකතු වෙලා ෆේස්බුක් ආරම්භ කරපු ආකාරය සහ ඒ ඔස්සේ පැන නැඟුණු ආන්දෝලනාත්මක සිද්ධි දාමයක් මෙයින් බලාගන්න පුළුවන්. 2010 වසරේ තිරගත වීම ඇරඹුණු මේක ඩේවිඩ් ෆින්චර්ගේ අධ්‍යක්ෂණයක්.

Earthquake Bird (2019)

මේක ටිකක් අමුතු කතාවක්. ටිකක් ස්ලෝ ෆිල්ම් එකක් වුණත් කුතුහලය උපරිමයි. අයිති වෙන්නේ සයිකොලොජිකල් ත්‍රිලර් ගණයට. වොෂ් වෙස්ට්මෝලන්ඩ් විසින් අධ්‍යක්ෂණය කෙරුණ මේ ෆිල්ම් එක 2019 තමයි රිලීස් වුණේ. එක්දාස් නමසිය අසූ ගණන්වල ජපානයේ හට ගත්ත තුන්කොන් ප්‍රේමයක අවසානය සිද්ධ වුණ ආකාරය ගැනයි ෆිල්ම් එක ගෙතිලා තියෙන්නේ. 

The Pursuit Of Happyness (2006)

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරන්නෙ අපි කවුරුත් ආදරේ කරන විල් ස්මිත් සහ ඔහුගේ පුතා ජේඩ්න් ස්මිත්. ගාබ්‍රියෙල් මචිනෝ අධ්‍යක්ෂණය කරපු මේකෙන් කියවෙන්නෙ, ඉන්න හිටින්න තැනක් පවා අහිමි වුණු තාත්තෙකුයි පුතෙකුයි ගෙනියන ජීවිත සටන ගැනයි. 2006 අවුරුද්දෙ රිලීස් වුණ මේ චිත්‍රපටියේ රංගනය වෙනුවෙන් විල් ස්මිත්, ඔස්කා සහ ගෝල්ඩන් ග්ලෝබ් හොඳ ම නළුවා සම්මානවලට නිර්දේශ වුණා.

Snowden (2016)

අහල තියනව නේද එඩ්වඩ් ස්නෝඩන් ගැන? ඇමරිකාවේ නැෂනල් සෙකියුරිටි ඒජන්සි එක අවසරයකින් තොරව සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික ජීවිතවලට එබී බලමින් ඉන්න බව ලෝකයට අනාවරණය කළේ ඔහු. ඔහුගේ අනාවරණය මහා ආන්දෝලනයකට තුඩු දුන්නා වගේ ම, ඔහුගේ ජීවිතය පවා අනතුරේ හෙළුවා. ඉතින් මේ සැබෑ එඩ්වඩ් ස්නෝඩන් ගැන කියවෙන චිත්‍රපටියට ඔලිවර් ස්ටෝන් අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ප්‍රදර්ශනය ඇරඹුණේ 2016 දි. 

Perks Of Being A Wallflower (2012)

2012 දි ප්‍රදර්ශනයට විවෘත වුණු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ ස්ටීවන් ච්බොස්කි. උසස් පාසලක ඉගෙනගන්න චාලි, ඔහුගේ ව්‍යාකූල මානසික ස්වභාවය තියෙද්දි ම මිතුරන් ඇති කරගන්න ආකාරය ගැනයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. ඕගොල්ලෝ ආදරේ කරන එමා වොට්සන් එහෙමත් රංගනයෙන් දායක වෙන නිසා මේක මඟ ඇරගන්න එපා.

To All The Boys I've Loved Before (2018)

මෑතකදි රිලීස් වුණ ජොලි ම, සැහැල්ලු ම ෆිල්ම් එකක්. 2018 රිලීස් වුණ මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස මේ අවුරුද්දේ නිකුත් වුණා. ටීන් රොමෑන්ස් ගණයට අයිති වෙන මේකේ ඇතුළත් වෙන්නේ පීටර් කැවින්ස්කි සහ ලාරා ජීන් අතර ඇති වෙන නව යොවුන් ආදර කතාව. අධ්‍යක්ෂණය කළේ සූසන් ජොන්සන්. ආරංචි විදිහට මේකේ තුන්වෙනි කොටසකුත් ඉදිරියේදි එන්න නියමිතයි. ඉතින් මතක ඇතුව කොටස් දෙක ම බලන්න.

Eternal Sunshine Of The Spotless Mind (2004)

තමන්ගේ කලින් ප්‍රේම සම්බන්ධයෙ මතකයන් වෛද්‍ය විද්‍යානුකූලව ඔළුවෙන් ඉවත් කරපු ජෝඩුවක්, නොදැනුවත්ව ම නැවතත් එකිනෙකා සමග ප්‍රේමයක පැටලීම ගැනයි මේ අමුතු කතාව. 2004 රිලීස් වුණ මේක අධ්‍යක්ෂණය කළේ මිචෙල් ගොන්ඩ්‍රි. විසි එක් වෙනි සියවසේ නිර්මාණය වුණු හොඳ ම ෆිල්ම්ස් අතරින් එකක් විදිහට විචාරකයන් මේක නම් කරනවා.

Into The Wild (2007)

ෂෝන් පෙන් විසින් අධ්‍යක්ෂණය කෙරුණ ඉන්ටු ද වයිල්ඩ්, ලෝකය පුරා සිනමාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණු සුප්‍රකට චිත්‍රපටියක්. ක්‍රිස්ටෝෆර් මැක්කැන්ඩ්ල්ස්ගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ මේක, නාගරික සැපපහසු ජීවිතය අතහැරලා ජීවිතේ සැබෑ සතුට හොයාගෙන වනගත වෙන්නෙකු ගැන කියැවෙන්නක්. රිලීස් වුණේ 2017 අවුරුද්දේ. මේක කිසිවෙක් අතපසු නොකළ යුතු ෆිල්ම් එකක් කියලයි විචාරකයන් කියන්නේ.

The Perfect Date (2019)

සුන්දර යොවුන් කාලය මතක් කරන අපූරු ෆිල්ම් එකක්, ද පර්ෆෙක්ට් ඩේට්. 2019 වසරේ රිලීස් වුණ මේක අධ්‍යක්ෂණය කළේ ක්‍රිස් නෙල්සන්. ඩේටිං ඇප් එකකින් ජීවිතය ජයගන්න හදන බ්රූක්ස් ගැන කියවෙන මේ ෆිල්ම් එකත් ටීන් රොමෑන්ස් ගණයට තමයි අයිති. To All the Boys I've Loved Before ෆිල්ම් එකේ ඉන්න නෝවා සෙන්ටිනියෝ ම තමයි මේකෙත් ප්‍රධාන චරිතයට පණ දෙන්නේ. ඉතින්, හිනා වෙවී කූල් එකේ බලන්න තමයි තියෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide