“”අවුරුදු මූඩ්”” එක සෙට් කරගන්න, මේ සිංදු 10 අමතක නොකර අහන්න!.

2017 සිංහල අළුත් අවුරුද්ද ලබන්න තියෙන්නේ තව පැය ගණනයි. දැන් කට්ටිය ගෙවල් දොරවල් එහෙම අස්පස් කරලා අළුත් අවුරුද්දට ලක ලෑස්ති වෙනවා ඇති නේද? ඒ විතරක් නෙවෙයි, කැවුම්, කොකිස් බැදෙන සුවඳටත් දැන්දැන් ඉව අල්ලනවා ඇති.  

ඉතින් මේ දවස්වල නිතර දෙවේලේ ඇහෙන, අපේ “අවුරුදු මූඩ්" එක සෙට් කරන සිංදු කීපයක් ගැන කතා කරන්න මේක හොඳ ම වෙලාව.

1. කිරි ඉතිරේවා

කිරි ඉතිරේවා නව වසරේ//

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ//

ෂහ්! ජෝතිපාල මහත්මයා ගායනා කරන මේ සිංදුවට අපේ කකුල් නැටවෙන්නේ නැහැ කිව්වොත්, ඒක බොරුවක්. ඒ තරම් ගැම්මක්, ප්‍රබෝධයක් මේකේ තියෙනවා. අලුත් අවුරුද්ද පටන්ගන්න ඕනේ හැම දෙයක් ම සුබ වෙන්න ඕනේ කියන හැඟීමත් එක්කනේ. මේ ගීතයේ ඒ කතාව හොඳින් ම ගැබ් වෙලා තියෙනවා.  

2. අවුරුදු ආවා

අවුරුදු ආවා නව අවුරුදු ආවා…//

බක් මාසේ මංගල්ලේ ආවා

එරබදු මල් පෙති අතු අග සැනැහේ

කාගෙත් සිත් තුළ සම්පත හිනැහේ

මේකත් කලින් සිංදුව වගේ ම තමයි. නිකමට හරි ඇහුණොත් උඩ පැනපැන නටන්න හිතෙන ගානයි. ගම්මැද්දේ අවුරුද්දේ තියෙන ලස්සන හරි අපූරුවට මේ ගීතයේ වචනවල තියෙනවා. මේ සිංදුව ගායනා කරන්නෙත් එච්. ආර්. ජෝතිපාල මහත්මයායි.

3. කොහෝ කොහෝ

කොහෝ… කොහෝ…

කොහේ ඉදන් කොහෝ කියනවදෝ

අපේ ගමෙ රබන් පදේ නුඹට ඇහෙනවදෝ

ඉස්සර ටීවී, රේඩියෝ තිබුණේ හරි අඩුවෙන්. ගොඩක් වෙලාවට මිනිස්සු අලුත් අවුරුද්ද ළඟ ළඟ ම එන වග දැනගත්තේ ගස් අතු උඩ ඉඳගෙන නාද කරන කොහාහේ කොහෝ සද්දෙන්. සුජාතා අත්තනායක මහත්මියත් එක්ක, සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන මේ ගීතයේත් ඒ ගැන සඳහන් වෙන්නේ ඒ කාලේ අලුත් අවුරුද්දේ හැටි අපට මතක් කරන්න වෙන්නැති.

4. ලන්දේ උකුල උඩ  

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි

එරබදු ඇහැ ඇරිලා අන්න සිනාසෙනවා

බක් මාසේ උදා වෙනකොට, අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙන්නේ අපි විතරක් නෙවෙයි. පරිසරයත් සූදානම් වෙන්නේ ලහිලහියේ. පරිසරයේ වෙන මේ වෙනස හොඳින් ම දැකගන්න ලැබෙන්නේ ගම්වල. රතු පාටින් එරබදු මල් පිපිලා, කජු ගස්වල කජු පුහුලන් ඉදිලා, අඹ අතුවල කොළ ගානට ම ගෙඩි පිරිලා; මෙන්න මේ වගේ වෙනස්කම්වලින් අලුත් අවුරුද්දේ තියෙන සෞභාග්‍යමත් බවත් නිරූපණය වෙනවා. කුමාරි මුණසිංහ මහත්මියයි, ජැක්සන් ඇන්තනී මහත්මයයි ගායනා කරන මේ ගීතයෙනුත් කියන්නේ ඒ කතාවයි.

5. මී අඹ අත්තේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ – දොළොස් මහේ මගුල් දොහේ

රබාන රත්වෙන නැකත් වෙලාවට – නළාව පිබහන් කොහෝ කොහෝ

1981 අවුරුද්දේ තිරගත වෙච්ච චංචල රේඛා චිත්‍රපටියට, අපේ සිනමාලෝලීන් එදා වගේ ම අදත් ආදරය කරනවා. මේ ගීතය චංචල රේඛා සිනමාපටයේ තියෙන එකක්. චිත්‍රපටිය නොබලපු කෙනෙක්ට පවා මේ වචන ටික ඇහෙද්දී ගාමිණි ෆොන්සේකා මහත්මයාගෙනුත්, නදීකා ගුණසේකර මහත්මියගෙනුත් හැඩවුණු රූප රාමු පෙළ මතකෙට එන්නේ ඉබේට ම. අලුත් අවුරුද්දේ ලස්සන විතරක් නෙවෙයි, අයියා නගෝ දෙන්නෙක්ගේ තියෙන සෙනෙහස, හිතවත්කම හරි ලස්සනට පිළිඹිබු කරන්න මේ ගීතයට පුළුවන් වුණා. මිල්ටන් මල්ලවාරච්චි, නීලා වික්‍රමසිංහ දෙපළ තමයි මේක ගායනා කළේ.

6. මේ අවුරුදු කාලේ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ

තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ

අලුත් අවුරුද්ද කියන්නේ කවුරු කවුරුත් සන්තෝසයෙන් ඉන්න කාලයක්. කොච්චර අගහිඟකම් තිබුණත්, කිරිබතක්, කැවුමක්, කොකිසක් හදන්න අපේ ගෙවල්වල ඈයෝ අමතක නොකරන්නේ ඒකනේ. සිංහල අවුරුද්ද දිහාට ම ඇහෙන රබන් පදවල තාලත් එකතු කරගෙන, ලයනල් රංවල මහත්මයා ඇතුළු කණ්ඩායම (දැන් රංවල බලකාය) අපට මේ මතක් කරන්නෙත් ඒ සතුට ගැන තමයි. රංවල කණ්ඩායමේ ගීතවලට එයාලගේ රංගනයෙන් ලැබෙන පිටිවහල ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ම ඕනේ.

7. කජු වාරේ  

කජු වාරේ..කජු වාරේ…එරබදු යායේ

කොහෝ කොහෝ නාදේ

ගමට කියන්නේ

අවුරුදු ඇවිදිල්ලා//

මේක අලුත් අවුරුද්ද ගැන කියන රංවල මහත්මයාගේ තවත් ගීතයක්. ටීවී, රේඩියෝවලින් අවුරුදු විකුණන්න කලින්, අපේ ස්වභාව ධර්මයෙන් ම අලුත් අවුරුදු එන බව කියන්නේ කොහොමද කියලා, මේ සිංදුවෙනුත් කියැවෙනවා.

රබන් පද කියන්නේ අලුත් අවුරුද්දේ අහන්න දකින්න ලැබෙන, අපට ම ආවේණික වෙච්ච දෙයක්. ඒවායේ තාල රංවල මහත්මයා ගීතයට ගළපන්නේ මෙන්න මේ විදියට.  

බුබුල් බුලත් මම ගත්තා – තුට්ටු දෙකට මං වික්කා

තුට්ටු දෙකට ගත්තු බුලත් – සල්ලි හතට මං වික්කා

වත්ත කතත් කතත්තා – ඉඩම කතත් කතත්තා

වත්ත කතත් ඉඩම කතත් – දෙකම කතත් කතත්තා

8. ඇවිල්ල ඇවිල්ලා  

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා

වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා

ඇහුණ ගමන් නටන්න කරටි කැඩෙනකම් නටන්න හිතෙන තවත් සිංදුවක් මේක. අලුත් අවුරුද්දට මිනිස්සු විතරක් නෙවෙයි, පරිසරයත් හරි හරියට ලෑස්ති වෙන විදිය මේකෙන් කියැවෙනවා. මොහිදීන් බෙග් මහත්මයා ගායනා කරපු මේ ගීතය අද ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඉෂාක් බෙග්ගේ හඬින්.

9. ඔළිඳ ළමිස්සී

ඔළිඳ පෙතයි පංච පෙතයි

ලමිස්සියෝ…

දෙපළ බෙදී ගණන් හදන

බක්මහ තරගේ ඇවිල්ලා

කෝනම තරගේ ඇවිල්ලා

අලුත් අවුරුද්දත් එක්ක බැඳුණු තවත් කාරණයක්නේ අපේ ජන ක්‍රීඩා කියන්නේ. ඔළිඳ කෙළිය, පංච කෙළිය, එළුවන් කෑම, පොර පොල්, අං ඇදීම ඕවායින් කීපයක්. ඉතින් මේ ජන ක්‍රීඩා ගැන අපට මතක් කරන්න, රංවල බලකායෙන් හදපු සිංදුවක් තමයි මේ. රූප රාමු එක්ක බැලුවොත්, ඔළිඳ කෙළියේ යෙදෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

10. ඔළිඳ කෙළින්නයි ආවේ

ඔළිඳ කෙළින්ටයි ආවේ – පෝරුව නෑ මෙහේ

කල්ලි කෙළින්ටයි ආවේ – කුට්ටා නෑ මෙහේ

පිළ ඇහිඳින්ටයි ආවේ – කවුරුත් නෑ මෙහේ

අත්තාපල් මුත්තාපල් – දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම්

පුළුවන් නම් හොයලා ගත් ගත් ගත්

කලින් සිංදු හැම එකෙන් ම ගමේ අවුරුදුවල ලස්සන ගැන කිව්වට, ඇත්ත ම තත්ත්වේ කියැවෙන්නේ මේකෙන් කියලයි මට නම් හිතෙන්නේ. මොකද ගොඩක් ගම්මාන දැන් නාගරීකරණය වේගෙනනේ එන්නේ. ඉස්සර වගේ අවුරුද්දට ඔළිඳ කෙළින්න, පංච දාන්න කෙල්ලෝ කොල්ලෝ දැන් ගම්වල නැහැ. ගොඩක් අය නැතිබැරිකම නිසා ම කොළඹ රස්සාවලට ඇවිදින්. ඒ නැත්තන් ඉගෙනගන්න ඇවිල්ලා. ඉතින් ඒ වෙනුවට අපේ ගම්බද ඈයොත් ඒරොප්පේ සෙල්ලන් බලන්න පුරුදු වෙලා. ඔන්න ඔය කතාව සිංදුවකට මේ විදියට ගැළපුවේ රංවල බලකායයි.

අපට මඟ හැරුණු තවත් අවුරුදු සිංදු තියෙනවනම්, දාන්නකෝ බලන්න කමෙන්ට් එකක්. ලින්ක් එකත් එක්කම දාන්න පුළුවන් නම් තවත් හොඳයි. අපේ යාළුවන්ට එතකොට ඒවත් අහන්න පුළුවන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide